IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


නියෝජ්‍ය ඇමැති තිදෙනාට සවස රාජ්‍ය ඇමැති පදවි

ජනාධිපතිවරණය අවසන් වී අදට හරියටම දින 15කි. ගතවූ සති දෙකක පමණ කාලය තුළ දේශපාලන කරළියේ මතුපිටින් බැලුකළ තරමක සාමකාමී බවක් පෙනෙන්නට තිබේ. මතුපිටින් එසේ වූවද, දේශපාලන කරළියේ අභ්‍යන්තරය කැලඹිලි සහගත බව දේශපාලනය ගැන උනන්දුවන ඕනෑම අයකුට පැහැදිලිව දකින්නට තිබේ. එය ආණ්ඩු පක්ෂය තුළත් විපක්ෂය තුළත් පොදුවේ දකින්නට තිබෙන අතර වැඩි වශයෙන් කැළඹිලි සහගත තත්ත්වයක් ඇත්තේ විපක්ෂය තුළ බව කරන කියන දෑවලින් පැහැදිළිය.
ආණ්ඩුව ගිය සතියේ සිකුරාදා අගමැතිවරයා ද ඇතුළු 16 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කර ගත්තේ මැතිවරණය පැවැත්වෙන තෙක් භාරකාර ආණ්‍ඩුවක් පවත්වාගෙන යා යුතු බැවිනි. 19 වන සංශෝධනය අනුව මේ පාර්ලිමේන්තුව ලබන මාර්තු මස 1 වැනිදා විසුරුවා හරින්නට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථානුකූලව බලය හිමිවේ. ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති වූවද, ආණ්‍ඩුව පවත්වාගෙන යන්නට එජාපය ද ඉඩ දී ඇත. පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් භාරකාර ආණ්ඩුවක් පත් කරන්නට ජනාධිපතිවරයා පියවර ගත්තේ ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තුව විසුරුවා හරින්නට ලැබෙන පළමු අවස්ථාවේම එය විසුරුවා හරින බවට සහතිකයක් ද දෙමිනි.


භාරකාර ආණ්‍ඩුවේ කැබිනට් මණ්ඩලය පත්කිරීමේ දී ද ආණ්ඩුව ලොකු අර්බුදයකට මුහුණ දුන්නේය. ඒ 96 ක් පමණ වන මන්ත්‍රී කණ්ඩායමකින් 16 දෙනකු තරමේ පුංචි කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සඳහා සුදුසු අය තෝරා ගැනීමය. වසර ගණනාවක් තිස්සෙ ඇමැතිවරුන් ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨයෝ ද රැසක් සිටිති. ඔවුන්ට ද අසාධාරණයක් නොවන ලෙස කැබිනට් මණ්ඩලය පත්කරන්නට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි.


ඊළඟ ගැටලුව වූයේ රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමය. ජනපති ගෝඨා ඇමැතිවරුන් දිවුරුම් දීමේ උත්සවයේදී කීවේ සඳුදා වනවිට රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දිවුරුම් දෙන බවය. එහෙත් එය බදාදා වනතෙක් කල් දමන්නට සිදුවිය. ඊට හේතුව ද රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිධුරවලට මන්ත්‍රීවරුන් තෝරා ගැනීමේ ගැටලුවකි.
බදාදා දිවුරුම් දුන් රාජ්‍ය ඇමැතිවරුන් ගණන 35කි. නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 3කි. ඒ අනුව රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන 38කි. එහි විශේෂත්වය නම්, මීට පෙර හිටපු කැබිනට් ඇමැතිවරුන් 14 දෙනකු මෙවර රාජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීමය. ඒ අතරම, නවක මන්ත්‍රීවරු 14 දෙනෙක් ද රාජ්‍ය ඇමැතිවරුන් ලෙස ජනපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.


රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස පත් වූ තිදෙනකුම මෙවර පාර්ලිමේන්තුවට පළමු වරට තේරිපත් වූ අයයි.


උදේ නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දුන් තිදෙනා සවස රාජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දීම ද විශේෂත්වයකි. නිමල් ලන්සාත්, කාංචන විජේසේකර සහ ඉන්දික අනුරුද්ධත්, භාරකාර ආණ්‍ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස ජනපති ගෝඨා ඉදිරියේ උදේ දිවුරුම් දුන්හ. ඔවුන් තිදෙනා නියෝජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දුන්නද, එම අමාත්‍යාංශවලට රාජ්‍ය ඇමැතිවරුන් ද දෙතුන් දෙනා බැගින් පත්කර තිබීම ගැන ඔවුන් සිටියේ එතරම් කැමැත්තකින් නොවේ. ඔවුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද හමුවී සිය දුක්ගැනවිල්ල කියන්නට වූයේ එමඟින් හෝ යම් සහනයක් ලැබෙනු ඇතැයි විශ්වාසයෙනි. ඔවුන් තිදෙනා ජනාධිපති කාර්යාලයට ගෙන්වා ගත් ගෝඨා ගැටලුව විසඳුමින්, ඔවුන්ට රාජ්‍ය ඇමැතිවරුන් ලෙස සවස්වරුවේම දිවුරුම් දෙන්නැයි කීවේය. ඒ අනුව සවස 4.15ට පමණ ඔවුන් තිදෙනා රාජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දුන්නේ, නියෝජ්‍ය ඇමැතිවරුන් ගණන බින්දුවටම අඩු කරමිනි. රාජ්‍ය ඇමැතිවරුන් 35 දෙනා 38 දක්වා ඉහළ ගිය අතර, හිටපු කැබිනට් ඇමැතිවරුන්ට වැඩි වගකීම් පැවරිණි.



අදහස් (0)

නියෝජ්‍ය ඇමැති තිදෙනාට සවස රාජ්‍ය ඇමැති පදවි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 664 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 546 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 445 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site