(එස්. ඩි.කොඩිකාර )
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල රජයේ පාලන මිලටත් වඩා අඩුවෙන් ප්‍රාදේශීය, කෝප්සිටි සහ තොග ගබඩා 45 කින් ජනතාවට ලබාගත හැකි බව කොටපොළ විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති මනෝජ් ජයවර්ධන මහතා අද (22) පැවති සාකච්ඡාවකදී පැවසීය.
කොටපොළ ,වරල්ල විවිධ සේවා සමුපකාර සමිති පරිශ්‍රයේ පැවති මෙම සාකච්ඡාව සඳහා කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතා ඇතුළු සමූපාකාර සමිතියේ නියෝජිතවරු කිහිපදෙනෙක් එක්ව සිටියහ.
එහිදී සභාපතිවරයා මෙසේද කීය.
'හෙට පෙ.ව. 6.30 ට කොටපොල විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පාලනය වන ප්‍රාදේශීය, කෝප්සිටි සහ තොග ගබඩා 45 ක් විවෘත කරනවා. මේ සඳහා අපි එදින පෙ.ව. 5.00 ට එම කටයුත්ත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. මෙම අත්‍යඅවශ්‍ය භාණ්ඩ සහ අනෙකුත් භාණ්ඩ ලොරි රථ 08 න් අදාළ ප්‍රාදේශීය සහ තොග ගබඩා කරා ප්‍රවාහනය කරනවා.
විශේෂයෙන්ම අපි ඉන්න කාර්ය මණ්ඩලය වැඩි කරගෙන මෙම කටයුත්ත සිදුකිරීමට බලාපොරොත්තු වෙන අතර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අදාල ප්‍රාදේශීකයන් වෙත පවුල් පිටින් නොගොස් එක් අයකු පමණක් ගොස් භාණ්ඩ රැගෙන එන ලෙසයි. ප්‍රාදේශික ආවරණය නොවන ප්‍රදේශ සඳහා ජංගම රථ යොදා ගෙන බඩු අලෙවි කිරීමට බලාපොරොත්තු වනවා. එසේ කරන්නේ, ජනතාව ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු නගරය කරා ඒකරාශී වීම වැළැක්වීම සඳහායි' යැයිද හෙතෙම වැඩි දුරටත් පැවසීය.
ඊට අමතරව ජනතාව රස්තියාදු නොකිරීම සඳහා රුපියල් 1000ක සහන පැකේජ භාණ්ඩ මල්ලක් ලබාදීමට කටයුතුකරන බවත් සමිතියේ සාමාජිකයින් සඳහා රුපියල් 5,000 ක ණය මුදලක් ලබාදීම සඳහා බැංකු අංශය සමග සාකච්ඡා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ මිලට වඩා අඩුමිලකට මේ ආයතන මගින් මහජනයාට භාණ්ඩ මිලදීගැනීමට අවස්ථාව ලබාදීම මේ දුෂ්කර මොහොතේදී සිදුකිරීම අගය කලයුතු වෙනවා ! රජයට කරන්න බැරිදෙයක් පුද්ගලික අංශයට කරන්න පුළුවන් වුනේ කොහොමද? රජයට මෙවැනි සහනයක්වත් මහජනයාට ලබාදීමට ඕනෑකමක් නැතිබව මින් පෙනී යනවා නොවේද ?
සෑම වෙළඳ ආයතනයක්ම රුපියල් 1000, 2000 බඩු මලු පිළියෙල කරානම් ජනතාවට ඉක්මන් සේවාවක් ලබා දිය හැකියි.