IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


පාසල් වෑන් රථ ගාස්තුවෙන් අඩක් අය කිරීමට තීරණය කරයි

 

(ඩයනා උදයංගනී)

පාසල් ළමුන් ප‍්‍රවාහනය කිරීමේ වෑන් රථ සදහා අප්‍රේල්, මැයි මාස වෙනුවෙන් සම්පූර්ණ ගාස්තු අය නොකරන නමුත් ගාස්තුවෙන් අඩක් හෝ දෙමාපියන්ට හැකි පරිදි යම් මුදලක් අය කිරීමට තීරණය කර ඇතැයි පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගම් පවසයි.

මෙම මාසවල පාසල් නොපැවැත්වුණත් කිසිම මුදලක් අය නොකර සිටියහොත් තමන් දැඩි අපහසුතාවකට පත්වන බව සමස්ත ලංකා අන්තර් දිස්ත‍්‍රික් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ ලේකම් කමල් ඉලංගරත්න මහතා ලංකාදීපයට පැවසීය.
පාසල් ළමුන් ප‍්‍රවාහනය කරන්නන් නියෝජනය කරන සමස්ත ලංකා අන්තර් දිස්ත‍්‍රික් පාසල් ළමුන් ප‍්‍රවාහන සේවා සංගමයේ සහ සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමයේ නියෝජිතයින් ප‍්‍රවාහන සේවා කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග අද (12) සාකච්ඡාවක නිරත වූ අතර එහිදී මෙම තීරණය ගත් බව ද හෙතෙම කීවේය.
අප්‍රේල් මැයි මාසවල පාසල් නොපැවැත්වුණු නිසා ළමුන් ප‍්‍රවාහනය කරන වෑන් රථ වෙනුවෙන් මුදල් අය නොකරන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා දැනුම්දී තිබුණද එසේ කිරීමෙන් පාසල් වෑන් රථ හිමියන්ට දැඩි ගැටලූවකට මුහුණදීමට සිදුවන බව ඔහු ස`දහන් කළේය.

වෑන් රථ හිමියන්ද ජීවත්වන්නේ මෙම ආදායමෙන් බැවිනුත්, එම ආදායම නොලැබුණහොත් රියදුරන්ගේ සහ සහායකයින්ගේ වැටුප් ගෙවීමට මෙන්ම එදිනෙදා වියදම් දරාගැනීමට වෙනත් ආදායමක් නොමැති විශාල පිරිසක් සිටින බවත් ඉලංගරත්න මහතා කීවේය.

එබැවින් අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කර මාසිකව අය කරන මුදලෙන් අඩක් හෝ ලබාගැනීමට තීරණය කළ බවද ඔහු පැවසීය.

පවතින තත්ත්වය හමුවේ එම මුදල් ගෙවීම අසීරු දෙමාපියන් වේ නම් ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිතව සිතා බැලීමට සූදානම් බව ද ඔහු කීවේය.


මාසය පුරා තමන්ගේ දරුවන් ආරක්‍ෂා කරමින් පාසල කරා රැගෙන ගොස් නැවත නිවෙස්වලට ගෙනැවිත් දෙන වෑන් රථ හිමියන් වෙනුවෙන් මෙම මාස දෙකෙහිද හැකි අයුරින් මුදලක් ලබාදෙන ලෙස දෙමාපියන්ගෙන් ඉල්ලා සිටින බව කී ඒ මහතා එසේ යම් ආදායමක් හෝ නොලැබුණහොත් තමන්ට දැඩි ගැටලූවකට මුහුණදීමට සිදුවන බව ද සදහන් කළේය.

සමස්ත ලංකා පාසල් ළමුන් ප‍්‍රවාහන සංගමයේ සභාපති මල් ශ්‍රී ද සිල්වා මහතා ද පැවසුවේ පවතින තත්ත්වය හමුවේ පාසල් වෑන් රථ හිමියන් හා රියදුරන් ද දැඩි ගැටලූවකට මුහුණ දී සිටින බවයි.

කිසිදු ආදායමක් නොමැති වුවහොත් එය ගැටලූවක් නිසා මාසික ගාස්තුවෙන් අඩක් හෝ අයකිරීමට තමන්ට සිදුවන බව ද ඔහු කීවේය.
 

 

 



අදහස් (28)

පාසල් වෑන් රථ ගාස්තුවෙන් අඩක් අය කිරීමට තීරණය කරයි

Thushara Tuesday, 12 May 2020 03:40 PM

පිස්සුද එහෙම ගෙවන්න? මම නම් පාසල් පටන් ගත්තම හයර් එක වෙන එහෙකට මාරු කරනවා සල්ලි ඉල්ලුවොත්..... දැනට නම් එහෙම සල්ලි ඉල්ලලා නැහැ.

:       0       0

Lankaputha Tuesday, 12 May 2020 03:41 PM

අපි තව සතයක්වත් ගෙවන්නේ නෑ. අපි වෑන් එක මාරු කරනවා.

:       0       0

Anil Tuesday, 12 May 2020 04:13 PM

5000ත් ගත්තා.. ලීසිං සහනය මාස 6කටත් ගත්තා... අපිටත් ගම්පැනිවලින් මාස භාගයක පඩිය දුන්නේ ඩීසල් කදුලක් ගියේ නැහැ. සංගමෙ සල්ලි තියෙන්නේ බැරි අයට අඩුකරන්න... අපි දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙයට විරුද්ධ වෙන්න.

:       43       367

senaWednesday, 13 May 2020 06:05 AM

දැන් දෙමාපියෝ ගිහින් වෑන් මුදලාලි ළඟ අනුකම්පාව ඉල්ලන්න ඕනේ.. මේ ඔක්කොම සංවිධානය වෙලා ඉන්නේ අසරණ මිනිස්සු ගසාකන්න.. දෙමාපියන් එකතුවෙලා රුපියලක්වත් නොදී හිටියාම හරි....

:       0       0

Aldja Tuesday, 12 May 2020 04:24 PM

අපිටත්, අතිකාල, වෙනත් දීමනා නැතුව බෙසික් එකෙනුත් භාගයක් පමණයි ලැබෙන්නේ. ළමයින්ට කන්න දෙන්නත් මදි. මෙය ඉතාමත් අසාධාරණ ඉල්ලීම ක්‌....

:       58       138

Amal Tuesday, 12 May 2020 04:26 PM

එතකොට සැලූන් අයිති කාරයොත් කියයි අපි තමයි මෙ ගොල්ලන්ගේ කොණ්ඩෙ රවුල කපන්නේ... අපිටත් මාසෙ භාගයක් දෙන්න කියලා .... ඒක නිසා ගොන් කතාවලට ඇහුම්කන් දෙන්නෙකු නොවී ඔය මිනිස්සුන්ව යවලා දාන්න.

:       202       156

තුෂාර Wednesday, 13 May 2020 05:19 AM

මම නම් වෙන වාහනයක යවනවා. ඕන තරම් වාහන තියෙනවා හයර් එක ගන්න බලාගෙන.

:       38       27

T Tuesday, 12 May 2020 04:38 PM

ඔය කට්ටියට ආදායම් නෑ කියලා 5000 දුන්න නේද? තෙල් ගහන්න වියදමකුත් නැතිව, දුන්නෙත් නැතිව සල්ලි ගන්නෙ ඇයි? හැමෝම අමාරුවෙන් ඉන්නෙ.

:       0       174

Sagara Edirisinghe Tuesday, 12 May 2020 04:40 PM

අපිට ඔනෙ රජයද? ඇමැතිවරුන්ද?

:       2       9

lalTuesday, 12 May 2020 11:54 PM

වෑන් වල යන්නේ සල්ලි තියෙන ළමයි නෙමෙයි. සාමාන්‍ය පන්තියේ පවුල්වල අසරණ දරුවන්. මේ අයගෙ දෙමව්පියන්ටත් අප්‍රෙල්, මැයි රස්සාවල් නැහැ. මේකට රජයෙන් වෑන් හිමියන්ට සහනයක් දෙනවා විනා දෙමව්පියන්ගෙන් අය කිරිම අසාධාරණයි. එහෙන් වැටුප් නැහැ. මේමාසේ වැටුප රජය ඉල්ලනවා. ලමයි ගෙදර හිටියත් වෑන් වලට සල්ලි ඉල්ලනවා. කොහොමද මැද පන්තියේ අය මේවා කරන්නේ?

:       15       203

mihira Tuesday, 12 May 2020 04:43 PM

දෙනවා මගුලක් හරි වැඩක්නේ ඒක...

:       56       224

රංග තේනුවර Tuesday, 12 May 2020 05:08 PM

තමුන් ලබා ගන්නේ නැති සේවාවකට මොකද මුදල් ලබාදෙන්නේ? මාසෙට එක දවසක්වත් ළමයි වාහනේ ගිහිං නැත්තං මොකද සල්ලි දෙන්නේ? පාසල් ළමුන්ගේ දෙමාපියන්ද එතකොට වෑන් රථ රියදුරන්ට කන්න අදින්න දෙන්න ඕනි. හිගා කෑවනං ඔයිට හොදයි. ලජ්ජා නැති ජාතියක්. කොන්ද පන තියෙනවා නං ආණ්ඩුවෙන් මේක නවත්තන්න ඕනි.

:       43       824

SajithTuesday, 12 May 2020 08:29 PM

කවුරුවත් ඕක නවත්තන්නෙ මොකටද? වෑන් කාරයො සල්ලි ඉල්ලන්නෙ ලමයින්ගෙන් නෙමෙයිනෙ. ඒ දෙමව්පියො කැමති නම් දෙයි නැත්තන් නොදී ඉඳියි. ඕනෙනම් ඒ දෙමව්පියන්ට පුලුවන් ලමයින්ව වෙන වෑන් එකකින් ඉස්කෝලෙ අරින්න. දෙමව්පියන්ව බය කරල සල්ලි ගන්න ඒ ගොල්ලො තොත්ත බබ්බු නෙමෙයිනෙ.

:       81       150

සෙනෙවිරත්න Tuesday, 12 May 2020 05:56 PM

මේක අති මානුෂික ඉල්ලීමක් , මේ කතා කරන මිනිස්සු ඔනතරම් ලබා නොගන්නා සේවාවන් වෙනුවෙන් සුළුවෙන් හෝ ගෙවනවා... මේත් මිනිස්සු නේද? තමුන්ගෙ ළමය බොහොවිට පාසල් සර්කල් එකේ නොවන නිසා නේද මේ වෑන් අවශ්‍ය? එතන බොරුවක් නැද්ද? තමුන්ගෙ ළමය ප්‍රවේශම් ඇතිව නිවසට ගෙන එනවා නේද? මෙ ප්‍රශ්නය සමග මේ මිනිස්සු නැත්තටම නැති වුනොත් තමුන් ළමය යවන්නෙ කෙහොමද? කොහොම හරි ගැටගහගෙන දුවන මිනිස්සු ගැන මට නම් දැනෙන්නේ හරිම අනුකම්පාවක්... කටින් බෞද්ධයො තමන්ගෙ ළමුනට දෙන ආදර්ශය කුමක්ද?

:       224       103

nandana Tuesday, 12 May 2020 11:13 PM

පාසල් වෑන් රථ හිමියන් හා රියදුරන් පමණද අමාරුවේ වැටි ඉන්නේ? රැකියා කරන දෙමව්පියන්ටත් අමාරුයි. සියලු දෙමව්පියන් එකතුව මේ අසාදාරන ඉල්ලීම ප්‍රතික්ෂේප කල යුතුයි.

:       0       66

ranjith Tuesday, 12 May 2020 11:55 PM

සල්ලිම පස්සේ දුවන අපතයෝ තමයි...

:       47       28

කමල් හේරත් Wednesday, 13 May 2020 12:59 AM

බොහෝ දෙමාපියන්ට තම රැකියාවන් කරගත නොහැකිවීම නිසා ඔවුන්ටත් අදායමක් තිබුනේ නැ . සමහරකට පඩි බාගයක්වත් ලැබුනේ නැ. රජයෙන් මේක තහනම් කල යුතුයි. නැතිනම් ප්‍රවාහන ඇමතියෙක් අවශ්‍ය නැ

:       0       198

Champa Wednesday, 13 May 2020 01:09 AM

ඉතාම අසාධාරණ තීරණයක්. පාසල් වහල තියෙන්නේ රජයේ තීරණයක් නිසා. ඒකට දෙමව්පියන්ට කරන්න දෙයක් නැහැ. අනිත් එක අර ආණ්ඩුව දෙන්නේ රුපියල් 5000ක්. ඒක ගන්න පුළුවන් පාසල් වෑන් රථ වලට. ආණ්ඩුවක් තියෙන්නේ මේවගේ වෙලාවට මැදිහත් වෙන්න.

:       0       89

ChampaWednesday, 13 May 2020 02:29 AM

මේ වෙලාවේ හුඟක් පවුල් වලට මුදල් අමාරුකම් ඇති. බොහෝ දෙනෙක්ට රැකියා අහිමි වෙලා ඇති. සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යාපාර කරපු දෙමව්පියන් ඉන්නවා නම් ඔවුන්ටත් ආදායම් ඇහිරිලා ඇති. පාසල් වෑන් රථ හිමියන්ට විතරක් නෙමෙයි හැමෝටම ආර්ථික අමාරුකම් තියෙනව. නිකම් බිම තියෙන පාසල් වෑන් එකට මාසේ බාගෙක ගාස්තුව අය කරන එක ඉතාම අසාධාරණයි.

:       2       2

nishantha Wednesday, 13 May 2020 01:50 AM

එක ඩීසල් බින්දුවක් වැය නොවී ගෙදර තියෙන වාහනයකට අපි ගෙවන්නේ කුමන හේතුවකටද? ළමයි ගෙවල්වල අධ්‍යාපනයක් නැතිව දෙමාපියන් මාස ගාණකින් හරි මුදලක් නැතුව ගැටගහ ගන්න මොහොතක ගාස්තුවෙන් අඩක් මාස දෙකකට ගෙවනවා තියා කන්නවත් මුදල් නැතුව ඉන්න බව නොතේරෙන ආණ්ඩුවක්...

:       0       0

Anura Wednesday, 13 May 2020 02:37 AM

මේක වැරදි..අසාධාරණයි.. දෙමාපියන් අමාරුවෙන් ජීවත් වන්නෙ.. පහසුව ගැන හිතලා ලමයි ස්කුල් බස්වලට දැම්මට.. ලමයි ලෙඩ්ඩු වෙන්නත්.. ලමයි ශරීර හොරු වෙන්නත්.. මාර්ග තදබදය වැඩි වෙන්නත් මේ පාසල් බස් හේතුවක්.. ඉස්සර ස්කූල් බස් මෙතරම් තිබුණේ නැත. මීටර් 100 දුවන්න බැරී තරම් ලෙඩ්ඩු උනෙත් නැ ලමයි..

:       0       2

sunill perera. Wednesday, 13 May 2020 02:51 AM

අලුත් වාහනයකට ළමයව භාරදෙනවා...ජොබ් නැතිව ඉන්න හොද තරුණයෝ මේ රැකියාවට අවතීර්ණය වීමට බලා ගෙන ඉන්නවා.

:       10       134

vidya Wednesday, 13 May 2020 02:53 AM

කොතනින් හරි පටන් ගන්න ඕනෙනේ . මේ ගොල්ල අපි දිරි ගන්වන්න ඕනේ .

:       0       0

සංජීව Wednesday, 13 May 2020 03:33 AM

රජයක් ඉන්නේ මේවගේ දේවල් වලට මැදිහත් වෙන්න තමයි. රජය දෙමව්පියන්ගේ පිට මේ ප්‍රශ්ණය පටවලා අත පිහිදාගන්නේ නැතුව වහාම විසඳුමක් දෙන්න අවශ්‍යයි. මේ අයගේ ඉල්ලීමත් සාධාරණයි. අඩුම තරමේ මාසික ආදායමෙන් 50%ක් වත් රජයෙන් ලබාදිය යුතුයි. රුපියල් 5,000කින් යාන්තම් දවස් 5ක් ජීවත්වෙන්න පුළුවන්...

:       0       0

තුෂාර Wednesday, 13 May 2020 05:15 AM

මේක හරි කෙලියක්නේ... මමත් කරන්නේ රෙදි කඩයක්.. මේ මාස 2ම වහලා තිබුණේ. ඒත් මගේ පාරිභෝගිකයන් ඇවිත් බාගයක් සල්ලි දුන්නේ නැහැ... කඩකුලිය ගෙවන්නයි, ගෙදරට වියදම් කරන්නයි. මම නම් වෙන වාහනයක යවනවා ඕන තරම් වාහන තියෙනවා හයර් එක ගන්න බලාගෙන...

:       0       0

කමල් Wednesday, 13 May 2020 05:49 AM

ඇමතිවරු එහෙට වැනෙනවා, මෙහෙට වැනෙනවා. මේක විතරද දුම්රියේ ආසන වෙන් කරගෙන යන්න කියනවා. මෙයා කියනවා සීට් ගානට යන්න කියලා . මගීන්ට දුම්රියට ගොඩවෙන්න දෙන්නේ නැහැ ආසන වෙන් නොකළොත්. සාකච්ඡා තිය තියා පිස්සු කෙළිනවා. මිනිස්සු බැන බැන ගෙදර යනවා.

:       0       1

saman Wednesday, 13 May 2020 06:46 AM

ලැජ්ජයි.. නිවාඩු දවස්වල ළමයි ට්‍රිප් අරන් යනවද? මේවට අධිකරණයට යන්න ඕනෑ.. සේවාව නොදී මුදල් අය කරන එක වැරදියි..

:       0       3

හිරන්‍යයා Sunday, 16 August 2020 09:29 AM

ඇමති දීලා තියෙන්නේ පුදුම තීරණයක්නේ. සතයක් දෙන්න බෑ. උසාවි යන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 26 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1171 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 216 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1403 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1044 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


ෆවුසිගේ පුතා අත්අඩංගුවට
2024 මැයි මස 07 129 0

පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච්. පවුසි මහතාගේ පුත්‍රයාව අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site