IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


දේශපාලනයේ ගිනියම් සතියක්

අලුතින් එන දේශපාලන කාරණා හේතුවෙන් දේශපාලන කරළිය දවසින් දවස උණුසුම්වන බවක් දක්නට ලැබේ. ගිය සතියේ දේශපාලන කරළිය ද මේ ආකාරයට ගිනියම් වූයේ අලුතින් ආ දේශපාලන කාරණා කීපයක් හේතුවෙනි. ඉන් එකක් හදිසියේ ඇති කළ දුම්රිය වර්ජනයයි. දෙවැන්න පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පිළිබඳ අර්බුදයයි. මැති ඇමැති වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් කලින් සතියේ ඇති වූ හා හූව ගිය සතියේ යටපත්වී දුම්රිය වර්ජනයත් විපක්ෂ නායක අර්බුදයත් රටම ගිනියම් කළේ කිසිවකුත් අපේක්ෂා නොකළ පරිද්දෙනි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගිය බදාදා රාත්‍රියේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි නිල නිවසේදී රැස්වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායමෙන් එස්. බී. දිසානායක ඩිලාන් පෙරේරා, තිලංග සුමතිපාල සහ දයාසිරි ජයසේකර යන මන්ත්‍රීවරුන් සිවුදෙනා පමණක් සහභාගි වූ අතර මධ්‍යම කාරක සභාවට අලුතින් පත් කෙරුණු චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතා ද පැමිණ සිටීම විශේෂත්වයක් විය. රැස්වීම රාත්‍රි 7.00ට ආරම්භවීමට නියමිතව තිබුණ ද එය තරමක් ප්‍රමාද වූයේ ජනාධිපතිවරයා කළුතර උත්සවයකට ගොස් මඳක් ප්‍රමාදවී පැමිණීම හේතුවෙනි.


මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පක්ෂයේ මහලේකම්වරයා ඉකුත් රැස්වීමේ වාර්තාව ඉදිරිපත් කළ අතර එස්. බී. ගේ හා දුමින්ද දිසානායකගේ යෝජනා ස්ථිරත්වයෙන් වාර්තාව සම්මත විය. අනතුරුව කතාබහට ලක්වූයේ පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ ගැනය. ජනාධිපතිවරයා මහලේකම්වරයාට ඒ ගැන පැහැදිලි කිරීමක් කරන්නැයි දැනුම් දුන්නේය. ඒ අනුව රෝහණ ලක්ෂ්මන් පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩ පිළිවෙළේ ප්‍රගතිය දිස්ත්‍රික් හා ආසන මට්ටමින් පැහැදිලි කළේ වාර්තා ද ඉදිරිපත් කරමිනි. ඔහු කීවේ ආසන 101ක වාර්තා පක්ෂ මූලස්ථානයට ලැබී ඇති බවය. එසේ වාර්තා නොලැබුණු එහෙත් ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කර ඇති තවත් ආසන ගණනාවක් ද තිබෙන බව මහලේකම්වරයා කීවේය. මෙතෙක් ප්‍රතිසංවිධාන කටයුතු නොකළ ආසනවල ප්‍රතිසංවිධාන කටයුතු කඩිනමින් නිම කරන්නැයි කී ජනාධිපතිවරයා ඒ සඳහා දින වකවානු ද දැනුම් දුන්නේ පක්ෂයේ 67 වන සංවත්සරයට පෙර නිම කළ යුතු බව කියමිනි.


සංවිධායකධුර ගණනාවක පවතින පුරප්පාඩු ගැන ද සාකච්ඡා විය. නැගෙනහිර පළාතේ සංවිධායක ධුර ගණනාවක පුරප්පාඩු පවතින බව ශ්‍රියානි විජේවික්‍රම රාජ්‍ය ඇමැතිනිය කීවාය. නැගෙනහිර සමහර සංවිධායකවරුන් පත් කළාම එයාල ඒක රස්සාවක් විදියට පාවිච්චි කරන්න ගත්තා. ඒක ඒ කාලෙ ඉඳලම තිබුණා යැයි කී ජනාධිපතිවරයා ශ්‍රියානි විජේවික්‍රමට කීවේ ඔබතුමිය අම්පාර දිස්ත්‍රික්කයේ ආසන ටික බලලා සංවිධාන කටයුතු සිදුකරන්න කියාය. ශ්‍රියානි විජේවික්‍රම දුක් ගැනවිල්ලක් ඉදිරිපත් කරමින් කීවේ පක්ෂ මූලස්ථානයේ සිටින නිලධාරියෙක් තමන්ගේ කටයුතුවලට බාධා කරන බවය’ එයාට එහෙම බලයක් දීලා නැහැ. ඔයාලා ඒ වැඩ ටික කරගෙන යන්නැයි ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.


උතුරු සහ නැගෙනහිර පළාත්වල ආසන සංවිධායකවරුන් පත් කිරීම ගැනද සාකච්ඡා විය. රෙජිනෝල්ඩ් කුරේ කීවේ උතුරේ මෙන් නැගෙනහිර දෙමළ අයකු ද පක්ෂයේ මධ්‍යම කාරක සභාවට පත්කළ යුතු බවය. චෙංකලාඩි ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඒ සඳහා පත් කළ හැකි යැයි යෝජනා කළේ හිස්බුල්ලාය. අනතුරුව පක්ෂයේ සංවත්සරය ගැන සාකච්ඡා විය. ජනාධිපතිවරයා කීවේ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කර පක්ෂ සංවත්සරය පැවැත්විය හැකි බවය. සංවත්සරයට කලින් ප්‍රතිසංවිධාන කටයුතු නිම කරන්නැයි ජනාධිපතිවරයා කීවේය. පක්ෂයේ 67 වන සංවත්සරය ගැන සාකච්ඡා කර තීන්දු ගැනීමට නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිවරයා කමිටුවක් පත් කළේ ඒ අනුවය. රෝහණ ලක්ෂ්මන්, දුමින්ද, අමරවීර, එස්. බී. ඇතුළු පිරිසක්ද කමිටුවට පත් කරන්නට යෝජනා විය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2020 දී නැවත බලයට ගෙන ඒමේ වැඩ පිළිවෙළ පිළිබඳ වැඩ සටහනක් මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසිනි. දයාසිරි ඒ ගැන දිගු පැහැදිලි කිරීමක්ද කළේ විනාඩි 20 ක පමණ කාලයක් ද ගනිමිනි. දයාසිරිගේ ඉදිරිපත් කිරීම ගැන අදහසක් ඉදිරිපත් කරමින් ලක්ෂ්මන් සෙනෙවිරත්න කීවේ මෙය යූඑන්පී වැඩ පිළිවෙළට ද තරමක් සමාන බවය. එහෙත් දයාසිරි එම අදහස ප්‍රතික්ෂේප කළේය. ඔහු කීවේ යූඑන්පී වැඩ පිළිවෙළේ යම් යම් ලක්ෂණ තිබිය හැකි නමුත් මෙය ඊට වඩා හාත්පසින්ම වෙනස් වැඩ පිළිවෙළක් බවය.


රෙජිනෝල්ඩ් කුරේ සිය සුපුරුදු දේශන විලාසය පෙන්වමින් මේ ගැන පැහැදිලි කිරීමක් කළේය. ඔය මොනව ඉදිරිපත් කළත් පහළ ඉන්න මිනිහට ඉහළට එන්න තැනක් පක්ෂය තුළ හැදිය යුතු බවය. රෙජිනෝල්ඩ්​ගේ අදහසට ජනාධිපතිවරයා හිනාවෙමින් කීවේ ‘‘ඇයි එහෙම කියන්නෙ’’. මමත් පහළ සිට ඉහළට ආපු කෙනෙක්නෙ’’ යනුවෙනි. දැනටත් පක්ෂයේ පහළ සිට උඩට එන්න තැනක් හදලනෙ තියෙන්නෙ යැයි ජනාධිපතිවරයා කීවේය.


මේ අතර දයාසිරි ජයසේකර කිවේ ගම්පෙරළිය වැඩ සටහන යටතේ ගම්වල සංවර්ධනයට මුදල් ශ්‍රීලනිපයට හා එජාපයට සම සමව බෙදෙන බව කිවත් ශ්‍රීලනිපයේ අයට සම සමව බෙදෙන්නේ නැති බවය. සිංගප්පූරු ගිවිසුම මත්තල ගුවන් තොටුපළ ආදි කාරණා ගැන දැනුවත් කිරීම සඳහා මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය ගාමිණි සමරනායක සහ මහාචාර්ය සේමසිංහ යන මහත්වරුන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීමටද තීරණය විය. සාකච්ඡාව යන අතරේ දුම්රිය වර්ජනය ගැන ජනාධිපතිවරයාට දිගින් දිගටම දුරකථන ඇමතුම් එන්නට විය. ජනාධිපතිවරයා මංගල සමරවීර ඇමැතිවරයාට දුරකථන ඇමතුමක් ගෙන මේ ගැන සොයා බලන්නැයි කීවේ සාකච්ඡාව අතර වාරයේමය. දුම්රිය වර්ජනය විසඳන්නට වෘත්තිය සමිති සමග සාකච්ඡා කරන්නැයි කියමින් මංගලට උපදෙස් දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අශෝක අබේසිංහ රාජ්‍ය ඇමැතිවරයා ද සම්බන්ධ කර ගන්නැයි දන්වා සිටියේය.


ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සිවු දෙනා මධ්‍යම කාරක සභාවට පැමිණ සිටියේ පක්ෂයේ 67 වන සංවත්සරයට පෙර ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ජනාධිපතිවරයාට ලිපියක්ද ඉදිරිපත් කරමිනි. ඔවුන් එම ලිපිය මගින් තවත් කාරණා කිහිපයක්ද දන්වා ඇති බව වාර්තා විය. ශ්‍රීලනිපය 67 වන සංවත්සරයට පෙර ආණ්ඩුවෙන් ඉවත් නොවන්නේ නම් තම කණ්ඩායම පක්ෂයේ මධ්‍යම කාරක සභාවට ද සහභාගි නොවන බව 16 දෙනාගේ කණ්ඩායම එම ලිපියෙන් දන්වා ඇතැයි වාර්තාවේ.



අදහස් (0)

දේශපාලනයේ ගිනියම් සතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 107 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site