IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


සයිප්‍රසයේ නව වසරට ආශිර්වාද පූජා

සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයට අනුබද්ධිත නිකෝසියා සදහම් සෙවණෙහි මෙරට සේවයේ නියුතු ලාංකිකයින් උදෙසා නව වසරට ආසිරි පතමින් පිංකම් මාලාවක් පැවැත්විය. සෑම වසර අවසානයකදීම අඛණ්ඩව පවත්වනු ලබන මෙම පිංකම මෙවරද විහාරාධිපති අති පූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් 2018 දෙසැම්බර් 31 දින සවස අටවිසි මහා බුදුරජාණන් වහන්සේලා විෂයෙහි ගිලන්පස හා අටපිරිකර පූජාවක් ද ඉන් අනතුරුව රාත්‍රියෙහි සෙත් පිරිත් දේශනාවක් ද සිදු කෙරුණි. සතර පේරුවම නියෝජනය කරමින් සයිප්‍රසයේ සියලු නගරවල වෙසෙන ලාංකික බොහෝ පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබිණ. නව වසර උදාවෙත්ම හිමිදිරි පාන්දර විශේෂ වූ කිරි ආහාර පූජාවකි. 2019 ජනවාරි පළවෙනි දින මුළු දවස පුරාම සදහම් සෙවණ බෞද්ධ අබෞද්ධ ලාංකිකයින්ගෙන් පිරී ඉතිරී ගියේය. තවද මෙරට සේවය කරන වියට්නාම හා නේපාල යන රටවල අය ද නව වසරට ආශිර්වාද ලබා ගැනීමට මෙම විහාරස්ථානයට පැමිණියහ. 


මව්බිමෙන් බැහැරව දුර කතර ගෙවා අප ලක්මෑණි පෝෂණය කිරීමට වෙහෙසෙන ලක් මවගේ දරුවනට දුක සැප බෙදා හදා ගැනීමට ඇති තෝතැන්නක් බඳු වූ මෙම ශ්‍රී ලංකාරාම විහාරය මගින් ඒ පැමිණි සෑම කෙනෙකු සඳහාම නව වසරේ තමන්ගේ මහ ගෙදරට පැමිණියා සේ කිසිදු අඩුපාඩුවක් නොමැතිව කිරිබත්, කැවුම් හා තේ පැන් සංග්‍රහය ද සුපුරුදු ලෙසම එම බෞද්ධ සංගමය හා කුලඟන සමිතිය විසින් ප්‍රදානය කරන ලදී. 


පැමිණි සැම දෙනාට එකසේ සම සිතින් ආශිර්වාද කළ නායක ස්වාමීන් වහන්සේ නව වසර වෙනුවෙන් යහපත් සිතුවිලි සමුදායක් අප හදවත් තුළට එක් කරමින් කියා සිටියේ නව වසරට පා තැබීමේදී පසුගිය වසර පමණක් නොව තමා පසුකර පැමිණි මුළු ජීවිතය දෙස ආපසු හැරී බලා එහි තිබූ වැරැදි අඩුපාඩු සකසා ගනිමින් එළඹෙන වසරට මුහුණ දෙන්න. ඔබ සිත් තුළ ඇති ඊර්ෂ්‍යාව, ක්‍රෝධ‌, වෛර වැනි අයහපත් දෑ බැහැර කොට මෛත්‍රීය, කරුණාව, දයාව සිත් තුළ පුරව ගනිමින් එකිනෙකා හා සාමයෙන් සමගියෙන් ජීවත් වෙන්න උත්සාහ ගන්නා ලෙසයි. 

 


සියලු ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සුවදායක නව වසරක් ප්‍රාර්ථනා කරමු. 


විමලා යාපා 
නිකෝසියා



අදහස් (0)

සයිප්‍රසයේ නව වසරට ආශිර්වාද පූජා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site