IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


යතුරුපැදි රැළියක් පැවැත්වූ පොහොට්ටුවේ ආධාරකරුවෝ 6 ක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

         

වවුනියාව , පට්ටාන්චූර් ප්‍රදේශයේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් යතුරුපැදි රැළියක් පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් 6 දෙනෙකු යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ප්‍රධාන මාර්ගයන් අවහිර වන පරිදි මෙම පිරිස යතුරුපැදි රැළිය පවත්වා ඇති අතර යතුරු පැදි 8 ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසිය විසින් වැටලීම සිදුකළ අවස්ථාවේ යතුරුපැදි රැළියේ නිරතවූ පුද්ගලයින් තිදෙනකු යතුරුපැදි මහමඟ දමා පළා ගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව, පට්ටාන්චූර් හා මදිනානගර් පදිංචි අවුරුදු 19ත් 24 අතර වයසේ පසුවන්නෝ වෙති.

සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වවුනියාව මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (1)

යතුරුපැදි රැළියක් පැවැත්වූ පොහොට්ටුවේ ආධාරකරුවෝ 6 ක් අත්අඩංගුවට

lanka Monday, 03 August 2020 10:20 AM

එතකොට අර පුත්තලම් පැත්තේ කෙනා අත්අඩංගුවට ගන්නේ කවද්ද.?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 80 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 915 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2538 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site