IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පැරිසියේ ලස්සනම මාවතට තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

 

ප්‍රංශයේ අගනගරය පැරීසියේ පිහිටි ​ලෝකයේ ලස්සනම මාවත ලෙස සැලකෙන ඇවනිව් ෂොම් සෙඑළිෂේ මාවතේදී සඳුදා සවස 04ට පමණ ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල වූයේය. එය 2017 වසරේ මෙම මාවතේ සිදුවූ දෙවැනි ප්‍රහාරයයි.   


දිනකට වාහන 70000ක් පමණ එහා මෙහා ගමන් කරන ඉහත මාවතේ මධ්‍යයේ පිහිටි ෂොම් සෙඑළිෂේ වට රවුම අසල ආරක්ෂාවට රඳවා තබන පොලිස් භටයන් රැගෙන පැමිණි පොලිස් රථයක් නවතා තිබුණි. සවස 4ට පමණ එම මාවතේ එක් දිශාවක කොන්කෝඩ් චතුරස්‍රය දෙසින් පැමිණි රෙනෝල්ට් මෙගාන් වර්ගයේ වාහනයක් ඉහත නවතා තිබූ පොලිස් රථයේ හැප්පුවේය. සැනෙකින් එම වාහනය ගිනි ගත් අතර අසල්වාසී කිසිවෙකුටත් අනතුරක් සිදු නොවීය. වාහනයේ පැමිණි රියැදුරු මරුමුවට පත්වී සිටියේය.   


පුපුරණ රසායනික ද්‍රව්‍ය, කැලෂ්නිකොව් වර්ගයේ ස්වයංක්‍රීය රයිෆලයක්, ඔස්ට්‍රියාවේ නිෂ්පාදිත ​ෙගාල්ක් 26 වර්ගයේ ස්වයංක්‍රීය පිස්තෝලයක් හා තියුණු කැපුම් ආයුධ රාශියක් වාහනය තුළ තිබී ​ෙසායා ගෙන ඇත. වාහනයේ පැමිණ මියගිය සැකකාර රියැදුරා ප්‍රංශයේ ඉපදී ඇති වයස අවුරුදු 31 ක් වූ ඩී. අදාම් ලෙසත් ඔහු 1995 සිට ප්‍රංශ ආරක්ෂක අංශයේ විශේෂ ලැයිස්තු ගත අන්තවාදී ඉස්ලාම් භක්තිකයෙකු ලෙසත් හඳුනා ගෙන ඇත්තේය. සිද්ධිය වූ සැනින් මාවත වසා දැමුණු අතර අවට අැති උමං දුම්රිය පොළවල් ද වසා දැමීමට සිදු වූයේය. ඒ අතරතුර මියගිය සැකකරු ගැන පරීක්ෂණ සිදු වෙමින් පවතී. කෙසේ නමුදු මේ වනවිට ප්‍රංශය මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයන්ට මුහුණදී සිටී. එම ප්‍රහාරයන් ප්‍රංශ ආරක්ෂක අංශ ඉලක්ක කොට ක්‍රියාත්මක වීමද විශේෂය. පසුගියදා පැරීසියේ සිදුවුණු මෙවැනි ප්‍රහාරයන් අතර ප්‍රංශයේ දෙවැනි විශාලතම ඔරලි ගුවන් තොටුපොළ, ලෝක ප්‍රසිද්ධ ලෝකයේ විශාලතම ලුවර් කෞතුකාගාරය, නෝත්‍ර ඩාම් කතෝලික දේවස්ථානය හා ලෝකයේ ලස්සනම මාවත ආදී වූ සංචාරකයෝ විශාල පිරිසක් ගැවසෙන ස්ථාන තෝරාගෙන එහි රඳවා සිටි ආරක්ෂක භටයන් ඉලක්ක කොට ප්‍රහාර සිදු වූයේය. මේ හේතු කොට අද පැරීසිය විශේෂ ආරක්ෂක දැලකට හසුවූ නගරයක් බවට පත්වී ඇත්තේය.  


සුනිල් ආනන්ද
පැරීසියේ සිට.



අදහස් (0)

පැරිසියේ ලස්සනම මාවතට තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site