IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කතානායක වයඹ ඡන්දය සිහිකරයි

 ස්වාධීන කොමිෂන් සභා යනු කතානායක කරු ජයසූරිය මහතාගේ ශබ්ද කෝෂයේ සෑම විටම භාවිත වන වචනයකි. එමෙන්ම කතානායකවරයා ලෙස ඔහු එම පද්ධතියේ ආරක්ෂකයා ද විය. විවිධ බාධක මැද ස්වාධීන කොමිෂන් සභා ගෙවී ගිය කාල පරිච්ජේදය තුළ පැමිණි ගමන් මඟ දෙස ආපසු හැරී බැලූ පසුගිය සති​යේ පැවැති විශේෂ කතිකාවෙහි මුල් පුටුව සඳහා කතානායකවරයාට ඇරයුම් කර තිබුණේත් එම හේතුව නිසා වන්නට ඇත.  


 මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී. ලො​ෙග්ෂ්වරන්, විගණකාධිපති ගාමිණී විජේසිංහ, ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති හෙයින්ස් වෝකර් නෙදර්කුර්න් යන මහත්වරු ඇතුළු ස්වාධීන කොමිෂන් සභා ප්‍රධානිහු සහ සාමාජිකයෝ ඇතුළු පිරිසක් සහභාගි වූහ.  


මෙහිදී ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාවලියේ ඉතිහාසය සිහිපත් කළ කතානායක කරු ජයසූරිය මහතා සඳහන් කළේ ”මෙහි ඉතිහාසය සිහි කරන විට 1998 වසරේ පැවැති ඉතිහාස​ෙය් අප්‍රසන්න අත්දැකීම් ලබා දුන් වයඹ මැතිවරණය සිහිපත් වනවා. මෙරට ප්‍රජාතන්ත්‍රවාදයට එමගින් ඇති කළ කළු පැල්ලම මෙන්ම පසුව ඒ පිළිබඳව ඇති වූ ජනතා තිගැස්ම සහ වික්ෂිප්තභාවය ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ මූල බීජ ජනිත කළ අවස්ථාවයි. කතානායකවරයා කීවේය.  


අය වැය කාලසටහන ක්‍රියාත්මක වෙත්දී නිතිපතා උදෑසන සිට රාත්‍රී වනතුරුම පාර්ලිමේන්තු​ෙව් රැදී සිටි කතානායකවරයා තවත් වැදගත් කටයුත්තක් යොදා ගත්​ෙත් පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවන්හි ක්‍රියාදාමයන් අතර සමීප සම්බන්ධිකරණයක් තහවුරු කිරීමේ අරමුණෙනි.  


 ඒ අනුව පෙර සතියේ පළාත් ආණ්ඩුකාරවරුන්ට පාර්ලිමේන්තුව වෙත ඇරයුම් කෙරුණු අතර ඉන්පසුව පළාත් මහ ඇමැතිවරුන්ට සහ ප්‍රධාන ලේකම්වරුන්ට ද ඇරයුම් කෙරිණි.  


 ඇරයුමට අනුව මෙම සතියේ උතුරු පළාත් ප්‍රධාන ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා සහ ඌව ප්‍රධාන ඇමැති චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුව වෙත පැමිණියහ. බෙහෙවින් සුහදව කතානායකවරයා විසින් එම දෙපළ පිළිගැනුණු අතර ඉතා ඵලදායක කතිකාවක් නිර්මාණය විය.  


 මෙවන් අවස්ථාවක් උදා කිරීම තුළින් පාර්ලිමේන්තුව සහ පළාත් සභාව අතර කටයුතුවල දී ඇති වන පරස්පරතා ඉතා පහසුවෙන් විසඳාගත හැකි බව සඳහන් කළ ප්‍රධාන අමාත්‍යවරු දෙපළ කතානායකවරයාට ස්වකීය ස්තූතිය පළ කළහ.



අදහස් (0)

කතානායක වයඹ ඡන්දය සිහිකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 495 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 470 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site