IMG-LOGO

2025 ජනවාරි මස 19 වන ඉරිදා


ඡන්දයකින් තොරව සිදුවූ ​එජාපයේ තනතුරු වෙනස

ලන්ඩනයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව නිමා කිරීමෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණියේ ඉකුත් ඉරිද‌ාය.   


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ හමුව ඊට පසු දින පැවැත්විණි. ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා අතර හමුවේදී විශේෂ අවධානය යොමු කෙරුණේ සිදුකිරීමට නියමිත කැබිනට් සංශෝධනය ගැනය.   


අග්‍රාමාත්‍යවරයාට සහ රජයට එරෙහිව ගෙනා විශ්වාසභංගයට පක්ෂව ඡන්දය දෙමින් ආණ්‍ඩුවෙන් ඉවත් වූ ඇමැතිවරුන් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණයෙන් පසුව කෙරෙන කැබිනට් සංශෝධනය ගැන ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් පූර්ණ අවධානය එහිදී යොමු කෙරිණි.   


ඒ සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී කතා කිරීමේ වැදගත්කමත් ජනාධිපතිවරයා මේ හමුවේදී පෙන්වා දුන්නේය.   


අගමැතිවරයාගේ අදහස වූයේ කල් නොයවාම කැබිනට් සංශෝධනය කළ යුතු බවය.   


පළාත් පාලන ඡන්දය අවසන් වී මාස තුනක් ගතව ඇති හෙයින් රාජ්‍ය අංශයේ කටයුතු මන්දගාමී වී ඇති බව අගමැතිවරයා මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළේය.   


අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ජාතික වශයෙන් වැදගත් විෂයන් විද්‍යානුකූලව ගැසට් කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් ඒ සාකච්ඡාවේදී පෙන්වා දෙනු ලැබූහ.   


පක්ෂ කෘත්‍යාධිකාරී මණ්‍ඩලය හමුවී එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු මේ මාසය තුළ අවසන් කරන බව එහිදී අගමැතිවරයා ජනාධිපතිට ප්‍රකාශ කළේය.   


ජනාධිපතිවරයා හමුවීමෙන් පසුව ගෙවුණු කාලසීමාවේදී අගමැතිවරයාගේ පූර්ණ අවධානයට ලක් වූයේ පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතුය. පක්ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ හා තරුණ මන්ත්‍රීවරුන්ගේ අදහස් යෝජනා ගනිමින් ඒ වෙනුවෙන් කාලය ගත කළ අගමැතිවරයාගේ දෛනික කටයුතු අවසන් වන විට බොහෝ දිනවල මධ්‍යම රාත්‍රිය ද ඉක්මවා තිබිණි.   


කෙතරම් කාර්ය බහුල වුවත් අගමැතිවරයා ඉකුත් බ්‍රහස්පතින්ද‌ා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වෙත ගියේ තීරණාත්මක පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගිවීම සඳහාය.   
ඊට පෙර දිනයේ (බද‌ාද‌ා) රාත්‍රියේ අභිනවයෙන් පිහිටුවන ලද දේශපාලන මණ්ඩලයේ තීරණාත්මක සාකච්ඡාව අරලියගහ මන්දිරයේ පැවැත්විණි. එහිදී පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට කරන පත්වීම් දේශපාලන මණ්‍ඩල සභිකයෝ අනුමත කරනු ලැබූහ.   


විශේෂයෙන්ම නියෝජ්‍ය නායක, උප නායක ඇතුළු පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලටම බෙදීමකින් තොරව ඒකමතිකව සුදුස්සන් පත් කර ගැනීමට හැකිවීම සෑම දෙනාගේම සතුටට හේතුවක්ව තිබිණ.   
දේශපාලන මණ්‍ඩලයේදී ප්‍රධාන තනතුරුවලට පත් කිරීම ගැන එකඟතාව ඇති වූවත් මත පළ කිරීමේදී ප්‍රතිවිරුද්ධ අදහස් දැක්වීමක්ද විය. විශේෂයෙන්ම හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හා විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා යන මහත්වරුන් දැක් වූ අදහස් ඇතැම් අවස්ථාවලදී දේශපාලන මණ්ඩලය උණුසුම් කිරීමට ද හේතු විණ.   


පක්ෂයේ උප නායක තනතුර ඉල්ලා සිටින ලෙස අමාත්‍ය නවීන් දිසානායකට කළ බලපෑම ප්‍රතික්ෂේප කිරීම ප්‍රධාන තනතුරු සඳහා බෙදීමකින් තොරව සුදුස්සන් පත් කිරීමට වාතාවරණය හැදීමට ප්‍රධාන කරුණ විණැයි එජාප ජ්‍යෙෂ්‍ඨයෝ ඒ වනවිටත් තේරුම් ගෙන සිටියහ.   


අමාත්‍ය නවීන් දිසානායක රැඳී සිටි දැඩි ස්ථාවරය පක්ෂයේ තවත් ජ්‍යෙෂ්ඨ නායකයකු අගය කළ යුතු වුවත් එය නොකිරීම ඇතැම් දේශපාලන සභිකයන්ගේ කණගාටුවට හේතු වී පැවැතිණ.   
දේශපාලන මණ්ඩලයෙන් පසුව අගමැතිවරයා පසු වුණේ ඉතාමත් සැහැල්ලු ස්වරූපයෙනි. ඒ නිසාම මැති ඇමැතිවරු හා මන්ත්‍රීවරු අගමැතිවරයා වෙත පැමිණ කතා බහේ යෙදීමට ද විශේෂ උනන්දුව දැක්වූහ.   
සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අගමැතිවරයා සමඟ සංවාදය ආරම්භ කරමින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ රාජසන කතාව පරාජය කරන රාවයක් ඇතැම් මාධ්‍ය පතුරවනවා...... මේ මොන පිස්සු කතාවක්ද? එහෙම එකක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුවවත් කරන්න බැහැ...... යනුවෙනි.   


පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් ජනාධිපතිතුමා ඉදිරිපත් කරන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශයයි. ප්‍රතිපත්ති ප්‍රකාශයට ඡන්දය ඉල්ලන්න බැහැ. විපක්ෂය විවාදයක් ඉල්ලනවා නම් දින දෙකක් ​ෙනාව දින තුනක් වුණත් විවාදය දී දමන්නැයි අගමැතිවරයා කීවේ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල දෙස බලමිනි.   


‘‘ඩොලරය දවසින් දවස ඉහළ යන බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයකු කියාගෙන යනවා. ඔහුගේ කතාවට රූපවාහිනී නාලිකා දෙකක් උස්සලා ප්‍රචාරය දෙනවා. අපේ පැත්තෙනුත් කරුණු කිව්වොත් හොඳයි නේද?’’ අමාත්‍ය නවීන් දිසානායක අග්‍රාමාත්‍යවරයා වෙත ප්‍රශ්නය යොමු කළේය.   


‘‘තෙල් මිල වැඩිවීම ඩොලරයේ අගය ඉහළ යාමට හේතු වුණා. අනෙක් කාරණය වන්නේ ජාත්‍යන්තරව රටට එල්ල වන ඇතැම් ආකාරයේ බලපෑම්’’ අගමැතිවරයා කීවේ ගැඹුරු ස්වරූපය ආරූඪ කර ගනිමිනි.   
‘‘සර්...... මා එක දෙයක් හොයා ගත්තා’’, බදුල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා මැදට පැන්නේය.   

 

 

‘‘​ඩොලරයේ අගය වැඩිවීම පටන් ගත්තේ ජනාධිපතිවරයා ආර්ථිකය හසුරුවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශය කරපු දිනයේ සිටයි. ඒක ඔප්පු කරන්න එකතු කරපු පත්තර කෑලි පවා තමා ළඟ තිබෙනවා. චමින්ද විජේසිරි ‘දැමූ බෝම්බය’ අගමැතිවරයා නිරීක්ෂණයට ලක් කළේ නළල රැළි ගන්වමිනි.   


‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ප්‍රතිසංවිධානය කරන්න බලනවා නේද? නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකගෙන් ප්‍රශ්නය එල්ල විය.   


‘‘ප්‍රධාන පක්ෂ දෙකම ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළහි ඉන්නවා. අපේ වැඩ කොටස හෙට (බ්‍රහස්පතින්ද‌ා) දිනෙන් අවසන් වෙනවා. ජනාධිපතිතුමා මට කීවේ ඉක්මනින් ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කරන බවයි. කොහොම වුණත් ඡන්දවලින් පසුව ප්‍රධාන පක්ෂ හැමද‌ාමත් ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ති​ෙබනවා අගමැති දිගු විස්තරයක් කළේය. 


ජනාධිපතිතුමාට තිබුණේ ගිය ඇමැතිවරුන් පස්සේ යන්නේ නැතුව අඩුව පුරවන්න රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් කැබිනට් එකට පත් කරන එකයි. දිගටම මේක ඇදි ඇදී යන එක හොඳ නැහැ. ඉක්මණින්ම ඇමැති සංශෝධන කතාව අවසන් කළ යුතුයි. අමාත්‍ය වජිර අබේවර්ධනගේ දීර්ඝ කරුණු දැක්වීමට හැම දෙනාගේම එකඟත්වය පළවිය.   


‘‘එජාප දේශපාලන මණ්ඩලය ගත්ත තීරණත් ඇතැම් අය විවේචනය කරනවා නේද?’’ ඒ ප්‍රශ්නය යොමු වුණේ‍ දොස්තර කාවින්ද ජයවර්ධන මන්ත්‍රීවරයාගෙනි.   
මෙවර කරපු ප්‍රතිසංවිධාන යටතේ ජ්‍යෙෂ්‍ඨයන් රැසක් තනතුරුවලින් ඉවත් වුණා. අනෙක් ප්‍රධාන තනතුරු ඔක්කොටම පත් වුණේ අලුත් අයයි.   


‘‘සජිත්ට, රවීට, අකිලට, නවීන්ට ඉදිරියේ දී ඒ ඒ අංශවලින් වැඩි වැඩ කොටස පැවරෙනවා. හරීන් ප්‍රනාන්දු තවත් පැත්තකින් පක්ෂය වෙනුවෙන් කාර්ය භාරයක් කරනවා.   
භාණ්ඩාගාරික ධුරය මෙතෙක් කල් දේශපාලන වශයෙන් ක්‍රියාත්මක නොවුණත් හර්ෂට තනතුරේ වගකීම ගෙන නැගලා එන්න පුළුවනි.   


සහකාර මහලේකම් හැටියට රුවන් විජයවර්ධන තව පැත්තකින් වැඩ කොටසක් කළ යුතුයි. අජිත් පී. පෙරේරාට පක්ෂයේ වෘත්තීය සමිති ජාලයේ වැඩ කොටස පැවරෙනවා’’ අගමැති රනිල් වික්‍රමසිංහ පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ගැන පැහැදිළි කරද්දී මැති ඇමැතිවරුන් ඊට සවන් දුන්නේ මීයට පිම්බාක් මෙනි.   


‘‘වෙසක් පොහොය අප්‍රේල් මාසයට යොද‌ා ගැනීම රජයේ වැඩ කොටසක් හැටියට පෙන්වීමට පිරිසක් උත්සාහ ගන්නවා යැයි අමාත්‍ය දයා ගමගේ මතක් කළේ තම වියදමින් වසර ගණනාවක් පුරා ඉදි කෙරෙන තොරණ විවෘත කරන අවස්ථාවට සහභාගි වන්නැයි ද අග්‍රාමාත්‍යවරයාට සිහිපත් කරමිනි.   


දයාගේ ප්‍රශ්නයට පිළිතුරු දීමට පැමිණියේ දළද‌ා සමිඳු වැඩ සිටින ප්‍රදේශය නියෝජනය කරන සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලය.   


‘‘වෙසක් පොහොය මේ මාසයට ගේන්න තීරණය ගත්තේ පොහොය කමිටුව විසිනුයි. ඒකට ආණ්‍ඩුව සම්බන්ධ නැහැ. මහනායක හිමිවරුන්, අනුනායක හිමිවරුන් ලේඛකාධිකාරී හිමිවරුන් මේ කමිටුවට සම්බන්ධයි. ඔවුන් දෙන පොහොය ලිත අනුව තමයි, රජය දින දර්ශනයට පොහොය දින නම් කරන්නේ. ඒ නිසා මේක වැරදි මතයක් යයි සභානායකවරයා කියද්දී සියලු දෙනා එය අනුමත කළහ.   


පසු පෙළ මන්ත්‍රීවරුන් හැටියට සර් හමුවෙලා පක්ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාත්මක කිරීම ගැන අප අදහස් දුන්නා. ඒවා කොහොම වෙයිද සර්? ඒ ප්‍රශ්නය ආවේ චමින්ද විජේසිරිගෙනි.   


‘‘අරලියගහ මන්දිරයට ඇවිල්ලා පසු පෙළ මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු මා හිතට ගත්තා. ඇතැම් කරුණු මා සටහන් කර ගත්තා. හෙට (බ්‍රහස්පතින්ද‌ා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් පසුව ඇවිත් ඔය ප්‍රශ්නයම අහන්න යැයි අගමැති චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට කීවේ සිනාවකින් මුව පුරවා ගෙනය.   


‘‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ බව ජනතා විමුක්ති පෙරමුණ කියනවා නේද?’’ නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල තවත් ප්‍රශ්නයක් මතු කළේය.   


‘‘කියනවා නම් තමයි. තාම යෝජනාවවත් පාර්ලිමේන්තුවට බාර දී නැහැ. ඒ අයගේ කියවිල්ල විතරයි යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසුවේ අගමැතිවරයා ඇතුළු එහි සිටි සියලු දෙනා සිනා සෙද්දීය.   
වසර ගණනාවකට පසුව මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දේදී බඩු මිල අඩු වුණ බව හැම ප්‍රදේශයෙන්ම අසන්න ලැබුණා. රාජ්‍ය මාධ්‍ය ඒවා ගැන වචනයක්වත් කීවේ නැහැ’’, ඒ ප්‍රබල චෝදනාව එල්ල වුණේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා ගෙනි.   


රාජ්‍ය මාධ්‍ය ක්‍රියාකාරීත්වය ගැන දිනපතාම මට පැමිණිලි ලැබෙනවා. ඇතැම් ආයතන ප්‍රධානීන් මාධ්‍ය ආයතනයේ ​ෙවන දේවල්වත් දන්නේ නැති බව මා කළ සොයා බැලීම්වලදී හෙළි වුණා. පක්ෂ ප්‍රතිසංවිධාන ඉවර වුණ ගමන්ම මා අත ගහන්නේ රජයට අයිති මාධ්‍ය ආයතනවලටයි,’’ අගමැතිවරයා දැඩි ස්වරූපයෙන් දුන් පිළිතුරෙන් පසුව කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් කරුණු කියන්න ගියේ නැත. 

 

 

 

 



අදහස් (0)

ඡන්දයකින් තොරව සිදුවූ ​එජාපයේ තනතුරු වෙනස

ඔබේ අදහස් එවන්න

 

 

කරලියේ කතාබහ

පොහොට්ටුවෙන් පූට්ටුවක්
2024 ජුලි මස 22 569 0

එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ සිය ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් තීරණය කර ඇති නමුත් පොහොට්ටුව දිගින් දිගටම


මෛත්‍රී අලුත් ආයුධ සමග
2024 අප්‍රේල් මස 01 826 0

මහනුවර ඉකුත්දා පැවැති උත්සවයකට සහභාගී වූ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගිය සතියේ පුවත් මවන්නෙකු බවට පත්විය. ඒ ඔහු මහනුවරදී කළ ආන්දෝලනාත්මක


එහාට මෙහාට පැනිලි
2024 ජනවාරි මස 08 671 0

නව වසරේ ජනපති රනිල් මුණගැසී සුබපැතීමට මැති ඇමතිවරු රැසක් පැමිණ සිටි අතර, බන්දුල ගුණවර්ධන, ශෙහාන් සේමසිංහ, රංජිත් සියඹලාපිටිය, වජිර අබේවර්ධන එහි පෙරමුණ


හැමතැනම සන්ධාන ගැහෙන්න සාකච්චා
2024 ජනවාරි මස 01 489 0

ජනපති රනිල් වික්‍රමසිංහ ඉකුත් සතියේ රැඳී සිටියේ කොළඹින් එපිට නුවරඑළියේය. සම්ප්‍රදායක් ලෙස සෑම වසරකම අවසාන දින කිහිපය ඔහු ගෙවා දමන්නේ නුවරඑළියේ හෝ දි


අයවැය අස්සේ අයවැය ගැන කතා නැත
2023 නොවැම්බර් මස 25 426 0

එදින සවස එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටු නියෝජිතයන් මුණගැසුණු ජනපති රනිල් පක්ෂයේ ඉදිරි කටයුතු ගැන සාකච්ඡා කළේය. මහලේකම් රංගේ කීවේ දෙසැම්බර් මාසය තු


සජිත් - අනුර වර්ජනය කළ නායක හමුව
2023 ඔක්තෝබර් මස 23 394 0

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කෙටුම්පත මේ වනවිට දැඩි කතාබහට ලක්වෙමින් තිබේ. එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ ආචාර්ය විජේදාස රාජපක


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 370 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 599 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 326 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site