IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


ප්‍රහාර පිටිපස්සේ දේශපාලන පිරිසක්

ත්‍රස්තවාදය මර්දනය කිරීමේ කටයුතු ඉතා සංවිධානාත්මකව හා වේගයෙන් ආරක්ෂක අංශ විසින් කරද්දී අගමැති හා ආණ්ඩුව පැත්තෙන් ඊට අදාළ සියලු දිරිදීම් හා මඟ පෙන්වීම් ඉතා හොඳින් සිදුවෙන බව බොහෝ දෙනාගේ පිළිගැනීමය. එහෙත් ඇතැම් ජනමාධ්‍ය හා විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම ඒ කඳවුරේ භික්ෂූන් වහන්සේලා ඊට එරෙහි විවිධ මතවාද පතුරවන පසුබිමක්ද පවතී. එහෙයින් අගමැතිවරයා බ්‍රහස්පතින්දා උදයේම මහනුවරට ගියේ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් බැහැ දැකීමටය.


මුලින්ම මල්වතු හා අනතුරුව අස්ගිරි හා රාමඤ්ඤ නිකායන්හි මහ නාහිමිවරුන් හා අනුනාහිමිවරුන්ද බැහැදුටු අගමැතිවරයා වහාම කොළඹ පැමිණියේ “රටේ වත්මන් තත්ත්වය” ගැන පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක්වීමටය.


අගමැතිවරයා සිය කාර්යාලයට පැමිණෙන විට ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් බොහෝ දෙනෙක් එහි රැඳී සිටියහ.


“මහ නාහිමිවරුන් මොකද කියන්නේ? අගමැතිතුමා තනිවම උන් වහන්සේලාට කතා කළ එක වඩාත් හොඳයි”, සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල සුපුරුදු ලෙස කතාවට මුලපිරීය.
“රටේ ආරක්ෂාවට අදාළ සියලු සත්‍ය තොරතුරු මා උන්වහසේලාට පැහැදිලි කළා. ආරක්ෂාව තහවුරු කරන අතරේ රටේ ආර්ථිකය ඇතුළු සාමාන්‍ය ජන ජීවිතය ඉක්මනින් ගොඩනැගීමේ අපේ සැලසුමත් කිව්වා. උන් වහන්සේලා ඊට ආශිර්වාද කළා.” අගමැතිවරයා පැහැදිලි කළේය.


“මරාගෙන මැරුණු ත්‍රස්තයට අයිති තඹ කොම්පැණියේ නව දෙනෙකුට ඇප දීම ගැන ජනතාව එච්චර සතුටු නෑ. වැල්ලම්පිටිය පොලීසිය හරියට වැඩේ කර නැද්ද කියා පොලීසියෙන්ම දැන් විමර්ශනයක් යනවා.


ත්‍රස්ත විරෝධී පනත යටතේ නොවෙයි, ඒක ෆයිල් කර තිබෙන්නේ. එහෙම වුණාම ඒ නව දෙනා සේවකයෝ නිසා ඇප දී තිබෙනවා. නමුත් ඔවුන් අත්අඩංගුවට පත් වෙන්න පෙර කළ කී හැසිරීම් එළිවෙලා තිබෙන නිසා ඇපදීම ටිකක් ප්‍රමාද කළා නම් හොඳයි කියලයි මිනිස්සු කියන්නේ” නවීන් දිසානායක කීවේය.


“මුස්ලිම් අය විසින් හමුදාවේ 11ක් මරලා කියා පොහොට්ටුවේ මන්ත්‍රී පියල් නිශාන්ත සජීවීව ටී.වී. එකේ කිව්වාම සී.අයි.ඩී. එක ප්‍රශ්න කර ඇප දුන්නා. ඒත් රටේ සැබෑ තත්ත්වය එළිදක්වා වෙබ් අඩවියක පළවෙලා රටම දැකපු ලිපිය අපේ මාධ්‍ය ඒකකයේ ළමයි පන්සල්වලට යවපු ලියුමත් එක්ක අල්ල ගත්තා. ඒ ළමයින්ට තාම ඇප නහැ.” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේය.


රටේ නීතිය අනුව ජනාධිපති, අගමැති වාචිකව හෝ ලිඛිතව හෝ විවේචනය කරන්න වුණත් පුළුවනි. අනික වෙබ් එකක ගිහින් ලෝකෙම දැකපු ලිපියක් පරිවර්තනය කර බෙදා හැරපු එක ලොකු නඩුව හැටියට හිතනවා නම් ජනාධිපතිතුමාටත් ඒ නඩුවේ කූඩුවට නැඟ ක්‍රියාත්මක වෙන්න වෙනවා.” අගමැතිවරයා කීවේ මද සිනහවක්ද සමගිනි.
“දැනුවත් කරන අපේ ලිපියටයි, අර නාමල් කුමාර කියන මිනිහගේ කෙප්ප පචවලටයි එළවන එළවිල්ලෙන් සියයට දහයක් මේ ප්‍රහාරය ගැන කලින් දැනුම් දිපු බුද්ධි අංශ වාර්ථාවටත් එළෙව්වා නම් රටේ මෙච්චර විනාශයක් වෙන්නෙ නෑහැ.” ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැති ඇතුළු සියලු දෙනා එය අනුමත කළහ.


”තඹ කොම්පැනියට මූලික වෙලා වැඩේ කර දී තිබෙන්නේ ජනාධිපතිතුමාගේ ළඟම හිටපු සම්බන්ධීකරණ නිලධාරියෙකු වෙච්ච දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීකමකුත් දරණ ශ්‍රීලනිපයේ කෙනෙකු කියා ආරංචියි. හිස් පතුරම්දීම කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වුණාම ආරක්ෂක අමාත්‍යාංශයෙන් අනුමැතිය ගෙන දී කියලත් ආරංචියි.” චමින්ද විජේසිරි දැවැන්ත බෝම්බය පත්තු කළේය.


“නැගෙනහිර ෂරියා විශ්ව විද්‍යාලයට ඉඩම් වෙන් කර තිබෙන්නේ ජනාධිපතිතුමා මහවැලි ඇමැති කාලෙලු. ඒ විශ්ව විද්‍යාල යෝජනාවටත් ඒ කාළේ උදවු කර තියනවලු. සයිටම් එක වහලම දාන්න උනන්දු වූ එතුමා මුළු රටම විරුද්ධ විශ්ව විද්‍යාලය යම් අධීක්ෂණයක් යටතේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් හැටියට පවත්වාගෙන යන්න කටයුතු කිරීමයි, පුදුමය වෙන්නේ.” හේෂා විතානගේ කීවේය.


“ලංකාව ඉදිරියට යන්න නම් භේද වලින් තොරව “රටක් හා එකම නීතියක්” කියන තේමාවට ඉහළ තැනක් දෙන්න ඕනෑ.” මනූෂ නානායක්කාරගේ අදහස ඉතා වටිනා එකක් බව අගමැති ඇතුළු කාගේත් ස්ථාවරය විය.


“කොටි ගහන කාලෙත් පාසල් විවෘත කර තිබුණා. ඒත් ත්‍රස්තවාදය වසර 10 කට පසු ආපු නිසා දෙමව්පියන් තාම බයයි. තව ටික දවසක් යනවිට තත්ත්වය සාමාන්‍ය අතට හැරේවි. පාසල්වල ආරක්ෂාව උපරිම කරලයි, තිබෙන්නෙ. ආරක්ෂක අංශ, විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා දෙමව්පියන්ගෙන් ලැබෙන සහයෝගය විශිෂ්ටයි” අකිල විරාජ් කාරියවසම් කීවේය.


පාසල් විතරක් නොවෙයි. රටේ සියලු ජන ජීවිතද සමාන්‍ය මට්ටමට දැන් එන්න ඕනෑ. ආරක්ෂාව තර කරලයි තිබෙන්නෙ. රට නංවන ආර්ථික වැඩපිළිවෙළ, සංචාරක ව්‍යාපාරය, ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ආදිය ආයෙත් පටන් ගන්නවා.


“පවුල් ලක්ෂ 6 කට සමෘද්ධිය දීම, තරුණයන්ට රැකියා දීමත් ඉක්මනින් කරනවා. ත්‍රස්තවාදීන්ට බයේ රටේ දෛනික කටයුතු හකුළන්න බැහැ” අගමැතිවරයා කීවේ දැඩි අධිෂ්ඨානයෙනි.

 

 


අන්තර් ජාතික ත්‍රස්ත විශේෂඥයෙකු වන රොහාන් ගුණරත්නත් කියන්නේ ත්‍රස්ත කටයුතු 95% ක් දැන් මර්දනය කර අවසන් බවයි. ලාංකේය ජන ජීවිතය වහාම සාමාන්‍ය මට්ටමට පැමිණීම අත්‍යවශ්‍ය බව ඔහුගේත් අදහසයි.” මනූෂ නානායක්කාර කී විට සියලු දෙනා ඊට ද දැක් වූයේ ශුභවාදී ප්‍රතිචාරයකි.


“​ගෝඨාභයගේ කණ්ඩායම ලංකාවේ හිටපු විශ්‍රාමික ඇමරිකානු තානාපති කෙනෙකු වූ රොබට් ඕ. බ්ලේක් ගෙනල්ලා ගෝඨාභයගේ ඡන්ද සටනට හුළං ගහන්න හැදුවා. NGO එකක් තමයි මේක කරල තිබෙන්නෙ. ඔහු දැන් ඇමරිකානු රජයේ කිසිදු නිල තනතුරක් දරන්නෙ නැති පැන්ෂන් ගිය කෙනෙකු” පමණයි මුජිබර් රහුමාන් කීවේය.


“මේ ප්‍රහාර පිටි පස්සේ පොහොට්ටුවයි ශ්‍රීලනිපයේ සමහරුයි ඉන්න බව බොහෝ දෙනාගේ පිළිගැනීමයි. සියලු ප්‍රහාර එජාපයට අවාසි වෙන අන්දමට අමුතු “පැටර්න්” එකකටයි සිද්ධ වුණේ.


දිගනටයි, අම්පාරටයි ගැහුවා. ඉන් පාඩු වුණේ එජාපෙටයි. මුස්ලිම්වරුන් බිඳවීම ඒ ප්‍රහාරයේ අරමුණයි. ඊට පසු කතෝලිකයන්ටයි, මඩකළපුවේ දෙමළ පල්ලියේ අයට ගැහුවෙත් කතෝලිකයන් හා දෙමළ මිනිස්සු එජාපය කෙරේ බිඳවන්නයි. මේ ප්‍රහාරවල සැලැස්ම දැන් පැහැදිලියි.” ලක්ෂ්මන් කිරිඇල්ලගේ විග්‍රහය කාගේත් දැඩි අවධානයට යොමු විය.
“​​​​ෙෆාන්සේකා, ගෝඨාභයට සෙට් වෙලා ආණ්ඩුවට ගහනවා කියා මතය ලියලනවා. ත්‍රස්තවාදය මඬින්න වසර දෙකක් යනවා කියන එකත් එයාලට වාසි වෙන්න කරන ප්‍රකාශයක් බවයි බොහෝ දෙනා කියන්නේ. ඒත් රාජපක්ෂලා ගැන තමාගේ ස්ථාවරයේ කිසිම වෙනසක් නැති බවත් ෆොන්සේකා පැහැදිලි කළා.


ඔහු ත්‍රස්තවාදය මර්දනය කිරීමේ චාන්ස් එකක් ගෙන යළිත් රටට වැඩ කරන්න උත්සාහ කරන බවයි මට නම් හිතෙන්නේ” නවීන් දිසානායක ඉතා පළල් විග්‍රහයකට යොමු විය.



අදහස් (0)

ප්‍රහාර පිටිපස්සේ දේශපාලන පිරිසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 218 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site