IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


මැතිවරණ දූෂණ වැඩි ප්‍රදේශ නිරීක්ෂණයට ජාතික මට්ටමේ නිරීක්ෂකයන්

(විනීතා එම් ගමගේ)
 
මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතුවල දී පූර්ව මැතිවරණ සමයේ මෙන්ම මීට පෙර මැතිවරණවල දී ප්‍රචණ්ඩත්වය හා මැතිවරණ දූෂණ වැඩි යැයි හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් නිරීක්ෂණය කිරීම සඳහා ජාතික මට්ටමින් නිරීක්ෂකයන් යෙදවීමට පැෆරල් සංවිධානය පියවර ගෙන ඇත.

 
යාපනය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් මෙන්ම මහනුවර, පුත්තලම, අම්පාර, නාවලපිටිය, කුරුණැගල, ගම්පහ, හම්බන්තොට ඇතුළු ප්‍රදේශ කිහිපයක් මෙසේ විශේෂ  නිරීක්ෂණයකට ලක්කරන බව ද එම සංවිධානය කියයි.
 
මෙවර මැතිවරණයේ දී නිරීක්ෂකයන් 5000 ක් යොදවන බවත් ජංගම රථ 260 කද, ගණන් කිරීමේ මධ්‍යස්ථානවල නිරීක්ෂකයන් 250 දෙනෙක් ද ඡන්ද මධ්‍යස්ථානවල ද නිරීක්ෂකයන් යෙදවීමට නියමිත බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින්  ප්‍රකාශ කළේය.
 
මේ අතර දිගුකාලින නිරීක්ෂකයන් 325 දෙනෙකු දිගටම නිරීක්ෂණ කටයුතුවල යෙදෙන්නේ යැයි ද ඔහු කියා සිටියේය. පූර්ව මැතිවරණ නිරීක්ෂණ සමයේ නිරික්ෂණ පිළිබඳ කථා කළ හෙට්ටිආරච්චි මහතා මේ වනවිට පැෆරල් වෙත ලැබී ඇති පැමිණිලි 1785 න් 84.5% ක් මේ වනවිට තහවුරු කර ඇතැයි ද කීය.
 
මැතිවරණයට සති එකහමාරක් තිබිය දී සිට යම් තරමකින් ප්‍රචණ්ඩත්වය වැඩිවී යැයි ද දිගින් දිගමට වැඩි වන රාජ්‍ය දේපල අයුතු භාවිතය හා මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් පිළිබඳව පැෆරල් සංවිධානයේ අවධානය යොමුවී ඇතැයි ද ඔහු සඳහන් කළේය. 

ඡන්දය ප්‍රකාශ කරන්නට යනවිට පෑනක් රැගෙන යන්නැයි මැතිවරණ කොමිසම දන්වා තිබිය දී අපේකෂකයෝ රැසක් තම අංකය නම හා සළකුණ යෙදූ පෑන් ඡන්දදායකයින් අතර බෙදා දීම අල්ලස් දීම ඉක්මවා ගිය වරදක් බවට පත්වන්නේ යම් හෙයකින් එම ඡන්ද දායකයින් ඔවුන්වෙත ලැබුණු පෑන් ඡන්ද මධ්‍යස්ථාන වෙත ගෙන යාමට ඉඩකඩ ඇති බැවින් යැයි කී ඔහු මේ තත්ත්වය වළක්වන්නට නොහැකි වුවහොත් පෑන් ගෙන ඒමේ දී පරීක්ෂාවට ලක්කිරීමට ඉඩ ඇතැයි ද සඳහන් කළේය.
 
විශේෂයෙන් සංවර්ධන ව්‍යාපෘතිවල යම් අයිතියක් ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන්ට ඇතැයි පිළිගන්නා නමුත් මේ අවස්ථාවේ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ඒවාට යාම හා එම ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම අනුමත කළ නොහැකි යැයි කී ඔහු එය සදාචාරාත්මක නොවන බව ද කීය.
 
බඩු බෙදාදීම් තවමත් සිදුවන්නේ යැයි ද ඒවා පිළිබඳ අවධානයෙන් සිටින්නේ යැයි ද ඔහු කියා සිටියේය. මෙවර මැතිවරණයේ දී සමාජ මාධ්‍ය භාවිතා කරමින් චරිත ඝාතන කිරීම් හා වැරදි තොරතුරු සමාජ ගතකිරීම් වෛරී ප්‍රකාශන වැපිරීම් ද සිදුවන බවත් ඒවා නිරික්ෂණය ද පැෆරල් සංවිධානය විසින් සිදුකරන බවත් හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය.
       
දේශපාලන අයිති අහිමි මාණ්ඩලික නිලධාරින් දේශපාලනයේ යෙදුණු අවස්ථා පිළිබඳ වාර්තා වී ඇති බවත් ඒවා තහවුරු කරගත් පසු අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බවත් හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (0)

මැතිවරණ දූෂණ වැඩි ප්‍රදේශ නිරීක්ෂණයට ජාතික මට්ටමේ නිරීක්ෂකයන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site