IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


එජාපයේ අලුත් මෙහෙයුම

සති අන්තයේ අගමැතිවරයා සේරුවාවිල ගියේ නැගෙනහිර ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ ආරාධනයෙනි. ඒ මංගල රජ මහා විහාරයේ ධර්ම ශාලාව සහ සංඝාවාසය මෙන්ම නව මාර්ගය ද විවෘත කිරීමටය.


විහාරයේ ගිහි අනුශාසක ඇමැති නවීන් දිසානායක එදින සේරුවාවිල ගියේ අගමැති හා එකම හෙළිකොප්ටරයෙනි. දෙදෙනා පිළිගත්තේ බෝගොල්ලාගමය. පිරිස දිවා ආහාරය ගත්තේ යළි කොළඹ පැමිණය.


“වැඩ කරපු හා වැඩ කරන-72” තේමාව යටතේ එජාප සංවත්සරය බ්‍රහස්පතින්දා සිරිකොතේදී පැවති අතර අගමැතිවරයා එහි ගියේ රැස්ව සිටි අති විශාල ජනතාවකගේ උණුසුම් පිළිගැනීම් මැදය.


“ආණ්ඩු පෙරළන්න ආපු පොහොට්ටුවේ අය හොඳටම බීලා. එයාලා පෙරළුණා මිසක් ආණ්ඩුව පෙරළන්න බැරි වුණා.” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කාගෙත් සිනා මැද කීවේ සම්මේලනයට යාමට පෙර අගමැතිවරයා සිරිකොත කාර්යාලයේදී හමුවූ විටය.


“පොහොට්ටුවට පළාත් පාලන ඡන්දයේදී යම් හයියක් ආවේ අපේ අඩු පාඩු හා ඇතුළේ ඉන්න පිරිස ආණ්ඩුව විවේචනය කිරීම නිසාය. පළාත් පාලනවලට පත්වූ පොහොට්ටුවේ හුඟ දෙනෙකු මේ වන විට අනාගෙන. උද්ඝෝෂණේ අසාර්ථක වුණේ ඒකයි. මහින්දට ඡන්ද තිබුණට නව වැඩපිළිවෙළක් හෝ සංවිධානය නැහැ” සජිත් ප්‍රේමදාස කීය.


“බැසිල් නැතිව එයාලට රැස්වීමක් තියා ගන්න බැරි තරම්. සමෘද්ධි අය දැන් එජාපයෙන් මෙහෙයවීම නිසා එයාලට ලොකු පාඩුව වුණා. මහින්ද දැන් විකල්පය නොවෙයි කියා ඊයේ ඔප්පු වුණා” නවීන් දිසානායක කීය.
“ගෝඨාගේ වියත් මඟ අසාර්ථක වුණාම බැසිලුත් රට ගිය වෙලාවේ නාමල් උස්සන්න විරෝධතාව තිබ්බේ. ඒත් හිටපු තැනිනුත් නාමල් පහළට වැටුණා”, දයා ගමගේ කීය.


“පොහොට්ටුව ඇතුළේ ප්‍රශ්නය ගිනියම් බව ඔප්පු වුණා. බැසිල්ගේ පිළ විරෝධතාවට කකුල් මාට්ටු දැම්මා. ඊළඟට බැසිල් රැලිය කරන වෙලාවට අනිත් කණ්ඩායම කකුළෙන් අදීවි. බෙදීම ඒ තරමට තියුණුයි, මහින්දට දැන් අමාරු තීන්දුව ගන්න තිබෙන්නේ” අගමැති විග්‍රහ කළේය.


“විරෝධතාවෙදී පරණ-පුස් කාපු හැමදාම පතුරු ගහන සටන් පාඨ මිසක් හරියට රැස්වීමවත් තියාගන්න බැරි වුණා. පාරවල්වල රස්තියාදු නොවී මා වගේ උදාගම් 130 ක් හා පාළම් 4කට මුල්ගල තියන්නැයි සජිත් පොහොට්ටුවට කළ අභියෝගය නැඟලා ගියා.” ගයන්ත කරුණාතිලක කීය.


“ජනාධිපති-අගමැති රටින් පැන ගන්න. ඇමැතිවරුන් නැව්වලට ගිහින් හැංගෙන්න. රෝහල් ඇම්බියුලන්ස් සූදානම් කරන්න කියා නඩුව තිබෙන ගම්මන්පිල වහසි බස් කිව්වා. ආණ්ඩුව ගෙන මිසක් ගෙදර යන්නේ නැහැ කියා පවිත්‍රායි හත් අට දෙනෙකු මැරේවි කියා වාසුයි කිව්වා. දවල් හීන මෙයාලා දැක තිබුණේ.”, චමින්ද විජේසිරි මතක් කර දුන්නේය.


“සිංගප්පූරු ගිවිසුම, රණවිරු දඩයම, රට බෙදීම, විකිණීම, බදු ගැසීම අහළම ජනතාවට පොහොට්ටුවේ පටු සීමාව තේරුම් ගිහිල්ලා.


ආර්ථික ප්‍රශ්න, ණය බර අප නිවැරදි කරගෙන යන බව ජනතාව දන්නවා. ඒ නිසා ඡන්දයෙන් මිසක් අරගලවලින් ආණ්ඩු පෙරළන්න බැරි බව ජනතාව දන්නවා. ඊයේ කොළඹ ආවේ ජනතාව නොවෙයි පටු මහින්දවාදීන් විතරයි.”, අගමැති කීවේය.


“ගෝල්ෆේස් එක ගිය පාර පිරෙව්වා. මේ පාරත් එතනට යන්න ඇවිත් තිබෙන්නේ, සෙනඟ අඩු නිසා ලිප්ටන් එකයි, ධර්මපාල මාවතත් මඟඇර පුංචිම පුංචි ලේක්හවුස් වට රවුම තෝරා ගැනීම තුළම එයාලා තම බංකොලොත් බව පිළිගත්තා වෙනවා”, වජිර අබේවර්ධන කීය.


“ෂැංග්‍රිලා එකේ කාමර 10යි, හිල්ටන් හා ටාජ් එකේ කාමර තුන බැගින් එදා බුක් කර තිබුණලු. එතන ඉඳන් නව ආණ්ඩුව ප්‍රකාශ කරන්නත් හිතේ තිබුණා කියා ආරංචියි. පිස්සු තමයි”, චමින්ද විජේසිරි කීවේ හිනා මැදය.
“ඊජිප්තුවේ ජනතා අරගලය හා තායිලන්තේ රතු කමිස විප්ලවය වගේ ලංකාවේත් කරන්නයි, රෑ නවතින්න බැලුවේ. ඒත් රෑ 11 වෙන විට ඔක්කොම ගියා.


“ඒ රටවල සිවිල් සංවිධාන හා මිනිස්සු මිසක් දේශපාලකයෝ ඒවට නායකත්වය දුන්නේ නැහැ. අනික දූෂිත හා ප්‍රජාතන්ත්‍රවාදය වැනසූ රජය පලවා හරින්නයි, ඒ රටවල් දෙකෙහි මිනිස්සු රෑ වීදිවල හිටියේ. ලංකාවේ එහෙම ප්‍රශ්න නැහැ.


“නිදහස් ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස ඕනෑ තරම් ලංකාවේ දැන් තිබෙනවා. ආර්ථික ප්‍රශ්න ටිකක් විතරයි, දැන් රටේ තිබෙන්නේ. ඒක අප සමනය කරන බව ජනතාව දන්නවා. දූෂිත නඩය යළි ගේන්නයි, ලංකාවේ උද්ඝෝෂණය තිබුණේ වීදි බැසීම අසාර්ථක වුණේ ඒකයි.” සජිත් ප්‍රේමදාස කළ විග්‍රහයට කාගෙත් එකඟත්වය පළ විය.


“ ශ්‍රීලනිපය පැත්තෙන් උද්ඝෝෂණයට වක්‍ර සහාය ලැබුණා කියලත් ආරංචි යනවා. ඒ වගේම ජනතාව බ්ලොක් කරන්නත් ශ්‍රීලනිප පැත්තෙන් නොයෙක් දේවල් කළ බවත් කියනවා. මහින්ද මහත්තයා ඊයේ අසනීපෙන් ඉඳලා කියලත් ආරංචියි. ඇත්ත මොකද්ද දන්නෙ නෑහැ.” චමින්ද විජේසිරි කීවේ ඔහුට ලැබුණු ආරංචි පදනම් කර ගනිමිනි.


“ජනාධිපතිතුමා රවීට හොඳ පණිවිඩයක් දීලා කියා ඊයේ එජාප දේශපාලන මණ්ඩලයේ දී හෙළි වුණා. එජාපය ඒක එනකල් මඟ බලාගෙන හිටියේ”, අගමැතිවරයා කීවේ රවී දෙස බලා සතුටින් සිනාසෙමිනි.
“මොකද්ද ඒ පණිවිඩය?” කිරිඇල්ල, සජිත්, නවීන් ඇතුළු සියලු දෙනා රවීගෙන් විමසුවේ එකවරය.


“බදාදා උදේ මා පාර්ලිමේන්තු ගියාම ජනාධිපතිතුමාත් පාර්ලිමේන්තු ඇවිත් හිටියා. මා ගිහින් හමු වුණා. පොහොට්ටුවේ උද්ඝෝෂණයයි, අරවා මේවා කතා කළා. මගේ ඇමැතිකම ගැනත් අප සාකච්ඡා කළා.
“ජනාධිපතිතුමා ඉතා අවබෝධයෙන් ඉතා සාධාරණ තැනක ඉන්නේ. මට ඇමැතිකම අහිමි කිරීම නුසුදුසු බවට මා දැක්වූ කරුණු එතුමා පිළිගත්තා. මගේ විරෝධය නැහැ. රවී ඔයා අගමැති එක්ක කතා කරල ප්‍රශ්නය බේර ගන්නැයි එතුමා මට උපදෙස් දුන්නා”, රවී කරුණානායක සිද්ධිය විස්තර කළේය.


“බදාදා හවස එජාප දේශපාලන කමිටුව රැස්වුණාම රවී ඇමතිතුමා ඔය සිද්ධිය මුලින්ම අගමැතිතුමා ඇතුළු අප කාටත් විස්තර කළා. එතන කබීර්, නවීන්, හරීන්, මද්දුම බණ්ඩාර, රුවන්, අජිත් අලවතුවල ඇතුළු සියලු දෙනාම ඒකට එකඟ වුණා. අගමැතිතුමා සතුටින් රවීට සුබ පැතුවා.”, අකිල විරාජ් කාරියවසම් කීවේය.


“මොණරාගල තිබූ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩපිළිවෙල ඉතා සාර්ථකයි. අපේ ගම් පළාතට ඒක දීපු එක ගැන අගමැතිතුමා, මංගල ඇමැතිතුමා වගේම කිරිඇල්ල ඇමැතිතුමා, ආණ්ඩුවටත් ඒ පැත්තේ අය ප්‍රසංශා කරනවා”, රංජිත් මද්දුම බණ්ඩාර කීය.


“මොණරාගල දී දින තුනට 2500කට ණය දීලා රටේ බැංකු අධික ලාභ ලැබුව ද ණය දෙන්නේ ලොකු ඇප තිබෙන අයටයි. ණය ඉල්ලන ව්‍යාපෘතියේ වැදගත්කම එයාලා හිතුවෙම නැහැ.


බැංකු බාර වුණාම මා බැංකුවලට මේ ගැන දැඩිව පැහැදිළි කළා. චන්ද්‍රිකාලා-මහින්දලා නොකළාට බැංකු ගමට ගෙනිච්චේ අපයි. සියලු බැංකුවල එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කවුන්ටර් ඇර ඒක අධීක්ෂණය කරන්නැයි මා එජාප සංවිධායකයන්ට බලය පවරණ ලියුමකුත් යැව්වා. බොරු දේශප්‍රේමීන් නොකළ දේ අප කර රටට අලුත් ව්‍යාපාර පැළැන්තිය බිහි කරනවා”, ලක්ෂ්මන් කිරිඇල්ල කී විට අගමැති ඇතුළු කාගෙත් ප්‍රශංසාව ඊට පළවිය.



අදහස් (0)

එජාපයේ අලුත් මෙහෙයුම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 519 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site