( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
අටුළුගම මාරාවෙන් හමු වූ කොවිඩ් 19 හෙවත් කොරෝනා ආසාදිත රෝගියාගේ පියා සහ සහෝදරියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි බණ්ඩාරගම සෞබ්‍ය සේවා ආරංචි මාර්ග සදහන් කරයි.
පියා සහ දියණිය එම රෝග ලක්ෂණ පහල කිරීම හේතුවෙන් අද දින (28) කලුතර නාගොඩ රෝහලට ඇතුලත් කරනු ලැබීය.
මේ වන විට බණ්ඩාරගම සෞබ්‍ය වෛද්‍ය සේවා බල ප්‍රදේශයෙන් කොරෝනා වයිරසය ආසාදිත රෝගින් 7 දෙනෙකු වාර්තා වන අතර කලුතර දිස්ත්‍රික්කයේ සමස්ත රෝගීන් ප්‍රමාණය 17 දෙනෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලන්න මොන තරම් විනාශයක්ද ? මේ වයසක මනුස්සය මැරෙන්නත් පුළුවන් , තව ගමේ කි දෙනෙකුට බෝ කරලද ? ඔවුන් තව කොහේ කොහේ ගිහින්ද ? දේව මෙහෙයවල් කීයකට සහභාගී වෙලාද ? කියල දන්නේ උඩ ඉන්න දෙවිවරු පමණි....