
ෆ‍්‍රැන්සිස් ශුද්ධෝත්තම පියතුමා දින හයක මියන්මාර් හා බංග්ලාදේශ අපොස්තලික සංචාරයකින් පසුව, දෙසැම්බර් මස දෙවැනිදා පස්වරු ආපසු වතිකානයට සැපත්වූ බව වතිකානය නිවේදනය කරයි. මියන්මාරයේ හා බංග්ලාදේශයේ කතෝලික භක්තිකයන් පිරිස සංඛ්‍යාත්මකව ඉතාම අඩු අගයක් ගත්ත ද මෙම දෙරටේදීම රාජ්‍ය ගෞරව සහිතව හරසරින් පාප්තුමන් පිළිගනු ලැබූ බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
මියන්මාර් සංචාරයේදී පාප්තුමා එරට රාජ්‍ය නායිකාව වන අඋන්ග් සැන් සුන් කී හමුවූ බව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් සුළු වාර්ගිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරන මෙන් එතුමියගෙන් ඉල්ලා සිටි බව ද වතිකානය ප‍්‍රකාශ කරයි. මියන්මාරයේ සිටින රොහින්ග්‍යා මුස්ලිම්වරුන් සිහියේ තබාගෙන පාප්තුමා මෙම ඉල්ලීම කළ ද රොහින්ග්‍යා වචනය සඳහන් නොකිරීමට එතුමා වගබලාගත් බව අන්තර්ජාතික ප‍්‍රවෘත්ති සේවා වාර්තා කරයි.

මියන්මාර් සංචාරයෙන් පසුව දින තුනක බංග්ලාදේශ සංචාරයේදී පාප්තුමෝ බංග්ලාදේශයේ සරණාගත කඳවුරුවල වෙසෙන රොහින්ග්‍යා සරණාගතයන් පිරිසක් හමුවූහ. මෙම හමුව පෞද්ගලික වූ ද ඉතාම සුහදශීලී වූ ද හමුවක් බව
ප‍්‍රකාශ වේ. පිරිමි දොළොස් දෙනකු හා කාන්තාවන් හතර දෙනකුගෙන් පමණක් සමන්විත වූ මෙම රොහින්ග්‍යා සරණාගතයන් එකිනෙකා සමග පාප්තුමා ඉතාම සුහදශීලීව කතා කර ඇත. බංග්ලාදේශ සරණාගත කඳවුරුවල රොහින්ග්‍යා මුස්ලිම්වරුන් හයලක්ෂ විසිදහසක් රැඳී සිටින බව අන්තර්ජාතික රතු කුරුසය හා සරණාගතයන් සඳහා වෙන එක්සත් ජාතීන්ගේ කාර්යාල වාර්තාවන් පෙන්වා දෙයි. පාප්තුමාගේ කාර්ය බහුලත්වය නිසාම, සරණාගතයන්ගෙන් ඉතාම සීමිත පිරිසක් පමණක් පාප්තුමා හමුව සඳහා තෝරාගත් බව බංග්ලාදේශ ආරංචි මාර්ග පවසයි. රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පත්ව සිටින ශෝචනීය තත්ත්වය පිළිබඳව තමන් ඉතාමත් කනගාටුවට පත්ව සිටින බව පාප්තුමා මෙම පිරිස අමතා ප‍්‍රකාශ කර ඇත.

බංග්ලාදේශයේදී රොහින්ග්‍යා සරණාගතයන් සමග තමන් ද හැඬූ බව ආපසු ගමනේදී ගුවන්යානය තුළ පැවැති පුවත්පත් සාකච්ඡාවකදී පාප්තුමා කියා ඇත. රොහින්ග්‍යා සරණාගත කඳවුරු බැලීමට යාමට තමන් කැමැත්තක් දැක්වුව ද ඒ සඳහා අවසරය නොලැබුණු බව ද එතුමා වැඩිදුරටත් එතැනදී ප‍්‍රකාශ කර ඇත.
බංග්ලාදේශ සංචාරයේදී පාප්තුමා පාපැදි රික්ෂෝවක ගමන් කිරීමට ද අමතක කළේ නැත.
ෆ‍්‍රැන්සිස් පාප්තුමන්ගේ මියන්මාර් හා බංග්ලාදේශ සංචාරයේ අවස්ථා කීපයක් ඡායාරූපවලින් දැක්වේ.
යටියන
ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.
2025 ඔක්තෝබර් මස 08
1839
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1484
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
526
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රොහින්ග්‍යා සරණාගතයන් සමග තමන් ද හැඬූ බව පාප්තුමා කියයි