
(සඳලංකාව-හේමලතා ඩී හේවගේ)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ අපේක්ෂකයන් දෙදෙනෙකුගේ ආධාරකරුවන් බව කියන දෙපිරිසක් අතර අද (05) සවස පන්නල එලිවිල මාර්ගයේ මාකඳුර ප්‍රදේශයේදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යෑම නිසා ඇතිවූ පහරදීමක් හේතුවෙන් පන්නල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු සඳලංකා දිසා රෝහලට ඇතුලත් කර ඇතිබව පන්නල පොලීසිය කියයි.
මෙසේ පහරකෑමට ලක්ව රෝහල්ගතකර ඇත්තේ ධම්මික නිශාන්ත නැමති පන්නල ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරයෙකු බවද පොලීසිය පවසයි.
මෙම පහරදීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පන්නල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් ආරියරත්න මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS