IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මහින්දගේ උපන් දිනේට රෝහිතගෙන් ගීතයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය යෙදී තිබූ ගිය 18 වැනිදා මහින්දට ආශිර්වාද කිරීම වෙනුවෙන් අභයාරාමයේදී කිරි අම්මාවරුන්ගේ දානයක් සූදානම් කර තිබිණි. එය සංවිධානය කර තිබුණේ මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ මූලිකත්වයෙනි.

මහින්ද උදේ පාන්දරම අභයාරාමයට පැමිණි අතර ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් ද ඊට සහභාගි වී සිටියහ. දානය අවසන් වීමෙන් පසුව මහින්ද උපන් දින කේක් ගෙඩියක් කැපුවේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසගේ ද සහභාගිත්වයෙනි. උපන්දින කේක් ගෙඩිය නෙළුම් පොහොට්ටුවක හැඩයට නිර්මාණය කර තිබීම විශේෂත්වයක් විය. මහින්දට සුබ පතන්නට ආ රෝහිත අබේගුණවර්ධන මහින්දට සුබ පතමින් සී.ඩී. තැටියක් පිළිගැන්වීය. සී.ඩී. තැටිය රෝහිත මහින්ද වෙනුවෙන් ගැයූ ගීයකි. එයට රූප රචනාවක් ද යොදා තිබිණි. මහින්ද සී.ඩී. තැටිය බාර ගන්නා ගමන් කීවේ රෝහිත දැන් හොඳ කථිකයෙක් විතරක් නොවෙයි. හොඳ ගායකයෙකුත් වෙලානේ කියාය.

ප්‍රසන්න රණතුංග මහින්දට සුබපතමින් කීවේ හවසට ඉන්දියාව බලා පිටත්ව යන බවය. ඔහු මහින්දගෙන් සමුගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක නම් ආයෙත් එකතු වෙන්න එපා කියමිනි.   


මහින්ද එදින දහවල් දළදා වහන්සේ වැඳ පුදාගන්නට මහනුවර බලා පිටත්ව ගියේය. දළදා වහන්සේ වැඳ පුදා ගැනීමෙන් අනතුරුව දානමය පින්කමකට ද මහින්ද එක්වූ අතර එතැන ද නෙළුම් පොහොට්ටුවක් හැඩයට නිම වූ උපන් දින කේක් ගෙඩියක් තිබිණි. දවල් කෑම සූදානම් කර තිබුණේ ලොහාන් රත්වත්තෙගෙ නිවසේය. කෙහෙළිය ද උපන්දින කේක් ගෙඩියක් ද රැගෙන ලොහාන්ගේ නිවසට පැමිණ සිටියේ මහින්දට සුබ පතන්නටය. විශේෂත්වය වූයේ එම කේක් ​ෙගඩිය ද නෙළුම් පොහොට්ටුවක හැඩයෙන් නිමවා තිබීමය. ‘‘මම මේ පාර උපන්දිනේට කේක් තුනක් කැපුවා. තුනම හදලා තිබුණේ නෙළුම් පොහොට්ටුවේ හැඩයටයි’’ කියමින් මහින්ද සිනාසුණේය. කෙහෙළිය කීවේ ‘‘සර්, දැන් ඉතින් නෙළුම් පොහොට්ටුව පිපෙන කාලෙනෙ’’ කියාය.   


අඟහරුවාදා පාර්ලිමේන්තුවට ගිය මහින්ද භෝජනාගාරයේ ආහාර ගනිමින් සිටියදී නිමල් සිරිපාල හා සුසිල් ප්‍රේමජයන්ත එතැනට පැමිණියහ. සුසිල් කීවේ ‘‘සර්, අපි එකතුවෙලා ඡන්දෙට යමු’’ කියාය. සුසිල්ගේ යෝජනාවට මහින්ද කීවේ ‘‘ඔයාල යෝජනා ටික ලිඛිතව එවන්න. මම අපේ මන්ත්‍රී කණ්ඩායමට දාල තීන්දුවක් ගන්නම්’’ යනුවෙනි. නිමල් සිරිපාල කියා සිටියේ ‘‘සර් කියන දේ තමයි ඒකාබද්ධ විපක්ෂයේ අය අහන්නේ’’ කියාය. ‘‘මම මේක ඒ අයට කියන්නම්. හැබැයි තීන්දුව ගන්නේ ඒ අයයි.’’ මහින්ද කීවේ නිමල්ගේ කොණ්ඩය දෙස ද බලමිනි. ‘‘මොකද නිමල් කොණ්ඩෙට වුණේ’’ යැයි මහින්ද ඇසුවේ සුසිල් දෙස ද බලමිනි. ‘‘මම බාරයක් වුණානේ. ඒකට කොණ්ඩේ කැපුවා’’ යයි නිමල් උත්තර දුන්නේය.   


මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ අඟහරුවාදා හැන්දෑවේ රැස්වූහ. මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස් වූ පක්ෂ නායක හමුව පැවැත්වූයේ විජේරාම මාවතේ පිහිටි නිවසේය. පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා වූ අතර මහින්ද කීවේ පසුවදා පැවැත්වෙන මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ ගැන තීන්දුවක් ගත හැකි බවය. 



අදහස් (0)

මහින්දගේ උපන් දිනේට රෝහිතගෙන් ගීතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site