පසුගිය පාස්කු ඉරිදා දිනයේදී ශ්‍රී ලංකාවේ කිතුණු දේවස්ථාන සහ සංචාරක හෝටල් කීපයක් ඉලක්ක කර මුස්ලිම් අන්තවාදීන් විසින් එල්ල කළ බෝම්බ පිපිරීම්වලින් ජීවිතක්ෂයට පත් සියලු දෙනා සිහිපත් කරමින් හා රෝහල්ගතව සිටින සියලු දෙනාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් විශේෂ දිව්‍ය පූජාවක් 25 දින සවස 07.00ට මිලානෝ සාන්තො ස්තෙෆනෝ දේවස්ථානයේදී මිලානෝ අගරදගුරු අති උතුම් මාරියො දෙල්පිනි හිමිපාණන් විසින් ඉතාලි ජාතික පියතුමන්ලා ද හා මිලානෝ කිතුණු සංඝයේ ආත්මික උපාධ්‍ය ගරු ක්ලෝඩ් වනසිංහ පියතුමන් ද ගරු සංජිව පෙරේරා පියතුමන්ලා ද විසින් පැවැත්වීය.
ශ්‍රී ලාංකික කිතුණු සංඝය විසින් සංවිධානය කළ මෙම විශේෂ දිව්‍ය පූජාවට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද වන පූජ්‍ය මහගම විපුලසිරි හිමි ද පූජ්‍ය ඔලබොඩුවේ මුදිත හිමි ද පූජ්‍ය මහමෙව්නාවේ විජයවංශ හිමි ද පූජ්‍ය පෙල්ගහතැන්නේ සීලවිමල හිමි ද පූජ්‍ය බඩල්කුඹුරේ ධම්මසිරි හිමි ද පූජ්‍ය කොන්කටුවේ සුමනජොති හිමි ද වැඩම කිරීම හා විශාල පිරිසක් ජාති ආගම් භේදයකින් තොරව සහභාගි වීම මෙහි විශේෂත්වයක්.
මෙයට ශ්‍රී ලංකා මිලානෝ කොන්සල් ජෙනරාල් ඩෙන්සිල් ෆොන්සේකා මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.
තවද පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් මිලානෝ කිතුණු සංඝයා විසින් සංවිධානය කළ ප්‍රාන්ස් ලුර්දු දේවස්ථානයේදී පාස්කු මංගල මහා දිව්‍ය පූජාව සඳහා හයදාහකට අධික පිරිසක් සහභාගි වූ අතර අති ගරු නෙවිල් ජෝ පෙරේරා මාහිමිපාණන් බෝම්බ පහරවලින් විපතට පත් සියලු දෙනා සිහිපත් කරමින් හා මවුබිමට සාමය අයදිමින් මෙම දිව්‍ය යාගය පැවැත්වූහ.
ෂමින් පණ්ඩිතරත්න - මිලානෝ නගරයේ සිට
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බෝම්බ ප්‍රහාරයට ගොදුරුවූවන් සිහිකර මිලානෝහි දිව්‍ය පූජාවක්