
(සිතුම් චතුරංග)
වවුනියාව , පට්ටාන්චූර් ප්‍රදේශයේ මැතිවරණ නීති උල්ලංඝනය කරමින් යතුරුපැදි රැළියක් පැවැත්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක හිටපු නියෝජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාගේ ආධාරකරුවන් 6 දෙනෙකු යතුරුපැදි සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ප්‍රධාන මාර්ගයන් අවහිර වන පරිදි මෙම පිරිස යතුරුපැදි රැළිය පවත්වා ඇති අතර යතුරු පැදි 8 ක් ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය විසින් වැටලීම සිදුකළ අවස්ථාවේ යතුරුපැදි රැළියේ නිරතවූ පුද්ගලයින් තිදෙනකු යතුරුපැදි මහමඟ දමා පළා ගොස් ඇති බවත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වවුනියාව, පට්ටාන්චූර් හා මදිනානගර් පදිංචි අවුරුදු 19ත් 24 අතර වයසේ පසුවන්නෝ වෙති.
සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වවුනියාව මූලස්ථාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යතුරුපැදි රැළියක් පැවැත්වූ පොහොට්ටුවේ ආධාරකරුවෝ 6 ක් අත්අඩංගුවට
lanka Monday, 03 August 2020 10:20 AM
එතකොට අර පුත්තලම් පැත්තේ කෙනා අත්අඩංගුවට ගන්නේ කවද්ද.?