( මනුල වික්‍රම)
මෙම මාසයේ සේවක වැටුප් ගෙවා ගැනිමට නොහැකි තරමට අනුරාධපුර මහ නගර සභාව මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පවසයි.
පවතින වසංගත රෝග තත්ත්වය හමුවේ ලැබිය යුතු ආදායම් අහිමිවීම ප්‍රධාන හේතුව වී තිබේ.
අනුරාධපුර මහ නගර සභාවේ වාර්ෂික ආදායමෙන් විශාලම කොටසක් සම්පූර්ණවන්නේ පොසොන් උත්සවය සංවිධානයෙනි. මෙම වසරේ පොසොන් ඇතුළු නගරයේ ප්‍රධාන උත්සව සියල්ලම අඩාලව තිබේ.
පොසොන් උත්සවයේ දී පමණක් ලබන සම්පූර්ණ ලාභය රුපියල් කෝටි 4ක් පමණ වේ.
රුපියල් කෝටි 65ක පමණ වාර්ෂික ආදායමක් නගර සභාව අපෙක්ෂා කරයි. එහෙත් වරිපනම් ඇතුළු සියලු අයකිරිම් මෙ වන විට නතර කිරීමට සෑම පළාත් පාලන ආයතනයකටම රජය දැනුම් දී තිබේ.
මහ නගර සභාවේ අරමුදලින් මාසිකව ගෙවන වැටුප ප්‍රමාණය රුපියල් ලක්ෂ 47ක් පමණ වන අතර රුපියල් ලක්ෂ 125ක් පමණ මධ්‍යම රජය මගින් ගෙවන ලබයි.
අනුරාධපුර මහ නගර සභාවේ සම්පූර්ණ සේවක සංඛ්‍යාව 600ක් වන අතර ස්ථිර සේවක සංඛ්‍යව 200කි. ස්ථිර සේවකයින්ට හා මන්ත්‍රි දීමනා ගෙවනු ලබන්නේ මධ්‍යම රජය මගිනි.
තවත් ලක්ෂ 27ක් පමණ අතිකාල දිමනා වශයෙන් නගර සභාවෙන් ගෙවීමට ද සිදුවේ. ඉකුත් පෙබරවාරී මාසයේ සිට අතිකාල දිමනා ගෙවීම නතරව තිබේ.
අතිකාල දිමනා නොගෙවන බැවින ලබන් මාසයේ සිට අනියම් සේවකයින් වැඩට නොපැමිණෙ න බව ද විජේසිංහ මහතා පැවැසුවේ ය.
COMMENTS
තමන්ගේ හිතවතුන්ගෙන් අනවශ්‍ය විදියට නගර සභාව පිරවූ දේශපාලකයින්ට වැටුප් ගෙවන්න කියන්න කොමසාරිස්තුමනි.
දේශපාලකයන්ට බැනලා වැඩක් නෑ. ඒ අය පත්වෙලා ටික කාලයක්නේ.
මෙතෙක් කලක් හම්බ කළ මුදල් කාගේ සාක්කුවටද ගියේ ?
කරන්න බැරි නගර සභා, ප්‍රාදේශීය සභා වසාදමන්න. ඕවගෙන් ඇති වැඩේ මොකක්ද? ඉක්මනට MCC අස්සන් කරන්දෝ. අපිට වැලේ වැල් නැතෝ... පුටින් කියලා අපි රැවටුනේ හිටන්ටමද මන්දා?
චන්ද‍්‍රසේන ඇමැතිට කියන්න. ගෙදරින් ගෙනත් දේවි...
ඔන්න හෙළුව පේන්න අරගෙන.. මෙච්චර කල් බුද්ධාගම විකුණගෙන කාල තියෙන්නෙ .
මේ වැනි දේ පටන් ගැම්මක්, අවසානයක් නොපෙනේ ! අනේ අපේ රට ! වැරදි මුරණ්ඩු තීරණයක් නිසා නේද මේ ?
වැටුපක් ගෙවීමටවත් බැරි නගර සභා ... හදිසියකදී ගන්න මුදලක් නැතිද බබා ...?