IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොහොර ගන්න කෘෂි අලෙවිසල්වල දිගු පෝලිම්

(කාංචන කුමාර ආරියදාස)

එලවලු වගාවට වී වගාවට සහ කුඹුරු වගාව සඳහා අවශ්‍ය පොහොර මිලදී ගැනීමට දඹුල්ල නගරයේ කෘෂි අලෙවි සේවා ස්ථානවල අද (23) අලුයම සිට දිගු පෝලිම් පවතින බව දැක ගැනීමට හැකි විය.

දින ගණනාවක් තිස්සේ මේ ආකාරයෙන් පොහොර මිලදී ගැනීම සඳහා අලුයම් කාලයේ සිට පෝලිම් වල සිටිය දී ප්‍රමාණවත් පොහොර ලබා ගැනීමට නොහැකි වූ බව ගොවීයෝ පවසති.

මේ දිනවල දේශීය ලොකු ලූණු වගාව සහ එළවළු වගාවට බිම් සැකසීම සිදු කරන නමුත් ඊට අදාළ යොදන මඩ පොහොර වල හිගයක් පවතින බවත් මඩ පොහොර වෙනුවට වෙනත් එළවළු පොහොර වෙළඳපොළේ ඉතා සීමිතව පවතින බව ගොවීහු චෝදනා කරති.

අවශ්‍ය පොහොර වෙනුවට වෙනත් පොහොර මිටියක් හෝ මිලදී ගෙන වගාවට යෙදීම සඳහා පෝලිමේ සිටීමට සිදුව ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

රාත්‍රී කාලයේ වන අලින් සහ වනසතුන්ගෙන් වගාවන් ආරක්ෂා කිරීමට පැල් රැක සිට අලුයම් කාලයේ ජීවිත අවදානමේ නගරයට පොහොර මිලදී ගැනීම සඳහා පැමිණීමට සිදුව ඇති බව ද ගොවීන් කියති.

පවතින වසංගත තත්වය නිසා හොර හිගය පවතින බව තමා දන්නා නමුත් ගොවිතැන් කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නොමැති වීම නිසා ගොවිතැන අත්හැර දැමීමට පවා සිදුව ඇතැයි පෝලිමේ සිටින ගොවීන් කියති.

දින ගණනාවක් පෝලිම් වල රැඳී සිටිය දී එක් ගොවියකුට ලැබෙන්නේ එක පොහොර මිටියක් පමණක් බවත් එය ප්‍රමාණවත් නොවන බවද ඔවුන් කියති.

කාබනික පෝර භාවිතයට ගමන් කරන ලෙස විවිධ කණ්ඩායම් උපදෙස් ලබා දුන්න ද එම පොහොර මිලදී ගැනීමට ස්ථානයක් නොමැති බව ගොවීහු කියති.

ගොවීන් කියා සිටින්නේ වෙළඳපලේ පොහොර හිගය පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු කරන ලෙසය.

මෙම පොහොර හිගය පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා 22 දින පස්වරුවේ දඹුල්ල ප්‍රදේශයේ ගොවි බිමකට ගොස් කියා සිටියේ ගොවීන් මේ වන විට වගා කටයුතු ආරම්භ කර තිබෙන බව ය.

එහෙත් රජයේ වගකීම ගොවීන්ට අවශ්‍ය පොහොර ප්‍රමාණය ලබාදීම බවය රජය පොහොර හිඟය පිළිබඳව ගොවීන්ට ම චෝදනා කරමින් සිටින බවද නාමල් කරුණාරත්න මහතා චෝදනා කළේය .

කෙසේවෙතත් කඩිනමින් ගොවීන්ට මෙම සහන සලසා දෙන්නැයි රජයෙන් හෙතෙම ඉල්ලීමක්ද කළේය.



අදහස් (19)

පොහොර ගන්න කෘෂි අලෙවිසල්වල දිගු පෝලිම්

Lakmal Saturday, 23 May 2020 07:17 AM

දැන්නම් වෙනස හොඳටම සැපයි.

:       263       620

lalithm Saturday, 23 May 2020 07:20 AM

කෘෂිකරුමේ සහ ආණ්ඩුවේ එක එකේ ලොක්කෝ අත්දෙක රවුම් කර කර රුපවාහිනී ගබඩා වල පොහොර පෙන්නුවා. තවමත් බොරු දෙසනවා. කොම්පෝස්ට් දමන්න කියනවා. ඔය එකක්වත් හරි හැටියට ගන්න නැහැ. අනික කොම්පෝස්ට් හදන්න ගන්න නියම අමුද්‍රව්‍ය ලංකාවේ හිඟයි.

:       218       528

samSaturday, 23 May 2020 07:56 AM

කොම්පෝස්ට් හදන්න ගන්න නියම අමුද්‍රව්‍ය ලංකාවේ හිඟයි... මෙහෙම කියන අයත් ලංකාවේ ඉන්නවා..!

:       4       0

GamageSaturday, 23 May 2020 10:38 AM

ඒකනම් සහතික ඇත්ත... කොම්පෝස්ට්වත් ගන්න නෑ.

:       0       5

lalithmSaturday, 23 May 2020 10:54 AM

ලියන මමත් පොහොර හොයලා ඇතිවෙලා ඉන්නේ. මට නම් ඕනේ පොල් පොහොර... ඉන්නේ ගම්පහ ඉඹුල්ගොඩ. අවට තියෙන පොහොර කඩ හැම එකෙන්ම අහනවා. ඉල්ලුවට එවන්නේ නැහැ කියනවා විතරයි. වෙනදාට ඕනේ වෙලාවක තියෙනවා පොල් පොහොර. සමහර ගොවීන් අන්නාසි වලටත් පොල් පොහොර දමනවා. ගොවීන් කියන්නේ රටට කන්න දෙන අය. බොහෝ දෙනෙක්ට මේ මිනිස්සු වධකාරයින්, මෝඩයින් වගේ පෙනෙනවද කියලත් හිතෙනවා. ටීවී එකේ කතාකරන ලොක්කෝ හැසිරෙන විදිය දැක්කාම. මේ ගොවීන් අතර රැකියාවක් කරන ගමන් වගාවල යෙදෙන බොහෝ උගත් අයත් ඉන්නවා. ඒ අයට ජීවත්වීම අමාරු නොවුණත් පූර්ණ කාලීන ගොවීන් මේ වැඩෙන් වගාව අත්හැරදමා වෙනත් රැකියාවලට ගියොත් අපේ රටට මොනවා වේවිද?

:       0       4

roshan Saturday, 23 May 2020 07:45 AM

හොඳට තිබුණු රටක්, අපි වැටිච්ච තැනක්... මේ මොන මූසල කමක්ද? රට පුරාම පෝලිම්...

:       72       120

Achini Saturday, 23 May 2020 08:08 AM

නිකන් පුම්බන කතා විතරයි... තවම පොහොර ටික දීගන්න බැරිවුණා..

:       100       116

Buddika Saturday, 23 May 2020 08:27 AM

ගොවි ජනතාව විසින්ම ලක්ෂ 69ක් දීලා බලයට ගෙන ආවා... දැන් සනීපද ගොවි මහත්වරුනේ? තව මාස 06ක් විතරයි ගියේ.. ඉතිරි ටිකේ තත්වය සිතිය හැකිද?

:       76       97

siri Saturday, 23 May 2020 08:36 AM

චන්දේ දවස්වල වේදිකාවේ කියනවා ඇහුනා ගොඩ මඩ දෙකම පොහොර අපි නොමිලේ දෙනවා කියලා. දැන් සැපද කියලා අහන්න තමා වෙන්නේ?

:       67       92

Gamekolla Saturday, 23 May 2020 08:44 AM

මොකද මේ පෝලිම් වල ඉන්නේ, අප්පච්චි පොහොර නිකන් දෙනවා කිව්වා නේද?

:       84       107

Piyasingha Saturday, 23 May 2020 08:52 AM

ඉස්සර විපක්ෂයේ ඉන්නකොට ලොකු කතා කිව්වනේ. දැන් ප්‍රශ්න...

:       73       93

sampath Saturday, 23 May 2020 09:57 AM

පොහොර වලට, ආහාරවලටත් වඩා ප්‍රමුඛත්වයක් දිය යුතුයි... පොහොර නැති වුණොත් ආහාරත් නැහැ.. කළමණාකරණයේ විශාල දුර්වලතාවයක් මේකෙන් පෙන්නුම් කරන්නේ...

:       61       77

Gamage Saturday, 23 May 2020 10:37 AM

මේකත් කයිවාරු ආණ්ඩුවක්. මෙයාලට ඕන කොමිස් ගහන්න පුලුවන් ඉදිකිරීම් වගේ දේවල් කරන්න විතරයි. කිසිම තැනක කොම්පෝස්ට් පොහොර නම් ඇත්තේ නෑ. සති දෙකක් තිස්සේම මාත් හොයනවා තාම ගන්න නෑ..

:       68       102

කනිෂ්ක Saturday, 23 May 2020 12:14 PM

නගරවලත් පොහොර කඩවල් වලත් දිගු පෝලිම්. ගෙවතු වගාව බොහෝ අය පටන් අරගෙන. ඒක හොඳ ප්‍රවණතාවයක්. කාබනික පොහොර වලට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේක අසාමන්‍ය අවස්ථාවක්. ඒත්, ඉතා ඉක්මනට ඉල්ලුමට සරිලන ලෙස පොහොර ලැබේවි යයි අපේ බලාපොරොත්තු වෙනවා.

:       13       49

de silva Saturday, 23 May 2020 03:11 PM

තිබෙන තත්වය මත, නැතුව පෝලිම් හැදෙන එක නවත්වන්න බැහැ... ගොවියන්ට වගාවට පොහොර ටික නැහැ.. රටවහලා තිබෙනකොට ඒවා බෙදාහරින්න බැහැ.. වගාකටයුතු සිදු නොවුණොත් තව මාස දෙකක් යනකොට රටේ විශාල අාහාර හිඟයක් ඇතිවේවි... තවදුරටත් මෙහෙම ඉදිරියට ගියොත් සියල්ලන්ටම වෙන්නේ පෝලිම්වල හිඟන්නෝ වගේ ලැගලා දෙන දෙයක් කාලා බීලා නිකම්ම කලේ ගෙවන්නයි.. ඔය මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කරන සංඛ්‍යා ලේඛන සත්‍යනම්, සාමාන්‍ය සමාජය තුළ කොරෝනා රෝගීන් අලුතෙන් හමුවීමක් නොමැතිනම් නැතිනම්, රට වහගෙන දිගින් දිගට අැඳිරිනීති දමාගෙන මේ කරන වැඩේ තේරුම කුමක්ද?

:       68       168

vidya Saturday, 23 May 2020 05:38 PM

දරුවනේ නුඹලා තමයි හැමදාම කන්න දෙන්නේ හා දුක් විඳින්නෙත්.., බැට කන්නෙත් නුඹලාම තමයි...

:       0       18

mhinda Sunday, 24 May 2020 02:05 AM

දේශපාලනේදී තිබුන නොමිලේ පෝර දැන් නැද්ද?

:       63       138

sumudu Sunday, 24 May 2020 03:24 AM

අපේ ජනාධිපතිතුමා ගැන පුදුම ගෞරවයක් තියෙන්නේ මටනම් .....එතුමා මොනවා හරි කරයි..ඔය මිනිස්සු මොකටද පොහොර නැති වෙලාවේ වගා කරන්න යන්නේ? මේ වෙලාවේ මොකක් හරි කර්මාන්ත ශාලාවක වැඩට යන්න, රටට අවශ්‍ය ආහාර පිට රටින් ගෙන්න පුළුවන් අඩුවට. ජනාධිපතිතුමාට සහයක් වෙන්න ඕනේ මේ වෙලාවේ මිනිස්සු. එතුමාට තියෙන දර්ශනය අනුව රටේ දේවල් හැඩ ගැහෙන්න ඕනේ.

:       130       68

wijaya Sunday, 24 May 2020 04:06 AM

මේ කට්ටිය කලින් තිබුන ආණ්ඩුවට ඒ කාලේ බැන බැන හිටියේ ගොවියට හරියට පොහොර දෙන්නේ නැහැ කියලා. ඒ කාලේ ගොවියට පොහොර අර ගන්න මේ තරම් කරදරයක් තිබුනේ නැහැ. දැනුත් මේ ප්‍රශ්නයට කලින් ආණ්ඩුවට බනින එක තමයි මේ ආණ්ඩුව කරන්නේ.

:       49       128

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1140 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 719 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 803 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1567 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site