IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


විධායකය අහෝසි යෝජනාව කැබිනට්ටුවෙන් ඉවතට

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනලද පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතකි. එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ ජවිපෙ විජිත හේරත් මන්ත්‍රීවරයා විසිනි. අද‌ාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයක් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට මාස කීපයකට ඉහත දී කතානායකවරයා වෙත දැනුම් දී තිබිණි. ඒත් සමගම පනත් කෙටුම්පත පිළිබඳ කතාබහ ද පසුගිය කාලය පුරා යටපත් වී තිබිණි.

ම දේශපාලන කරළියෙ කතාබහට ලක් විය. ඒ ගිය බ්‍රහස්පතින්ද‌ා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැඳවන ලද හදිසි ඇමැති මණ්ඩල රැස්වීමත් සමගය. ජනාධිපතිවරයා ගිය බ්‍රහස්පතින්ද‌ා සවස 3.00ට ජනාධිපති කාර්යාලයේ දී හදිසි කැබිනට් රැස්වීමක් කැඳවීය. දේශපාලනය ගැන උනන්දු වන අය පමණක් නොව කැබිනට් ඇමැතිවරුන් ද ඒ ගැන උනන්දු වූයේ හදිසියේ කැබිනට් රැස්වීමක් කැඳවූයේ ඇයි ද යන කාරණාව හේතුවෙනි. කැබිනට් රැස්වීම ප.ව. 7.15 ට පමණ ආරම්භ වූයේ ජනපති මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද කැබිනට් ඇමැතිවරු වැඩි දෙනෙක් ද ඊට සහභාගි වූහ. අද මේ කැබිනට් රැස්වීම හදිසියේ කැඳෙව්වේ මගේ වුමනාවකට නෙමෙයි. අගමැතිතුමයි කැඳවන්න කිව්වේ. යෝජනාව ගෙනාපු අගමැතිතුමාම කැඳවීමේ අරමුණු පැහැදිලි කරන්නැයි ජනාධිපතිවරයා අගමැතිවරයාට කීවේය. ඒ අනුව අගමැතිවරයා කාරණය පැහැදිලි කරන්නට විය. ‘අද මේ රැස්වීම කැඳෙව්වේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ගැන සාකච්ඡා කරන්න. මේක හදිසියේ ගෙනා යෝජනාවක් නෙවෙයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන අපි දෙමළ සන්ධානය එක්කත්, ජවිපෙ එක්කත් දිගින් දිගටම සාකච්ඡා කළා. එ්ක අහෝසි කරන්න බැරි වුණා. අනෙක මේක සිවිල් සංවිධානවලත් බලවත් ඉල්ලීමක්. ඒකයි අපි මේක අද ඉදිරිපත් කරන්නේ.’ යැයි අගමැතිවරයා පැහැදිලි කළේය. ඊට මුලින්ම විරෝධය පළ කළේ මලික් සමරවික්‍රම ඇමැතිවරයාය. ‘මේක කලින් කළා නම් හරි. ඒත් ජනාධිපතිවරණයක් කැඳවලා තියෙන වෙලාවෙ මේ යෝජනාව දැන් කිසිසේත් කළ යුතු නැහැ. මගේ බලවත් විරෝධය මේකට පළකරනවා.’ මලික් කීවේය.


අනතුරුව කතා කළේ මංගල සමරවීර ඇමැතිවරයාය. ඇත්තටම මම නම් මේක දකින්නෙ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනව දකින්න අකමැති පොහොට්ටුවේ පිරිසකුත් සජිත් ප්‍රේමද‌ාස ජනාධිපති වෙනව දකින්න අකමැති අපේ පක්ෂයේ පිරිසකුත් එකතු වෙලා කරපු කුමන්ත්‍රණයක් විදිහටයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මම පෞද්ගලිකව එකඟයි. ඒත් මේක මේ වෙලාවේ ගේන එකට මම විරුද්ධයි’ මංගල කීවේ යෝජනාව ගැන දැඩි විරෝධය පළකරමිනි.


රාවුෆ් හකීම් ඇමැතිවරයා ද අනතුරුව කතා බහට එක්විය. ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන පහුගිය කාලෙ දිගින් දිගටම කතා කළා. විධායකය අහෝසි කිරීමත් එක්ක මැතිවරණ ක්‍රමයත් වෙනස් කරන්න වෙනවා. පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරල වෙච්ච දේවල් පේනවා නේද? පළාත් සභා ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ගිහින් පළාත් සභා අක්‍රිය වෙලා. දැන් මේ හදන්නේ පාර්ලිමේන්තුවත් අක්‍රිය කරන්න ද? මේ යෝජනාවට අපේ බලවත් විරෝධය පළකරනවා යැයි හකීම් ද කීවේය. දිගම්බරම් හා මනෝ ගනේෂන් ද කතා කළේ යෝජනාවට දැඩි විරෝධයක් එල්ල කරමිනි. ‘මම නම් කියන්නේ විධායක ජනාධිපති ධුරය තව අවුරුදු 10ක් වත් තියෙන්න ඕන. ඒකීයභාවය රැකිල තියෙන්නෙත් විධායක ජනාධිපති ක්‍රමය නිසයි.’ මනෝ ගනේෂන් කීවේය. අනතුරුව පාඨලී චම්පික රණවක ඇමැතිවරයා ද කතාවට මැදිහත් විය. ‘අපි බලයට ආවේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කියලයි. අපි 19 වැනි සංශෝධනයෙනුත් ඒක කරන්න හැදුවා. ජනමත විචාරණයකට තුඩු දෙන දේවල් හැර අනෙක් සියල්ල අපි 19 න් කළා. මේ යෝජනාව ගේන්න ඕන නම් මෙතන නෙවෙයි සාකච්ඡා කරන්න ඕන ඉස්සෙල්ලා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ගේන්න ඕන. එහෙම ගේන්න ඕන නම් කණ්ඩායම් රැස්වීමට ද‌ාලා ඡන්දයක් විමසමු.’ යැයි චම්පික ද දැඩි වාග් ප්‍රහාරයක් එල්ල කරමිනි. මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ නෙවෙයි. දැන් මෙතනම අපි ඡන්දයක් විමසමු.’ යැයි තලතා අතුකෝරළ යෝජනා කළාය. තලතා කීවේ ද ජනාධිපතිවරණයට දින තීරණය කර තිබිය දී මෙවැනි යෝජනාවක් ගෙන ඒම අනුමත කළ නොහැකි බවය.


මේ කතාබහ අතරේ රාජිත සේනාරත්න අදහස් දක්වන්නට ඉදිරිපත් විය. ඔහු අදහස් දැක්වූවේ අගමැතිවරයාගේ යෝජනාවට එකඟවය. යෝජනාවට පක්ෂව කතා කළේ රාජිතත් රවි කරුණානායකත් පමණි. අනෙක් කිසිදු ඇමැතිවරයෙක් යෝජනාවට පක්ෂව කතා නොකළේය. ‘මම 78 ඉඳලම විධායක ජනාධිපති ක්‍රමයට විරුද්ධයි. මම විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව දිගටම සටන් කළා. මම පිල්මාරු කළාට ප්‍රතිපත්ති මාරු කළේ නෑ. මම කියන්නේ මේක අහෝසි කරන්න ඕන කියලයි.’ රාජිත කීවේ දීර්ඝ පැහැදිලි කිරීමක් ද කරමිනි.


රවි කතා කළේ ද රාජිතගේ අදහස අනුමත කරමිනි. මගේ ​ේදශපාලන ගුරුවරයා ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා. එතුමා දිවි පිදුවෙත් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සටන් කරලයි. මට කාත් එක්කවත් ඩීල් නෑ. මට ඩීල් එක තියෙන්නේ ජනතාවත් එක්කයි.’ රවි කීවේ ඇමැතිවරුන්ගෙන් එල්ල වූ දැඩි බාධා කිරීම් මධ්‍යයේය. කැබිනට් රැස්වීම එකම ගාලගෝට්ටියක් බවට පත්වෙද්දී රාවුෆ් හකීම් ජනාධිපතිවරයාගෙන් විමසා සිටියේ මේ යෝජනාව ඔබතුමාගේ ද, අගමැතිවරයාගේ ද කියාය. ‘අගමැතිතුමා තමයි කැඳවන්න කිව්වේ.’ ජනාධිපතිවරයා කීවේ හකීම්ගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි. ‘නෑ මොකද අද පාර්ලිමේන්තු මන්දිරයේ තිබුණු ප්‍රථම කැබිනට් රැස්වීමේදී අගමැතිතුමා කිව්වේ මේක ඔබතුමාගේ යෝජනාවක් කියලයි’ හකීම් කීවේය. ‘නෑ.. නෑ... මම මොකටද තව ප්‍රශ්න හද‌ාගන්නේ.’ යැයි ජනාධිපතිවරයා කීවේ යෝජනාව තමාගේ නොවන බව පවසමිනි.
‘මේක මේ ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ගෙනා යෝජනාවක් නෙවෙයි. මෙතන තියෙන්නෙ ජනාධිපතිවරණයකට යන්න බයයි කියන එකනෙ. අපිට අවුරුදු විසිපහකින් ජනාධිපතිවරයෙක් හිටියෙ නෑ. මේ විදිහේ කැතවැඩ කරන්න එපා ’ රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයා සඳහන් කළේය.


අනතුරුව සජිත් ප්‍රේමද‌ාස ඇමැතිවරයා ද අදහස් දක්වන්නට අවස්ථාව ඉල්ලා සිටිය ද ජනාධිපතිවරයා කීවේ දැන් මේකට කට්ටියම විරුද්ධයිනේ. ඒ හින්ද‌ා කතා පවත්වන්න ඕන නෑ. ඔයාලා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ කතා කරල තීරණයක් අරගෙන එන්න යනුවෙනි. ඒ අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ඇමැතිවරුන් වැඩි දෙනෙකුගේ විරෝධය හේතුවෙන් ප්‍රතික්ෂේප විය. විශේෂ කැබිනට් රැස්වීම විනාඩි 45 කට පමණ සීමාවිය.


මේ අතර එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක්ද බ්‍රහස්පතින්දා උදේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා තිබුණේ කබීර් හෂීම් ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙනි. ඊට එජාප මන්ත්‍රීවරු 45 දෙනකු පමණ සහභාගිවී සිටි අතර රාවුෆ් හකීම්, පාඨලී චම්පික, දිගම්බරම් ඇතුළු පක්ෂ නායකයෝ කිහිප දෙනෙක්ද ඊට සහභාගි වූහ. එහිදී ද දීර්ඝ වශයෙන් කතාබහට ලක්ව තිබුණේ එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ගැනය. හකීම්, චම්පික, දිගම්බරම් ඇතුළු සෙසු පක්ෂ නායකයන්ද එහිදී කියා තිබුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කළ යුතු බවය.


සතියේ කැබිනට් රැස්වීම සුපුරුදු පරිදි ගිය අඟහරුවාදා උදේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. සංවර්ධන කමිටුවල සභාපතිත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ දෙකක මාසික දීමනාවක් ගෙවීමේ යෝජනාව වජිර අබේවර්ධන ඇමැතිවරයා විසින් දෙවන වරටත් ඉදිරිපත් කර තිබිණි. එය කලින් සතියේද ඉදිරිපත් කර තිබූ නමුත් ජනාධිපතිවරයාගේ විරෝධය හේතුවෙන් යෝජනාව ප්‍රතික්ෂේප විය. මෙවරද වජිර එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ දෙවන වතාවටය. ජනාධිපතිවරයා එම යෝජනාවට මෙවරද විරෝධය පළ කළේ වෘත්තීය සමිති වැඩි වැටුප් ඉල්ලා සටන් කරන වෙලාවක මන්ත්‍රීවරුන්ට ලක්ෂ දෙකක් දීම තවත් අර්බුදයකට මග පෑදීමක් වන බව කියමිනි. ඒ අනුව වජිරගේ යෝජනාව දෙවැනි වරටත් ප්‍රතික්ෂේප විය.


මේ අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර අලුතින් ප්‍රතිත්‍රස්ත පනතක් ගෙන ඒමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ අගමැතිවරයා විසිනි. මීට පෙරද ප්‍රතිත්‍රස්ත පනතක් ඉදිරිපත් කර තිබූ අතර එය යටපත් වූයේ විවිධ පාර්ශ්වවලින් එල්ල වූ විරෝධය හේතුවෙනි. මෙවර ප්‍රතිත්‍රස්ත පනතක් පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ඇමැතිවරුන් තිදෙනකුගෙන් යුත් කමිටුවක් විසින් දෙන ලද වාර්තාවක්ද සැළකිල්ලට ගනිමිනි. එම වාර්තාව සකස් කර තිබුණේ තිලක් මාරපන, පාඨලී චම්පික රණවක හා තලතා අතුකෝරල යන අැමැතිවරුන් ගෙන් යුත් කමිටුවකිනි. පාස්කු ඉරිදා එල්ලවූ ප්‍රහාරයත් බ්‍රිතාන්‍ය හා තවත් රටවල් කීපයක ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් ආදියත් සැළකිල්ලට ගනිමින් එම වාර්තාව ඉදිරිපත් කර තිබුණේ අන්තර් ජාලය මගින් කෙරෙන ත්‍රස්තවාදී ක්‍රියාවලට ද එරෙහිව පියවර ගත හැකි වන අන්දමිනි.


මේ අතර ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු විධායක නිලධාරින් සඳහා රුපියල් 15,000 සිට 50,000 දක්වා වන දීමනාවක් ගෙවීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ රංජිත් මද්දුම බණ්ඩාර ඇමැතිවරයා විසිනි. එය මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගැනීම සඳහා ඊළඟ සතියට කල් තැබිණි. යුද්ධයේදී ආබාධිත වූ රණවිරුවනට ඔවුන්ගේ දිවි ඇති තෙක් මාසික වැටුප් ගෙවන ලෙස ඉල්ලා කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සත්‍යග්‍රහයක් මීට සති දෙකක පමණ සිට ආරම්භ කර තිබේ. එම ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමුකර ජනපති මෛත්‍රී එම ගැටලුව විසඳීමට අදාළ යෝජනාවක්ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබිණි. එයද මුදල් අමාත්‍යාංශ නිර්දේශ ලබාගැනීමට යොමු කරනු ලැබුවේ එන සතියේ කැබිනට් අනුමැතිය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි.


මෙවර කැබිනට් රැස්වීමට මුදල් රාජ්‍ය ඇමැති ඉරාන් වික්‍රමරත්නද කැඳවනු ලැබ සිටියේය. ඔහු පැමිණියේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක් කිරීමටය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකටද ලක්ව තිබෙන අතර එහි බැංකු ණය ප්‍රමාණයද සීමාව ඉක්මවා ගොස් තිබේ. ඉරාන් පැහැදිලි කරමින් කීවේ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා උපාය මාර්ගික ආයෝජකයකු සොයමින් සිටින බවය. එහි ණය ප්‍රමාණය රුපියල් බිලියන 102.55 ක් පමණ වන බව කී ඉරාන් එම ණය ප්‍රමාණය අනුව සෑම පුරවැසියකුටම රුපියල් 7,300ක ණයක් තිබෙන බවය. පැහැදිලි කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා කියා සිටියේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ගොඩගත හැකි යෝජනා තිබේ නම් ඉදිරිපත් කරන ලෙස ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවය.



අදහස් (0)

විධායකය අහෝසි යෝජනාව කැබිනට්ටුවෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න

 

කරලියේ කතාබහ

පොහොට්ටුවෙන් පූට්ටුවක්
2024 ජුලි මස 22 691 0

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම


මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 908 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 729 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 541 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 456 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 397 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 459 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1039 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 352 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site