විනීතා එම් ගමගේ
පළාත් අතර ධාවනය කරන බස්රථ කොළඹට පැමිණීමට ඉඩ ලබා නොදීම පලක් නැති වැඩක් බවත් ඊයේ දවස තුළ බස්රථ ධාවනය කරද්දී පෙනී ගිය බවත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය කියයි.
එම නීතිය නිසා සිදුවූයේ කොළඹ එන මගීන්ට තමන් පැමිණි බස්රථයෙන් බැස වෙනත් බස් රථයකට අතර මග දී නගින්නට සිදුවීම පමණක් යැයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ලංකාදීපයට පැවැසීය.
එමෙන්ම බස්රථවල ආසන සංඛ්‍යාවට මගීන් ගෙන යාම නිසා සමාජ දුරස්ථ භාවය රැුකගත නොහැකි බවත් බස් පෝලිමේ හෝ කාර්යාලයේ පමණක් දුරස්ථභාවය රැුකගෙන සිටියත් එක ළඟ අසුන් ගෙන කාර්යාලවලට පැමිණීමෙන් ජනතාව අවදානමක් ගන්නා බවත් විජේරත්න මහතා සදහන් කළේය.
කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කයන් හි සාමාන්‍ය ධාවනයේ යෙදෙන බස්රථ වලින් සියයට තිහක් ද, අනෙක් දිස්ත‍්‍රික්කයන්හි සාමාන්‍ය ධාවනයේ යෙදෙන බස්රථවලින් සියයට 60 ක් ද ඊයේ ධාවනය කළ බව ඔහු සදහන් කළේය.
ඒ අනුව කොළඹ හා ගම්පහ දිස්ත‍්‍රික්කයන්හි බස්රථ දහසක් පමණ ද අනෙක් දිස්ත‍්‍රික්කයන්හි බස්රථ 7000 ක් පමණ ද ධාවනය වී යැයි ද විජේරත්න මහතා පැවැසීය.
බස් රථ ධාවනයට හැකියාව තිබුණත් බොහෝ බස් කර්මාන්තයේ සේවකයන් ගම් බිම් බලාගොස් තවමත් පැමිණ නැතැයි ද ඔවුන් පැමිණි පසු සාමාන්‍ය පරිදි බස් රථ ධාවනය කරන්නට හැකි වනු ඇතැයි ද හෙතෙම සදහන් කළේය.
රට ක‍්‍රමානුකූලව විවෘත කරන අතර මගී ප‍්‍රවාහන කටයුතුවල මෙවැනි අඩුපාඩු ගැන සොයා බලා කටයුතු කිරීමට බලධාරින් කටයුතු කළ යුතු බව ඔහු කියාසිටියේය.
COMMENTS
බස්ගැමුණු මහතාට බාස්කාරයින්ට වඩා මගීන් ගැන හරියට දුකයි වගේ.. අනේ පව්..!!! බස්වල සේවකයන් ගමේ ගිහින් තාම ඇවිත් නැතිලු. ඒ වුණාට හෙට ඉඳන් පොල් පටවන්නා වාගේ පටවන්න අවසර දුන්නොත්, බලන්න පුළුවන් බස්ටික ධාවනය වෙන හැටි....
බස්ගැමුණු මහතාට බාස්කාරයින්ට වඩා මගීන් ගැන හරියට දුකයි වගේ.. අනේ පව්.. බස්වල සේවකයින් ගමේ ගිහින් තාම ඇවිත් නැතිලු. ඒ වුණාට හෙට ඉඳන් පොල් පටවන්නා වාගේ පටවන්න අවසර දුන්නොත්, බලන්න පුළුවන් බස්ටික ධාවනය වෙන හැටි...
අන්තර් බස් සේවය ඉක්මණට ක්‍රියාත්මක කරන්න... අපිට රැකියාවට යන්න වෙලා තියෙන්නේ ගොඩක් අපහසුතා එක්ක... කුලී රථවලින් යන්න ගියාම වැටුප ඉවරයි එ්වට...