IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


වරිපනම් නිලධාරීන්ට කොකා පෙන්වූ ඉතාලියේ ලෝක උරුමයට අයත් ‘තෘල්ලි’ නිවාස සැලැස්ම

 

දාහහතරවැනි සියවස ආරම්භයත් සමගම රෝම අධිරාජ්‍ය බිඳවැටී ගියේය. ඒ සමගම ඉතාලිය යළි ප්‍රාන්ත රාජ්‍යවලට කැඩී වෙන්විය. ඒ ඒ ප්‍රාන්ත, ප්‍රදේශයේ ප්‍රබල රදළයින් විසින් පාලනය කරන ලදී. තම පාලන භූමි වපසරිය පුළුල් කරගැනීම සඳහා මෙම ප්‍රාන්ත රාජ්‍යයන් අතර නිතර සටන් ඇතිවිය. ප්‍රාන්ත රාජ්‍ය ආරක්ෂාව සඳහා අවැසි වියදම පිරිමසාගැනීමට පාලක රදළයින් විසින් ජනතාව මත බදු බර පටවන ලදී. 


ක්‍රි. ව. දාහතර - පහළොව ශතවර්ෂවලදී එවකට නාපෝලි රජය විසින් රාජ්‍ය වියදම පිරිමසා ගැනීම සඳහා නිත්‍ය ගොඩනැගිලි සඳහා බද්දක් පැනවීය. ඉතාලියේ පූලියා පළාත පාලනය වූයේ නාපෝලි රාජ්‍ය යටතේ ය. පූලියා පළාතේ අල්බෙරොබෙල්ලො ගම්වාසීන් විසින් මෙම බද්දෙන් මිදී සිටීමට කදිම උපායක් යොදාගන්නා ලදී. (අල්බෙරොබෙල්ලෝ නගරයට වර්තමාන බාරි නගරයේ සිට කි. මී. පනස්පහකි)


නාපොලි රාජ්‍ය නියෝගයට අනුව බද්ද ගෙවිය යුතු වූයේ නිත්‍ය ගොඩනැගිලි සඳහා ය. එබැවින් නිත්‍ය නොවූ ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රමවේදයක් අල්බෙරොබෙල්ලො ගම්වාසීන් විසින් අත්හදා බලන ලදී. මෙම ක්‍රමවේදය බදු අයකැමියන් පැමිණෙන විට විසන්ධි කර නැවත සන්ධි කළ හැකි ගොඩනැගිලි ඉදිකිරීමේ කලාවකි. 
අල්බෙරොබෙල්ලො ප්‍රදේශය හුණුගල් සහිත ප්‍රදේශයකි. බදාමයකින් තොරව හුණුගලින් කපාගන්නා ලද ගඩොල් එකපිට එක තබා ගොඩනගන නිවසේ පියස්ස ද හුණුගලින් ම නිම කිරීම මෙම නිවාස ගොඩනැගීමේ ක්‍රමවේදයේ තවත් ලක්ෂණයකි. මෙසේ ගොඩනගාගනු ලැබූ නිවාස “තෘල්ලි” නමින් හැඳින්විණි. 


තෘල්ලි නිවසක් ගොඩනැගීම සඳහා මුලින් ම කළ යුතු වූයේ තෝරාගන්නා ගෙපොළ ළිඳක ආකාරයෙන් වෘත්තාකාරව හාරමින් නිවස ගොඩනැගීම සඳහා (හුණුගල්) ගඩොල් ලබාගැනීම ය. පසුව මෙම කුහරය වැසි ජලය ගබඩාකරගැනීම සඳහා යොදාගැණුනි. තෘල්ලි නිවස වෘත්තාකාරව ඉදිවූවේ මෙම ළිඳ මත ය. හුණු ගඩොල එකපිට එක ශක්තිමත් ලෙස තබමින් තෘල්ලියේ බිත්ති ඉදිකෙරුණු අතර, පියස්ස ද වටකුරු කෝණාකාරව හුණුගලින් ම නිමවිය. පියස්ස බදාමයකින් තොර බැවින් වැසි දිය නිවස තුළට කාන්දුවීම වැළකීම සඳහා හුණුගල් පියස්ස, ප්‍රදේශයේ බහුලව තිබුණු ගල් පතුරු ස්ථරයකින් නැවත ආවරණය කරන ලදී. 


මෙම නිවාස පසුකාලීනව සත්ව ගාල් සහ ගොවි උපකරණ ගබඩා සඳහා යොදාගැනුණු අතර ඉතාලි සංචාරක ව්‍යාපාරයේ පිබිදීමත් සමගම සංචාරක ආකර්ෂණයක් ලෙස තෘල්ලි නැවත පිළිසකර කෙරුණි. මෙම තෘල්ලි ගෘහ නිර්මාණ සැලැස්ම පසුකාලීනයන් විසින් මෝස්තරයක් ලෙස ගෙන, ඒ අනුව නිත්‍ය නිවාස ගොඩනැගීම ද ආරම්භ කරන ලදී. 
අද අල්බෙරොබෙල්ලො හි තෘල්ලි  නිවාස ඉතාලියේ සංචාරක ආකර්ෂණයකි. මේ වෙන විට තෘල්ලි ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ගොඩනැගුණු තරු හෝටල් ද පල්ලි ද අල්බෙරෝබෙල්ලොහි වේ. මෙම ගෘහ නිර්මාණ සැලැස්ම ලොව වෙන කොතැනකදීවත් දැකගත නොහැකිය. මේ නිසාම, 1996 දෙසැම්බර් මස 6 වැනිදා යුනෙස්කෝව විසින් අල්බෙරොබෙල්ලො නගරයේ තෘල්ලි නිවාස ලෝක උරුමය යටතේ ලයිස්තුගත කළේය.

 

 


යටියන ක්ලැරන්ස් කොස්තා 
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.



අදහස් (0)

වරිපනම් නිලධාරීන්ට කොකා පෙන්වූ ඉතාලියේ ලෝක උරුමයට අයත් ‘තෘල්ලි’ නිවාස සැලැස්ම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 96 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 937 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site