IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


අලුත් ව්‍යවස්ථාවේ ඇත්ත ​එජාපය හෙළිකරයි

බ්‍රහස්පතින්දා උදේ අගමැති රනිල් අරලියගහ මැදුරට පැමිණියේ මඳ අසනීප තත්වයෙනි. සෙම්ප්‍රතිශ්‍යාව සහ මඳ උණ ගතිය ඊට හේතු විය.


සෙසු සියලු හමුවීම් අවලංගු කළ ඔහු සුපුරුදු ලෙස අගමැතිවරයා හමුවීමට එහි පැමිණ සිටි මැති ඇමැතිවරුන් කිහිප දෙනෙකු සමඟ ද කතා බහ කිරීමට අමතක නොකළේය.


‘‘මගේ ඇමැතිකමට තිබූ ආයතන ඔක්කොම අයින් කර බංකොළොත් හතරක් තමයි, දාලා තිබෙන්නේ මා මේ ගැන ඔබතුමා ඉදිරියේදීම ජනාධිපතිතුමාට කිව්වා. ඒක නිවැරදි කරන්න එතුමාත් ඔබතුමාත් ඉදිරිපත්වීම හැමදාම එජාපය දිනන මහනුවර ඇතුළු කන්ද උඩරට ජනතාවට කරන ගෞරවයක්.


ඔබතුමාගෙන් පළිගන්න ගැසට් එක එහෙම සකස් කළේ නැහැ කියා ජනාධිපතිතුමා කියපු එකත් අපේ හිත්වල තිබූ කහට ඉවත් කළා” සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ අගමැතිටය.


‘‘කැබිනට් ඇමැතිවරුන් පත් කළාට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිකමුත් පත් කරලයි ගැසට් එකට අදාළ ආයතන ලැයිස්තු ගත කරන්න අප හිටියේ. ඒත් ජනාධිපතිතුමා රට ගිය නිසා තමයි පොඩි අවුල වුණේ, ඒත් ඒවා නිවැරදි කරගන්න පුළුවන්.” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.


‘‘කිරිඇල්ල ඇමැතිතුමාට තිබූ බැංකු හා වැවිලි සමාගම් මංගල හා නවීන් ඇමැතිතුමාලටයි මෙවර දාලා තිබෙන්නේ. මංගල ඇමැතිතුමාට හුඟක් වැඩ වැඩියි. අය-වැය හදන්නම අවුරුද්දෙන් දින හැත්තෑවක්ම යන නිසා මෙපමණ ආයතන රැසක් බලන්න අමාරුයි කියා ඒ අමාත්‍යංශයේ ඉහළම නිලධාරියකු අගමැතිතුමාට කිව්වා. අනිත් නිලධාරීන්ගේ ස්ථාවරයත් ඒකමලු.’’


අනික ජනමාධ්‍ය අමාත්‍යංශයේ වගකීමුත් මංගල ඇමැතිතුමාටයි. මේවා වෙනත් අමාත්‍යංශවලට බෙදිය යුතුයි කියන එකයි, කාගේත් අදහස වෙන්නේ.” අගමැතිවරයාගේ ඉහළ නිලධාරියෙකු ප්‍රකාශ කළේ එවැන්නකි.


‘‘රටේ ඉහළම තනතුරුවලට පත් කිරීමේදී ජනාධිපතිතුමා කමිටුවක් දාලා කරන්න හදන්නේ මොකක්ද? එතුමාට ඕනෑ අයට විතරක් අනුමැතිය දෙන්නද හදන්නේ?” මන්ත්‍රී චමින්ද විජේසිරි ඇසුවේද අගමැතිගෙනි.


‘‘නැහැ. ඒ කමිටුව හොඳයි. ජනාධිපතිතුමායි මගේයි නියෝජිතයන් දෙන්නා බැගිනුයි මුදල් අමාත්‍යංශයෙන් එක්කෙනෙකුයි ඒ කමිටුවේ ඉන්නවා. ඒ අය හරියට තීන්දු ගනීවි” අගමැතිවරයා කීවේ සුබවාදීවය.


‘‘ඇලෝසියස්ලට ඇප දෙන්න අධිකරණය තීන්දු කිරීම සමහරුන්ට හරි ප්‍රශ්නයක් වෙලා. පොහොට්ටු නඩයේ සීයයට අනූවක් අද එළියේ ඉන්නෙත් ඔය විදියටම ඇප ගෙනයි.’’
‘‘කෝටි හැටක සිල් රෙදි වංචාවට වැරදිකරුවන් වූ දෙන්නටත් අධිකරණය දින තුනකදී ඇප දී තිබෙනවා” හේෂා විතානගේ කීවේ එවැන්නකි.


‘‘දැන් මාස තුනක විතර ඉඳලා නීතිය හා සාමය තිබෙන්නේ ජනාධිපතිතුමා යටතේයි. බැඳුම්කරයට අදාළව නඩු දැමීමක් හෝ අර්ජුන් මහේන්ද්‍රන් කොටුකර ගැනීමක් හෝ තාම වෙලා නැහැ. අගමැතිතුමා මේවා බ්ලොක් කරගෙන හිටියානම් දැන් ජනාධිපතිතුමාට ක්‍රියාත්මක වෙන්න පුළුවන්නේ?” රංජිත් අළුවිහාරේ කළ විග්‍රහය සියලු දෙනා අනුමත කළහ.
‘‘මහේන්ද්‍රන්ගේ සම්බන්ධය නැති එහෙත් ඇලෝසියස්ට විරුද්ධ කරුණු රැසක් තිබිලා තිබෙනවා කියා ආරංචියි. මහේන්ද්‍රන්ගේ සාක්ෂිවලිනුත් අවශ්‍ය නම් කොනක් අල්ලන්න තිබුණාලු. අනික සියලු ගනුදෙනු කළේ ඇලෝසියස්ලා මිසක් මහේන්ද්‍රන් නොවෙයි කියලත් පේනවා. මහේන්ද්‍රන් කර තිබෙන්නෙත් ‘‘ෂැඩෝ රෝල්’’ එකක් වගෙයි පේන්නේ.” එජාප නීති නිලධාරියකු කීවේ එවැන්නකි.


‘‘ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දරුවෙකු ලංකාවෙම පළවැනියා වීම හිටපු අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධනට විතරක් ප්‍රශ්නය වෙලා. ග්‍රේරු හා බන්දුලලා එකට ටියුෂන් හා ජාත්‍යන්තර පාසල් පටන්ගෙන බන්දුල බංකොළොත් වුනාම දැන් ඉරිසියාවෙන් එයා පහර දෙනවා. ඒක කුහක වැඩක්. හරිනම් බන්දුල ඒ දරුවගෙන් සමාව ගන්න ඕනෑ. ආණ්ඩුවෙන් හදපු ප්‍රශ්න පත්‍රවලටයි. ඒ දරුවා ඇතුළු සියලු ළමයි මුහුණ දුන්නේ’’ අධ්‍යාපන ඇමැති අකිල කීවේය.


‘‘මේ බැරෑරුම් ප්‍රශ්නෙට ග්‍රේරුයි හරි නම් මුළින්ම උත්තර දෙන්න ඕනෑ. අකිල ඊට පස්සේ කතා කළානම් තමයි වඩා හොඳ” අගමැතිවරයාගේ මතය එය විය.


‘‘ශ්‍රීලනිප ඇතුළේ මාර ආරවුල්ලු. චන්ද්‍රිකා පක්ෂ බලය අල්ලා මූලස්ථානෙටත් ඇතුලු වේවි කියා බයවෙලා ජනාධිපතිතුමා මූලස්ථානෙටත් සීල් තියලලු රට ගියේ. අම්මා හදපු මූලස්ථානෙට චන්ද්‍රිකාට එන්න එපා කියා ජනාධිපතිතුමා කියලලු.’’


එතුමා බලයට ගේන්නත් මුල් වුණේ ඇයයි. අනික විපක්ෂ නායකකම නිමල් සිරිපාලට දෙන්නයි ශ්‍රීලනිපය තීන්දු කර තිබුණේ. ඊළඟ දවසේ උදේ ඒක වෙනස්කර මහින්ද පත් කරන්න කියා තිබෙන්නේත් ජනාධිපතිතුමා කියා ආරංචියි.” එජාප නීති උපදේශකයෙකු කී විට එයට එහි සිටි සියලු දෙනාම මවිතය පළ කළහ.


‘‘පෙබරවාරි මුල නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා කියාත් ඒකෙන් රට කෑලි නවයකට කැඩෙනවා කියාත් පොහොට්ටු කල්ලියයි, කඩේ යන ජනමාධ්‍යයි රට නොමඟ යවන මහා බොරුවට ආණ්ඩුව උත්තර දෙන්නේ නැද්ද?” ලක්ෂ්මන් කිරිඇල්ල විමසුවේ අගමැතිගෙනි.


‘‘ව්‍යාජ ආණ්ඩුවයි, ව්‍යාජ අගමැතියි බිමටම වැටුණු නිසා දැන් බොරු කියා බුදු පිළිමත් කඩා රට ගිනි තියන්න හදනවා. අප නව ව්‍යස්ථාවකට අදාළව විශේෂඥයන්ගේ වාර්තා කැඳවා තිබෙනවා, ඒ වාර්තාවයි, මගේ ප්‍රධානත්වයෙන් සියලු පක්ෂවල අය ඉන්න කමිටු වාර්තාවයි දෙකම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යුත්තේ මොකක්දැයි ව්‍යවස්ථා සභාවෙන් අහනවා.


‘‘බිල්ලා මවා රට නොමඟ යවන්න බැහැ. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවාද? කියලත් අප අහනවා. රටේ ඒකීය බවට හා බුදු දහමට තිබෙන තැන ඒ විදියටම රැකිය යුතුයි කියා අප ව්‍යවස්ථා සභාවට කරුණු කියනවා. ඒ නිසා පටු දේශපාලන වාසි ගන්න යමෙකු උත්සාහ කළොත් ඒ ඔවුන්ගේ බංකොළොත් කමයි” අගමැතිවරයා කළ විග්‍රහයට කාගේත් එකඟත්වය පළ වූහ.


බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හි අලුතින් ආරම්භ කළ ෆිෆ්ටි කේ. ඕකිඩ් සුපිරි අවන්හල ගිය බදාදා හැන්දෑවේ විවෘත වූයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. චම්පික රණවක, රාජිත සේනාරත්න සහ මංගල සමරවීර යන ඇමැතිවරු ද මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ පිරිසක් ද ඊට එක්ව සිටියහ. පිරිස නව අවන්හලේ සිට එකට රාත්‍රී කෑම ගත්තේ ළඟදී ගෙන එන්නට නියමිත අයවැය ගැන ද කතාබහ කරමිනි.  



අදහස් (0)

අලුත් ව්‍යවස්ථාවේ ඇත්ත ​එජාපය හෙළිකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 491 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2233 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site