IMG-LOGO

2024 මැයි මස 08 වන බදාදා


උතුරු කොරියාවේ වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමට යයි

කොරෝනා වසංගතය හේතුවෙන් උතුරු කොරියාවේ වසා දැමුණු පාසල් මෙම මාසයේදී නැවත විවෘත කිරීමට නියමිත බව එරට රජය පවසයි.

ජුනි මස මුල සිට රට පුරා ප්‍රාථමික, මධ්‍යම හා උසස් පාසැල් වල නව අධ්‍යයන වාර ආරම්භ වන අතර පෙර පාසැල් නිරෝධායන නීති රීති වලට අනුව ආරම්භ කිරීම සලකා බලන බව රජයේ ප්‍රවෘත්ති උපුටා දක්වමින් යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.

පාසැල්, පන්ති කාමර හා කාර්යාල වල සෑම ගේට්ටුවකටම උෂ්ණත්වමාන සහ සනීපාරක්ෂක යන්ත්‍ර ලබාදෙන ලෙස අධ්‍යාපන බලධාරීන්ට දැනුම් දී ඇත.
 
වයිරසයෙන් වැලැක්වීම සඳහා පනවා ඇති ආරක්ෂක නීති රීති වලට අනුකූල වන ලෙස අධ්‍යාපන ආයතන වල සේවකයින්ට උපදෙස් ලබාදී තිබේ. 
 
අප්‍රේල් මස මුල් කාලයේ ආරම්භ කිරීමට නියමිතව තිබණු නව පාසැල් වාරය කොරෝනා වසංගතය හේතුවෙන් වරින් වර කල් දැමිණ.
 
කෙසේ වුවද සමහර විශ්ව විද්‍යාල සහ උසස් පාසැල් අප්‍රේල් මස මැද භාගයේදී ආරම්භ කිරීමට අවසර ලබා දී තිබිණ.
 
ප්යොන්ග්යැං නගරයේ ආසාදිතයන් කිසිවකු වාර්තා නොවුවද දේශ සීමා වසා දැමීම සහ ජනතාව හුදකලා කිරීම ඇතුළු දැඩි නීති රීති පනවා තිබිණ.
 
විශ්ලේෂකයන් පවසන්නේ අසල්වැසි චීනයේ ආරම්භ වී ලොව පුරා ව්‍යාප්ත වූ වසංගතයෙන් උතුරු කොරියාවට ගැලවීමක් නැති බවයි.
 
උතුරු කොරියාවේ කඩා වැටුණු සෞඛ්‍ය පද්ධතිය හමුවේ මෙවැනි දරුණු වසංගයක් මැඩපැවැත්වීමට බලවත් පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇති බවත් ඔවුහු පවසති.
 
උතුරු කොරියාවේ අසාදිතයින් වාර්තා වී නොමැති බව එරට බලධාරීන් පවසන නමුත් විදෙස් විශ්ලේෂකයන් අනුමාන කරන්නේ වයිරසය රටට ව්‍යාප්ත වි ඇති බවයි.
 
(ඒඑෆ්පී ඇසුරිණි - 085)



අදහස් (1)

උතුරු කොරියාවේ වසා දැමුණු පාසල් යළි විවෘත කිරීමට යයි

Siva Tuesday, 02 June 2020 06:44 AM

ඔන්න පේනවනේ.. ඒක හින්දා අපිත් මෙහෙ ඇරලා ඉක්මනටම ඡන්දෙ තියලා තුනෙන් දෙක අරන් දෙමු රට හදන්න එයාලට.. කොරෝනා හදාගෙන හරි ඇවිත් රට ඉන්න අයට පුලුවන්නේ එතකොට යුතුකම් ඉටු කරල යන්න.. අනේ ඉක්මනට අපි ඡන්දෙ තියමු..ප්ලීස්..ප්ලීස්...

:       11       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොවිතැන දියුණු කරන්න ත්‍රෛයිපාර්ශවීය ගිවිසුමක්
2024 මැයි මස 08 94 0

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රජාවගේ ගෘහ ආශ්‍රිත ගොවිතැන වැඩිදියුණු කිරීම සඳහා වන ගිවිසුමක් ජනාධිපති කාර්යාලයේදී අත්සන් තැබිණි.


සමාජ මාධ්‍යයෙන් අපහාස කළැයි යුද හමුදාපති අධිකරණයට යයි
2024 මැයි මස 07 1375 0

අපහාසාත්මක හා අපකීර්තිමත් වීඩියෝවක් නිර්මාණයකර සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කළ තිදෙනකුට එරෙහිව යුධ හමුදාපති විකුම් ලියනගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍


ජාඇළ කම්හලක ගින්නක්
2024 මැයි මස 07 265 0

ජාඇල ඒකල ප්‍රදේශයේ ඇලුමිනියම් ආශ්‍රිත නිෂ්පාදනා ආයතනයක ඇතිවූ හදිසි ගින්නක් හේතුවෙන් එම කම්හලට මහත් හානියක් සිදුවී ඇතැයි ජාඇළ පොලිසිය කියයි.


දයාසිරි - වලේබොඩ කී ප්‍රශ්නයක් විසඳන්න ජනපති මැදිහත් වෙයි
2024 මැයි මස 07 1501 0

රුසියාවේ සහ යුක්රේනයේ කඳවුරු වල රැකියා දෙන බව කියා එම රටවලට රැගෙන ගිය හිටපු හමුදා භටයන් හයසීයකට අධික පිරිසක් බලහත්කාරයෙන් යුද්ධයට යොමු කර ඇතැයි කුරු


පරාටේ තහනම් නීතිය සම්මතයි
2024 මැයි මස 07 1107 0

ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින්


‘‘මහ බැංකුව පිහිට වූයේ ලාභ ගන්නම නොවේ‘‘
2024 මැයි මස 07 1414 0

මහ බැංකුව පිහිටුවා ඇත්තේ ලාභ ලැබීමේ අරමුණින් නොවේ. මහ බැංකුව නියාමනය සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍ය ආයතනයක් යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 547 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2000 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1775 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site