(චමිල් රූපසිංහ)
කොරෝනා 19වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ අකුරණ පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් තිදෙනාටද කොරෝනා ආසාදනය වි ඇති බව අද (31) දිනයේදි තහවුරු වු බව මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතාපවසයි.
එම තිදෙනා අතර අසාදිතයාගේ බිරිද , පුතා සහ ලේලිය සිටිති.
ඔහුට වෛද්‍ය ප්‍රථිකාර කර වෛද්‍යවරයාද මහනුවර රෝහලට වෛද්‍ය ප්‍රථිකාර සදහා ඇතුලත් කර ඇත.
තිදෙනා අංගොඩ අයි ඩි එච් රෝහලට යැවිමට කටයුතු කල බවද මධ්‍යම පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමා මොලේ වැඩි උදවිය කරන වැඩ. මිනි මැරීමට තැත්කිරීම යටතේ නඩු පැවරිය යුතුය. බිරිඳ? පුතා? ලේලිය? දොස්තර? වෙනවෙනම හා සාමුලිකව නඩු පැවරුවොත් අඩුමගානේ අවුරුදු 10ක් වත් බරපතල වැඩ ඇතිව ඇතුලට දාගන්න පුළුවන්. ඉක්මනින්ම දැඩි දඬුවම් පැමිනුවොත් අනික් අයවත් නිතිය කියන්නේ මොකක්ද කියලා වටහා ගනීවි.
හනුමා වගේ රට ගිනිතියපල්ලා... එච්චරටම හිතන්න බුද්ධියක් නැති ආත්මාර්ථකාමී මිනිස්සු... මෙ අයට හොද වුණාට පස්සෙ ලක්ෂ 10ගානෙ දඩ ගහන්න ඔනෙ...