
(අජිත්ලාල් ශාන්තඋයද)
මැතිවරණ නීතිය උල්ලංගනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂක හසිත මුහන්දිරම්ගේ ස්ටිකර් අලවා ගමන් කරමින් තිබූ වාහන හතරක් අද (02) ඇහැලියගොඩ නැදුරණ මාර්යේ දී අත්අඩංගුවට ගත්බව රත්නපුර පොලිස් අධිකාරී සේනක වීරසිංහ මහතා පැවසීය.
අපේක්‍ෂකයා නොමැති වාහනයක අපේක්‍ෂකයෙකුගේ නම, පක්‍ෂ ලාංඡනය, මනාප අංකය සඳහන් ස්ටිකර් හෝ පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම තහනම් බව කි පොලිස් අධිකාරීවරයා රත්නපුර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂක හසිත මුහන්දිරම් මහතාගේ රුව, පක්‍ෂයේ ලකුණ සහ මනාප අංකය ඇලවූ රථවාහන ගණනාවක් කිරිඇල්ල පොලිස් වසමේ ගමන්කරන බවට පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබුණි.
ඒ අනුව කිරිඇල්ල පොලිසිය ක්‍රියාත්මක වී සොයා බලද්දී එම රථ පෙළපාලිය ඇහැලියගොඩ පොලිස් වසමට අයත් නැදුරණ මාර්ගයෙන් ඇහැළියගොඩ දෙසට යමින් තිබූ බව කිරිඇල්ල පොලීසියෙන් කළ දැනුම්දීමක් අනුව ඇහැළියගොඩ පොලිසියට දන්වා අත්අඩංගුවට ගැනීම කළ බවද පොලිස් අධිකාරීවරයා කීවේය.
එසේම පොලීසිය මෙම වාහන පෙළපාලිය නවත්වන අවස්ථාවේ අපේක්‍ෂකයාගේ රුව, මනාප අංකය සහ පක්‍ෂ ලකුණ ඇතුළත් තවත් වාහන කිහිපයක් අතුරු පාරවල් ඔස්සේ පලාගිය බවට තොරතුරු ඇති බවද පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.
අපේක්‍ෂකයා නොදැනුවත්ව මෙවැනි ප්‍රචාරක කටයුත්තක් සිදුවිය නොහැකි යැයි ද පොලිස් අධිකාරීවරයා පැවසීය.
මෙය මුලුමනින්ම මැතිවරණ නීති උල්ලංගනය කිරිමක් බවද කී පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනා වාහන හතර පදවමින් සිටි අය බවත් ඔවුන් කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් සඳහන් කළේය.
සැකකරුවන් සහ අත්අඩංගුවට පත් වාහන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
219
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නපුර එජාප අපේක්ෂකයෙකුගේ වාහන 4 ක් අත්අඩංගුවට
ජානක Tuesday, 04 August 2020 02:36 AM
පෙනෙන්නෙ ඒ කට්ටියගේ ඒවා පමණයි. අනෙක් පැත්තෙ අයගේ වාහනවලත් මෙහෙම වෙනවා දකින්න පුළුවනි.