IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


​හකීම්-ෆයිසර් ගැටුම ​කැබිනට් රැස්වීම උණුසුම් කරයි

 

කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි ගිය අඟහරුවාදා උදේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. කැබිනට් පත්‍රිකා එකින් එක සාකච්ඡා කරගෙන යද්දි හකීම් ඇමැතිවරයා ෆයිසර් මුස්තාපා ඇමැතිවරයාට එරෙහිව එල්ල කළ වාග් ප‍්‍රහාරයක් හේතුවෙන් කැබිනට් රැස්වීම ගිනියම් විය. පළාත් සභා සීමානිර්ණ කමිටුවට පත් කර ඇති මුස්ලිම් නියෝජිතයා දේශපාලනඥයකු යැයි හකීම් චෝදනා කළේය. හිටපු විනිසුරුවරයකු වුවද ඔහු දේශපාලන කටයුතුවලට සම්බන්ධ අයකු යැයි හකීම් කියද්දි ෆයිසර් පිළිතුරු දෙමින් කීවේ ඔහු සීමානිර්ණ කමිටුවට සුදුසු පුද්ගලයකු බවය. හකීම්ගේ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බවද ෆයිසර් කීවේය. ඉන් සෑහීමට පත් නොවූ හකීම් ෆයිසර්ට චෝදනා කරද්දි රිෂාද් බදියුදින් ද ෆයිසර්ට හවුල් විය. රිෂාද් හකීම්ට චෝදනා කරමින් කියා සිටියේ ඔයා ජල සම්පාදන මණ්ඩලයේ කරන ඒවා අපි දන්නවා කියාය. තුන් දෙනා අතර වාදය ඇවිලෙද්දී ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් ඊට මැදිහත් වූහ. කබීර් හෂීම් කීවේ මේක ප‍්‍රශ්නයක් නම් මුස්ලිම් නියෝජිතයා පත් කිරීම අපි කරන්නම් ඒක එක්සත් ජාතික පක්ෂයෙන් කළ යුතු වැඩක් බවය.   


ලක්ෂ්මන් සෙනෙවිරත්න රාජ්‍ය ඇමැතිවරයා වැඩ බලන විද්‍යා තාක්ෂණ ඇමැති ලෙස මෙවර කැබිනට් රැස්වීමට පැමිණ සිටියේ සුසිල් ප්‍රේමජයන්ත වෙනුවටය. ඉඳ හිට කැබිනට් රැස්වීමට යාමට ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජනයක් ගනිමින් ප‍්‍රහාරයකට මුල පිරුවේය. ඔහුගේ ප‍්‍රහාරයේ ඉලක්කය වූයේ හිටපු මුදල් ඇමැති රවි කරුණානායකය. අමාත්‍යංශවලට හා රජයේ අනෙකුත් ආයතනවලට වාහන ගැනීමේදී වාහන මිලදී නොගෙන කුලියට වාහන ගන්නැයි රවී කරුණානායක මුදල් ඇමැතිව සිටියදී අමාත්‍යාංශයෙන් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බව ඔහු කීවේය. එය බරපතළ වැරැද්දක් බවත් මෙමගින් සිදුවන්නේ රජයේ මුදල් නාස්තියක් බවත් කී ලක්ෂ්මන් සෙනෙවිරත්න, අඩුම තරමින් ලීසින් කර වාහන ගත්තේ නම් එය රජයට හෝ ඉතිරිවන බව කීවේය. ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ අදහස අනුමත කරමින් මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, එස්. බී. දිසානායක ඇතුළු ඇමැතිවරු කිහිප දෙනෙක්ද අදහස් දැක්වූහ. ජනාධිපතිවරයාද සිටියේ ඔවුන් කී අදහසේමය. මේ ගැන සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට නිලධාරි කමිටුවක් පත් කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.   


ආහාර නිෂ්පාදන ජාතික වැඩ සටහන ගැන ජනාධිපතිවරයා පැහැදිලි කළේය. එහිදී සතුන්ගෙන් වගාවනට වන හානිය ගැනද සාකච්ඡා විය. ඇමැතිවරුන් කිහිප දෙනකුම කීවේ අස්වනුවලින් සියයට 20ක් පමණ වඳුරන්, රිලවුන්, වල් ඌරන්, අලින්, මොණරුන්, දඬුලේනුන් ආදි සතුන් නිසා විනාශ වන බවය. මහින්ද අමරවීර ද කීවේ වන සතුන් නිසා වගාවන් ඉවරවන බවය. පසුගිය කාලෙ රිලව් අල්ලන්න කියල සල්ලිත් දුන්නා හැබැයි ඒවා හරියට ක්‍රියාත්මක වුණේ නැහැ යැයි අමරවීර කීවේය. ඒ අල්ලන ඔවුනුත් ඒ කාලෙ ගෙනත් දැම්මෙ පොළොන්නරුවටනේ යැයි ජනාධිපතිවරයාද හිනාවෙමින් කීවේය. අමරවීර කීවේ මේකට පියවරක් ගත යුතු බවය. සතුන් බෝවීම වැඩිවෙලා යැයි ඇමැතිවරයකු කියද්දි ජයවික‍්‍රම පෙරේරා කීවේ ඒක වළක්වන්න ගබ්සා කළ යුතු බවය. සතුන්ට වඳ බෙහෙත් දිය යුතු බව කීම වෙනුවට ගබ්සා කළ යුතු යැයි ජයවික‍්‍රම පෙරේරා කියද්දි හැමෝටම හයියෙන් හිනා ගියේය.



අදහස් (0)

​හකීම්-ෆයිසර් ගැටුම ​කැබිනට් රැස්වීම උණුසුම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 319 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site