(මහින්ද නිශ්ශංක)
අද රාත්‍රියේ සිට සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇතැයි නියෝජ්‍ය ගමනාගමන අධිකාරී ඩබ් ඩී පද්මලාල් මහතා පවසයි.
කොළඹ-පුත්තලම දුම්රිය මාර්ගයේ සියලු දුම්රියද අවලංගු කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.
වයිරසය සම්බන්ධයෙන් රටේ පවතින තත්වය අනුව මෙම ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද ඒ මහතා කීය.
ඒ අනුව, කොළඹ- බදුල්ල, කොළඹ-මඩකලපුව, කොළඹ-ත්‍රිකුණාමලය සහ කොළඹ- ගාල්ල යන තැපැල් දුම්රිය අවලංගු කර තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.