IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ශ්‍රීලනිප මූලස්ථානයට ආ චන්ද්‍රිකාට විරෝධය

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් හා ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් ඉකුත් අඟහරුවාදා උදේ ඩාර්ලි පාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී පවත්වන්නට සැලසුම් කර තිබුණේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. නව වසරේ පැවැත්වෙන පළමු රැස්වීම නිසා කැවුම් කිරිබත් සංග්‍රහයක්ද සූදානම් කර තිබිණි. රැස්වීම ආරම්භ කිරීමට නියමිතව තිබුණේ නවයට පමණය. ශ්‍රීලනිපයේ මහලේකම් දයාසිරි ජයසේකර, සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර යන ඇමැතිවරුද කල්වේලා ඇතිව පැමිණ පළමු වැනි මහලේ රැඳී සිටියේ ආගිය තොරතුරු ද කතා බහ කරමිනි. සංවිධායක රැස්වීම සූදානම් කර තිබුණේ 5 වැනි මහලේ පිහිටි ශ්‍රවණාගාරයේය. උදේ නවයට ආසන්න වෙද්දී සංවිධායකයන් බහුතරයක් පැමිණ අසුන්ගෙන බලා සිටියේ පක්ෂයේ සභාපති මෛත්‍රී එනතෙක්ය.   


හදිසියේම අමුත්තියක් තවත් පිරිසක්ද සමඟ පැමිණියේ කිසිවකුත් අපේක්ෂා නොකළ අන්දමිනි. ඒ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියයි. ඇය පැමිණියේ පසුගිය ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දෙන්නට එජාප වේදිකාවට ගොඩවූ සංවිධායකයන් කිහිප දෙනකුද පෙරටු කර ගනිමිනි. චන්ද්‍රිකාට රැස්වීමට එන්නට ආරාධනයක්ද නොතිබූ අතර ඇය ඊට අනාරාධිතවම පැමිණියාය. පක්ෂ මූලස්ථානයට ආ චන්ද්‍රිකා කිසිවකුගෙන් හෝ කිසිවක් නොඅසා කෙළින්ම 5 වැනි මහළට ගොස් රැස්වීම් ශාලාවේ ඉදිරි පෙළ අසුනක ඉඳගත්තේ කිහිප දෙනකුගෙන් එල්ලවූ විරෝධයද මායිම් නොකරමිනි.   


සජිත්ට සහාය දීලා මේකත් විනාශ කරන්න ආවා දැයි සංවිධායකවරයෙක් කෑ ගසන්නට විය. හිටපු ජනාධිපතිනිය කීවේ තමාද අත්තනගල්ලේ සංවිධායක බැවින් රැස්වීමට පැමිණි බවය. තමාට කිසිවකුත් ආරාධනා නොකළ බවත් සංවිධායක රැස්වීමක් තිබෙන බව පුවත් පතකින් දැක තමා පැමිණි බවත් ඇය කීවාය. හිටපු ජනාධිපතිනිය උත්සව රැස්වීමට සාමාන්‍යයෙන් යන්නේ බොහෝ ප්‍රමාද වී වුවත් එදින ඇය වේලාවටත් කලින් පැමිණ සිටියාය. සංවිධායකවරුන් දිගින් දිගටම විරෝධතා දැක්වුවත් ඇය ඒ බවක් ගණනකට නොගෙනම ඉඳගෙන සිටියාය. චන්ද්‍රිකා පැමිණ සිටින බව පහත මාලයේ සිටි දයාසිරිටත්, අමරවීරට සහ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාසටත් දැන ගන්නට ලැබී තිබුණද ඔවුන් කිසිවකුත් එතනට පැමිණියේ නැත. මේ අතර මහගමසේකර මාවතේ නිල නිවසේ සිටි මෛත්‍රීටද දයාසිරිත් අමරවීරත් චන්ද්‍රිකා පැමිණ සිටින බව දැනුම් දුන්හ. ‘ඔන්න ඔහේ ඉඳල යයි’ මෛත්‍රීගේ පිළිතුර විය. මෛත්‍රී කියා තිබුණේ තමා රැස්වීමට නොපැමිණෙන බවත් සංවිධායකයන් කිහිප දෙනකු සිය නිල නිවසට පිටත් කර එවන ලෙසය. ඒ අනුව සංවිධායකයන් පිටත්කර යැවීම රෝහණ ලක්ෂ්මන්ට භාරදී දයාසිරිත් අමරවීරත් පක්ෂ මූලස්ථානයෙන් පිටව ගියේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැගස්වීමට යන බව දන්වමිනි.   
සංවිධායකවරුන් පිරිසකගෙන් දිගින් දිගටම විරෝධතා එල්ල වුවද එය ගණනකට ගත් බවක්වත් චන්ද්‍රිකා නොපෙන්වුවාය. ඇය පැයක් පමණ ශාලාවේ අසුන් ගෙන සිට කිසිවකුටත් නොකියා පිටත්ව ගියේ පක්ෂ මූලස්ථානය ඉදිරිපිට රැස්ව සිටි මාධ්‍යවේදීන්ටද පිළිතුරු දෙමිනි.   


මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක හිටපු අගමැතිවරයාගේ ජන්ම දින සමරුවද ගිය බදාදා ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියසදී පැවැත්වුණේ පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. උදේ 9.00ට පමණ උත්සවය පවත්වන්නට කටයුතු යොදා තිබූ අතර හිටපු ජනාධිපතිනියද සිය සොයුරිය වන සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මියද කැටුව කලින්ම පැමිණ පුෂ්පෝපහාර දක්වා පිටත්ව ගියාය. චන්ද්‍රිකාත් සුනේත්‍රාත් උදේ 7.30ට පමණ පැමිණ පුෂ්පෝපහාර දක්වා පිටත්ව ගිය අතර චන්ද්‍රිකා කීවේ තමාට එම උත්සවයටද පක්ෂයෙන් ආරාධනයක් කර නැති බවය.   

 



අදහස් (0)

ශ්‍රීලනිප මූලස්ථානයට ආ චන්ද්‍රිකාට විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site