IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


​සෞදි ශ්‍රී ලංකා තානාපති වෙනුවෙන් නැගෙනහිර පළාතේ සමුදීමේ උත්සවය

 

සෞදි අරාබියේ වසර හතරකට අධික කාලයක් ශ්‍රී ලංකා තානාපති ලෙස ඉමහත් සේවයක් ඉටුකරමින් නොබෝ දිනකින් මවුබිම බලා නික්ම යාමට නියමිත ශ්‍රී ලංකා තානාපති අසමි තාසිම් මැතිතුමා වෙනුවෙන් සමුදීමේ උත්සවයක් පසුගිය 21 දින සවස 4.00 සිට දමාම් වෙන්දම් ගාඩන් හෝටලයේදී සිදුවිය.  


නැගෙනහිර පළාත TOGETHER WE ARE BETTER (TWAB - ත්වබ්) නම් මිත්‍රශීලී ශ්‍රී ලාංකික සහෝදර සංසදය විසින් සංවිධානය කර තිබූ මෙම සමුදීමේ උපහාර උළෙල සඳහා තානාපති අසමි තාසිම් මහතාගේ සේවා කාලය ඇගයීම වෙනුවෙන් සමරු තිළිණයක් පිළිගැන්වීම ප්‍රධාන අරමුණ විය.  


 ප්‍රධාන සාමාජිකයින් පහළොවකින් සැදුම් ලත් ‘ත්වබ්’ සංසදයේ සභාපති මොහොමඩ් රිස්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ මෙම උපහාර උත්සවයේදී සෞදි අරාබි රාජ්‍ය තුළ සේවය කරන ලද සියලු තානාපතිවරුන් විසින් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් කරන ලද සේවාවන් ඇගයීමට ලක් වුව ද වත්මන් තානාපති අසමි තාසිම් මහතා විසින් කරන ලද මාහැඟි සේවාව විශිෂ්ට ගනයේ සේවාවක් බවත් තම රාජකාරි කාලය තුළ වැඩිම කාලයක් ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් තම කාලය සහ ශ්‍රමය උපරිම මට්ටමින් වැය කළ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙක් ලෙස ශ්‍රී ලාංකික ප්‍රජාවගේ හදවත් තුළ සනිටුහන් වෙන බව එම සංසදයේ ප්‍රධාන උපදේශක නව්ෆල් බින් මිහ්ලාර් මහතා පැවසීය.  
 සෞදි අරාබියේ ප්‍රථම ශ්‍රී ලාංකික තානාපති ලෙස සේවය කළ එම්.ආර්.එම්. තාසිම් මහතාගේ ආදරණීය පුත්‍රයකු වෙන අසමි තාසිම් මහතා සෞදි අරාබියේ 13 වැනි තානාපති ලෙස වසර හතරක පමණ සේවා කාලයක් රාජකාරි කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් සබඳතා ශක්තිමත් කිරීමට දැරූ ප්‍රයන්තයන් හා කැපකිරීම් පිළිබඳව විශේෂයෙන් සිහිපත් කළ අතර ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට ඔහු දැරූ ද‌ායකත්වය හේතුවෙන් සිවු වසරක් තුළ සංචාරකයින් 5000 සිට 40,000 දක්වා වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ද තොරතුරු වාර්තා වී ඇත.  
 විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් සෞදි රජය මගින් සෘජු විදේශ ආයෝජන යටතේ අති විශාල මුදල් ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කිරීමත් මෙරට වෙසෙන ශ්‍රී ලාංකික දරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ප්‍රධාන පළාත් තුනෙහි පාසල් පද්ධති තුනක් සම්බන්ධව වැඩ කටයුතු කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික අනුග්‍රාහකත්වය ලබා දීමත් වසර ගණනාවක් පුරා නොවිසඳුණු ගෘහ සේවිකාවන්ගේ ගැටළු, ආරාවුල්, ප්‍රතිලාබ පිළිබඳව ගැටළු, අයිතිකරුවන් ඇති හෝ නොමැති මෘත දේහයන් ඉතා කඩිනමින් ශ්‍රී ලංකාවට පිටත් කර හැරීමට තම නිලධාරීන් සමග කටයුතු කිරීම සඳහා සෞදි රජයේ අද‌ාළ අමාත්‍යාංශ සමග ඍජුව සාකච්ඡා කර ඵලද‌ායීව කටයුතු කිරීම මෙතුමා සතුව තිබූ සුවිශේෂි ලක්ෂණයක් විය.   


 මෙම අවස්ථාවේ තානාපතිතුමා පවසා සිටියේ තව නොබෝ දිනකින් සෞදි අරාබියෙන් නික්ම යාමට නියමිත බවත් තම සේවා කාලය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් කළ හැකි නොහැකි දේ බොහෝ තිබුණ ද තම ශ්‍රමය සහ කාලය උපරිම මට්ටමින් යෙදවීම පිළිබඳව තමා සෑහීමකට මෙන්ම සතුටට පත්වන බවත් තම රාජකාරිය වෙනුවෙන් නොමසුරු සහයෝගය සහ ද‌ායකත්වය දැක්වූ සියලු ශ්‍රී ලාංකික ප්‍රජාව වෙත ස්තූතිය පුද කරන බවත්ය. මෙම අවස්ථාවට සංසදයේ තවත් කිහිප දෙනෙක්ම කතා කළහ.  


ලලිත් ප්‍රේමලාල්  -  දමාම් සිට.



අදහස් (0)

​සෞදි ශ්‍රී ලංකා තානාපති වෙනුවෙන් නැගෙනහිර පළාතේ සමුදීමේ උත්සවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 10 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 979 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site