මේ වනතෙක් කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 190 ක් බවත් ඒ මහතා සඳහන් කළේය.
එසේම සාම්පල් ලබාගැනීමේදී රෝහල්වල රෝගීන්ට අමතරව සමාජයේ නියැදි සාම්පල් ලබාගැනීම සිදු කරන බවත් එමගින් දිනකට පරීක්ෂා කරනු ලබන සම්පල් ප්‍රමාණය වැඩිකර තිබෙන බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මේ වන විට පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් ඇති අතර 50 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.
COMMENTS
ඔක්කොම කී දෙනෙක් ටෙස්ට් කලාද? කීයකින් වැඩි කලාද? ගාන කියන්නෙම නැති හින්ද අහන්නේ. කී දෙනෙක් ටෙස්ට් කලාද? 10ක්ද? 20ක්ද?
ජයවේවා! සියළු සත්වයෝ නිදුක්වේවා... නිරෝගිවේවා.... සුවපත් වේවා....
කොච්චර ටෙස්ට් ගානක් කරාද කිව්වේ නැත්නම් වැඩක් නැත.
මගේ රටට දළදා හිමි සරණයි!
ලෙඩ්ඩු කොහොමද රෝහලට එන්නේ දොස්තරලා ලෙඩෙක් දකිද්දී පැනල දුවනකොට. රෝහලුත් වහනවා. බටහිර දොස්ටරලා දැන් දේශීය වෙදකමට බැහැලා. උදේට කැද බීලා, හවසට වෙනිවැල් ගැට බොන්නලු. හොඳමයි වෙද මහත්තයෝ.
කොහොමත් අප්‍රේල් 19 වෙනකන් අයෙත් කොරෝනා රෝගීන් වාර්තා වෙන එකක් නැහැ, කවුරුත් මැරෙන එකකුත් නැහැ...
අනේ වාසනාවන් මේ ඇත්තම නේද? එහෙම නැතුව මැයි මාසේ චන්දයට ලැහැස්ති වෙනවා නෙවෙයි නේද?