IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


භාරකාර ආණ්ඩුවකට ඉඩක් නෑ - ​එජාපය

දින අටක නෝර්වේ හා එංගලන්ත නිල සංචාරයෙන් පසු බදාදා ලංකාවට පැමිණි අගමැතිවරයා පැය 12ක ගුවන් ගමන නිමකර විඩාවට පත්ව සිටිය ද නිවසට පැමිණි වහාම පාර්ලිමේන්තුවට ගියේ ව්‍යවස්ථා සභාවට අදාළ සාමාජිකයින් පත් කිරීමේ සාකච්ඡාවටය. අනතුරුව සභා ගැබට ගිය විට ජවිපෙ නායකයා තෙල් මිල සූත්‍රය ගැන විමසූ පැනයට ද අගමැතිවරයා උත්තර දුන්නේය.


“ලෝකයේ තෙල් මිල තාම ඉහළ යනවා. ඩොලරය නගිනවා. ඒවා අපේ වැරැද්දක් නිසා වෙන දේවල් නොවෙයි. නොවැම්බර්වල ඉරාන තෙල් ප්‍රශ්නයක් එනවා. එවිට ඒ අඩුව පුරවන්නේ කවුද? ඒනිසා වෙන්නේ මොනවද කියා අප වගේම ලෝකයම බලාගෙන ඉන්නවා.”


“තෙල් මිල සූත්‍රය අනුව ඉන්දියාවේ මිල දිනපතා වෙනස් වෙනවා. ඒ තාක්ෂණය තාම අපට නැහැ. මාසෙට වරක් සූත්‍රය ක්‍රියාත්මක කරන්නේ ඒකයි. සූත්‍රය තිබුණත්, නැතත් තෙල් මිල වැඩි වෙනවා”


“සූත්‍රය තිබුණත්, නැතත් ලංකාව හා හැම රටක්ම තෙල්වලට බදු අය කරනවා. තෙල් මිල අඩු වුණාම අප ජනතාවට ඒ සහනය දෙනවා. ගිය රජය කාලේ තෙල් බැරලය ඩොලර් 40 ට අඩු වුණත් ජනතාවට සහන දුන්නේ නැහැ” අගමැතිවරයා කීය.


බ්‍රහස්පතින්දා උදේ අගමැතිවරයා අරලියගහ මැදුරට ගියේ ඉන්දීය සාගර සමුළුවට එක් වීමටය. ජනපති මෛත්‍රී ද ඊට එක් වීමට නියමිතව තිබූ නිසා ඔහු පැමිණෙන තෙක් පැමිණ සිටි මැති-ඇමතිවරුන් සමග කතා බහ කිරීමට අගමැතිවරයා ඒ කාලය යොදා ගත්තේය.


“නෝර්වේ එංගලන්ත සංචාරය කොහොමද? ජනාධිපතියි, අගමැතියි දෙන්නම එක වෙලාවට රටේ නොහිටපු එක ගැන මිනිස්සු එච්චර කැමති නැහැ වගෙයි.”, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


“ඉතා හදිසියෙන් එහෙම දෙයක් වෙන්නේ. මා රට ගියාම ජනාධිපතිතුමාටත් හදිසි සංචාරයක යන්න වුණා. කිරිඇල්ල ඇමතිතුමා රටේ හිටපු නිසා ප්‍රශ්නයක් නැහැ. දුරකථනයෙන් ජනාධිපති හා මට කථා කර අවශ්‍ය තීන්දු ගන්න පුළුවන්නේ?” අගමැති කීය.


“ජනාධිපතිතුමයි, පොහොට්ටුවේ අයයි රහස් කතා කර අගමැති මාරු කරලා භාරකාර ආණ්ඩු හදා මොකක්ද මේ කරන්න හදනවා කියන්නේ? ජනමාධ්‍ය මේක තවත් රස කර දුන්න නිසා මිනිස්සු වෙන්නේ මොකක්ද අහනවා.” චමින්ද විජේසිරි ඇසුවේය.


“මේ ව්‍යවස්ථාව අනුව භාරකාර ආණ්ඩු පිහිටුවන්න ක්‍රමයක් නැහැ. ආණ්ඩුව විසිරෙව්වම තමයි භාරකාර ආණ්ඩුව හදන්න පුළුවන්. විපක්ෂය කියන විකාර ජනමාධ්‍ය රටට දෙන්නේ වගකීම නැතිවයි.”


“පොහොට්ටුවේ සමහරුන් මේ දවස්වල රෑට නිදාගන්නේ උදේ නැගිටින විට මහින්ද අගමැති වෙලා අලුත් ආණ්ඩුව හැදිලා ඇති කියලා සිහින දකිමිනුයි. ඒ මිනිස්සු පව්, එක අතකට.” විජයදාස රාජපක්ෂ කීවේ සිනා මැදය.
“මගේ විදේශ සංචාරය ඉතා සාර්ථකයි. නෝර්වේ එක්ක ඇති අපේ දේශපාලන හා ආර්ථික සබඳතා තවත් වැඩි කරගන්නත් ඉන්දීය කලාපයේ එකට වැඩ කිරීම ගැනත් අප තීන්දු කීපයකට ආවා. ගෝලීය සංවර්ධනය විධිමත් කරන ගමන් දෙරටේ පෞද්ගලික අංශවල එකතුවෙන් ලංකාවට නෝර්වේ ආයෝජන ගේන්න කතා කර ගත්තා” අගමැති කීවේය.


”එංගලන්ත කොටස් වෙ​ෙළඳපොළ තනිකරම දුවවන්නේ ලංකාවේ අය වීම ලොකු දෙයයි. ලෝකයේ සියලු ප්‍රධාන කොටස් වෙ​ෙළඳ පොළවල්වල ඉන්නේ අපේ අයයි” නවීන් දිසානායක කීය.


“නවීන් හරි. ඒ තත්ත්වය තව වර්ධනය කර ගැනීම අප කරන්න ඕනෑ. මා එංගලන්තෙ ගියේ වැඩ දෙකකටයි. ලන්ඩන් කොටස් වෙ​ෙළඳපොළෙහි උත්සවයට මට ආරාධනා ලැබුණා. එයාලගේ තාක්ෂණය වැදගත්. ඊළඟට ඔක්ස්ෆර්ඩ් සරසවියේ ලලිත් ඇතුලත්මුදලිලාත් හිටපු “විවාද සමාජය” මට ආසියාව ගැන දේශනයට ආරාධනා කර තිබුණා” අගමැතිවරයා පැහැදිලි කළේය.


“නීතිපති එකෙහි ඉහළම නිලධාරියෙකු හා තවත් හතර දෙනෙකු චන්දන පෙරේරා කියන නීතිඥයා කැඳවා නඩුවක තොරතුරු හා ලිපි ලේඛන ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධිය හැම ජනමාධ්‍යයකම ගියා. නීතිපති නිලධාරීන් ඒ කරපු වැඩේ ඉතා වැරදි බවට ජනමතය පවා දැන් ඇතිවී තිබෙනවා. නීතිපති එකේ නිලධාරීන් මීට පසු ඒ වගේ වැරදි නොකරන්න සිද්ධිය හොඳ පූර්වාදර්ශයක් වේවි” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“එතකොට ඒ නීතිඥයා සිද්ධිය ගැන පොලිස්පති-නීතිපති අගවිනිසුරු අදාළ ඇමතිවරුන්ට කරපු පැමිණිලි විභාග වෙන්නේ නැද්ද?” චමින්ද විජේසිරි ප්‍රශ්න කළේය.


“පැමිණිල්ල අනිවාර් යෙන් අදාළ සියලු පාර්ශව විසින් විභාග කළ යුතුයි. නීතිපති දැනටම සිද්ධිය ගැන නිරීක්ෂණ වාර්තාවක් කැඳවලා කියලත් ආරංචියි” අගමැතිවරයා කීවේය.


“නඩුවක තොරතුරු හා ලිපි ලේඛන ඉල්ලන්න පුළුවන් අධිකරණයට විතරයි. ඒකටත් දැඩි සීමා තිබෙනවා. නීතිපති එකෙහි නිලධාරින් ඒ තත්ත්වය අමතක කර මීට පසු වැඩ කරන එකක් නැහැ” ප්‍රවීණ නීතිඥයන් වන විජයදාස රාජපක්ෂ මෙනම අජිත් පී. පෙරේරා කීවේ ද එකම කතාවකි.


“ජනාධිපතිතුමයි, පොහොට්ටුවයි එකතුවෙලා කරන්න හදන්නේ මොකක්ද?” චමින්ද විජේසිරි යළිත් විමසීය.


“චමින්ද මන්ත්‍රීතුමා ළඟදී පත්තරේකට කරටි කැඩෙන කතාවක් කියා තිබුණා. ආප්ප කාලා පැනලා තමන්ගේ පක්ෂය පරද්දපු හා තමන් රටේ නායකත්වයට ගෙනාපු පක්ෂයටත් කොකා පෙන්නන කෙනෙකු එක්ක පොහොට්ටුවේ අය ලජ්ජා නැතිව එකතු වෙනවා නම් ඒක අටවැනි පුදුමය බවයි, ඒකේ කියා තිබුණේ” එජාප නීති නිලධාරියෙකු කී විට සියලු දෙනාම මුහුණට මුහුණ බලාගත්හ.


“මහා පරිමාණ මූල්‍ය වංචා ගැන හොයන ජනාධිපති කොමිසමක් පත් කර ඒවායේ වාර්තාවලට අනුව නඩු දාන්න ජනාධිපතිතුමා යෝජනා කළා. පවතින නීතිය අනුව නඩු දාන්න බැහැ. අලුතින් සංශෝධන පනත නීතිපති එකේ පරක්කු වුණා. එයාලා රවී පස්සේ දිව්වා මිසක් මේක බැලුවේ නැහැ කියා ආරංචියි.


“මා සිකුරාදා පනත පාර්ලිමේන්තුවට දානවා. එතකොට යම් ජනාධිපති කොමිසමක විභාග වෙන සාක්කි යළි සාක්කි විමසීමකින් තොරව අල්ලස් කොමිසමටත් ගන්න පුළුවනි. ජනාධිපතිතුමා මේ පනත පරක්කු වීම ගැන හිත් අමනාපයෙන් හිටිය බව පේනවා. ආණ්ඩු පෙරළන කතා ආවෙත් ඒ එක්කමයි” ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළේය.


“ජනාධිපතිතුමා අල්ලාගෙන පොහොට්ටුව එක එක ගේම් ගහන්න උත්සාහ කරාවි. එතුමා මේවට යට වේවි කියා මා හිතන්නෙ නැහැ” දයා ගමගේ කීවේ එවැන්නකි.


“පොහොට්ටුවයි, ශ්‍රීලනිප ප්‍රබලයෝයි හමුවූ වෙලාවෙ එක එක්කෙනා එතනදී එක එක කතා කිව්වට රාජපක්ෂලගේ මතය නම් කොහොම ගණන් හැදුවත් මන්ත්‍රීවරුන් 90 පන්නන්න අමාරු නිසා ආණ්ඩුව පෙරළන්නේ කොහොමද කියන එකයි” රන්ජන් රාමනායක කීවේ තමාට ලැබුණු තොරතුරට අනුවය.


“ගෝඨාභයගේ කැම්පේන් එක වැටීමයි, ජනබල මෙහෙයුම අසාර්ථක වීමයි නිසා මහින්ද බැසිල් ලංකාවට ගෙන්නලා කියලත් ආරංචියි.” නවීන් දිසානායක කීය.


“රවීටයි-දයාසිරිටයි ඇමතිකම් දෙන්න යනවලු නේද? රවී ළඟදී නඩුවකින් නිදහස් වුණා. මේ ආණ්ඩුව හදන්න රවීලා අප කොච්චර කැප වුණාද?” ලක්ෂ්මන් කිරිඇල්ල කීය.


“දයාසිරිට ඇමතිකම දෙන්න ප්‍රධාන පක්ෂ දෙකේම ලොකු එකඟත්වයක් නැති බව පේනවා. රවීට දැන් ප්‍රශ්නය තිබෙන්නේ ශ්‍රීලනිප පැත්තෙන් විතරයි. ඒක ඉක්මනින් විසඳේවි කියා ආරංචියි.” වජිර අබේවර්ධන කීවේය.
“කොළඹ කුණු ප්‍රශ්නය ගැන රෝසියි, ඉඩම් ගොඩ කිරීමේ සභාපතියි එළියේ විකාර කියෙව්වා. ඒ දෙන්නම පණ්ඩිතයි. ඇතුළේ ප්‍රශ්න බේරගන්න මේ මිනිස්සුන්ට මොළය නැද්ද?” අගමැතිවරයා කීවේ මදක් ආවේගයෙනි.



අදහස් (0)

භාරකාර ආණ්ඩුවකට ඉඩක් නෑ - ​එජාපය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1067 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1093 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site