
ශ්රී ලංකාවේ 13 වැනි පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා පැවැති මහ මැතිවරණයේදී ඡන්ද 68,53,693ක් ලබාගනිමින් අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 128ක් දිනාගැනීමට සමත්විය.
මහ මැතිවරණයේදී දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 27,71,984ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 47ක් දිනාගත්තේය.
ඉලංකෙයි තමිල් අරසුකච්චි ඡන්ද 3,27,168 ක් ලබාගනිමින් මන්ත්‍රීධූර 9 ක් දිනාගත් අතර ඡන්ද 4,45,958 ක් ලබාගත් ජාතික ජනබලවේගය මන්ත්‍රීධූර 2 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට එකම මන්ත්‍රීධූරයක් හෝ දිනාගත නොහැකි විය. එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,49,435 ක් වූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් 2.15% කි.



COMMENTS
ජය වේවා..!!! දැන් වැඩකරලා පෙන්වන්න. නැතිනම් ඊළඟපාර ටිකක් අමාරු වෙයි.
රනිල් මංගල ඇතුලු එජාපයින් රටට කරපු හානිය සුව කිරීමට හැකි වේවා... සජිත්ට මොලේ පෑදේවා. ඔහුට ලැබුණු බහුතර ඡන්ද ජනාධිපති ප්‍රේමදාස නිසා විය යුතුයි. ජවිපෙ NGO කල්ලිය ඩයස්පෝරාවෙන් ඉදිරියටත් යැපෙනු ඇත. පරණ ජවිපෙ දැන් නැත. ගෝඨාභය ජනාධිපති ගැන රටම බලාපොරොත්තු දල්වා බලා සිටියි...
කෝ ටැලිෆෝන් ගොයියන්...? කෝ ජෙප්පන්? අනේද කියන්නේ...?
සිංහලයෝ සම්පූර්ණයෙන්ම සමගි ජන බලවේගය ප්‍රතික්ෂේප කෙරුවා.
අන්තිමට වුනේ ඔන්න ඔහොමයි, රටේ ජනතා ආකර්ෂණය අඳුනාගන්න අසමත්වීම කණගාටුවට කරුණක්...
2010 ඡන්ද ප්‍රතිඵලමයි. එදා 144යි. අද 145යි. 2010 ඡන්ද ප්‍රතිඵලමයි. එදා 144යි අද 145යි. එදා 2/3 ප්‍රතිඵලයට නම් සතුටු වුණා. හැබැයි අද එහෙම නැහැ. එම්සීසී ගිවිසුම අත්සන් කිරීම, කොළොඹ ජැටියේ නැගෙනහිර පර්යන්තය විකිණීම, රටේ පුරාවිද්‍යා වටිනාකම් ඇති ස්ථාන විනාශ කිරීම, රටේ ඉඩම් විදේශිකයන්ට කුණු කොල්ලයට විකිණීම, ගල්කිස්ස මුහුද ගොඩ කිරීම හරහා සිදුවුණු දූෂණ, සීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙන කාන්තා සහ ළමා අපරාධ - ඡන්දය එක්ක මතක් වෙන්නේ මේවා....
225 ක් වූ අප වැනි උදවියට.. අවුරුදු 5ක් සැප ගැනුමට ඡන්දය දුන්නාට... එහෙව් දෙයක් කළ මිනිසුනි නුඹලාට ... තිස්තුන් කෝටියක් දෙවිවරු රැකදේවා සැමදාට..
දැන් ජනතාවගේ වැඩ ඉවරයි. දැන් ආණ්ඩුවට 2/3 ලැබුණානේ... ඒක නිසා ජනතාවගේ ටැක්ස් අඩුකරලා, පඩි වැඩිකරලා, බඩුමිල අඩුකරලා, රැකියා වැඩිකරලා, පුළුවන් තරම් සහනද දීලා, සෞඛ්‍ය, අධ්‍යාපන පහසුකම් වැඩිකරලා අපේ රට සුරපුරයක් කරන්න දැන් ප්‍රශ්නයක් වෙන එකක් නැහැනේ...
මොනවා වුණත් පොහොට්ටුවේ ලොක්කෝ එක දෙයක් දන්නවා. ලංකාවේ බහුතරේට කිසිම දේශපාලන දැනුමක්වත්, සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා අවබෝධයක්වත් ඇත්තේම නැහැ කියන එක. ඒ නිසා ඕන බලියක් අරින්න පුළුවන් කියලා. ඒකතමයි මේ පාරත් 68ලක්ෂයක් ඔප්පුකරලා පෙන්නුවේ ... අපි මෙතන හූල්ලනවා... සංවර්ධිත රටක් දකින්න.
අද මුදලට පමණකි. එනමුත් හෙට ණයටම දෙනවනේ.. එලෙසින් ඊළඟ අවුරුදු 5 අපි සංවර්ධනෙ කරනවනේ... ඒ බව අවුරුදු 70ක් ලක්දෙරණින් හොඳටම පෙනුණානේ... ලබන අවුරුදු 5ත් එලෙසම අපි සංවර්ධනෙ කරනවනේ...
කොයි බොල මේ බයියෝ...? දැන් දකුණේ වේලෙන පොල්...
ජනතා තීන්දුවට අප ගෞරව කොට හිස නමමු. අප මධ්‍යස්ථ මතධාරීන් ලෙස හොඳනරක යන දෙකම සද්භාවයෙන් පෙන්වා දුන්නෙමු. අප අපහාස නොකළෙමු. ඒ බව මේ තීරයේ බොහෝ දෙනා දනිති. මේ ලැබූ ජයග්‍රහණයට අපද යම් ප්‍රමාණයක හෝ දායකත්වයක් දැක්වූ බව සිතේ. හැමදේටම එහෙයි කියන අයට වඩා කාරුණිකව හොඳ නරක පෙන්වා දෙන්නා යහපත් සේවයක් සලසන බැවිනි. ජනපතිතුමා මර්දනයට මෙන්ම, කුඩ්ඩන් පාතාලයන් මර්දනයේදී අගනා ක්‍රියාමාර්ග ගැන අප කවදත් රජයට ප්‍රශංසා කළෙමු. හැමදේටම එහෙයි නොකියා කාරුණිකව වැරැද්ද පෙන්වා දුන්නෙමු. මේ ජයග්‍රහණයට ද සුබ පැතීමට අප කුහකයන් නොවෙමු. මේ අදහසට දොස් නොකියන ලෙස අප ඉල්ලා සිටිමු. මන්දයත්, එය රටේම ජනතා අභිලාෂය වන බැවිනි. අගනා ජනතා මෙහෙවරක් සඳහා අපි නව රජයට සුබ පතමු.
ඇත්තෙන්ම ඒ ජයග්‍රහණය නම් මල් පහයි!! දිනුවා කියලා හිතාගෙන ඉන්න අය තව හයියෙන් උඩ පනින්න.. අන්න එතකොට තමයි අනාගතයේදී තව හොඳටම පහවෙන්නේ... සමහර දිස්ත්‍රික්කවල පළවෙනියන් දැක්කම, අර කොහෙන්ද මන්දා හිනායනවා. එන්න, අපි ඔක්කොම එකට එකතු වෙලා ජොලියේ ජීවත් වෙමු.
සජිත් විශ්ෂ්ඨයි. මාස එකහමාරෙන් වැඩ පෙන්නලා තියෙනවා. කොහොමත් ලංකාවේ ජනාධිපති ඉන්න පැත්තෙම තමයි පාර්ලිමේන්තුවත් තියෙන්නේ.. සජිත්ගේ ජය වැඩි ඈතක නොවේ...
එතෙක් තිබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 1977 දී ජේ.ආර් හයෙන් පහක බලයක් ලබා පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසුවා. (නමුත් අද උදේ එක් රූපවාහිනි වැඩසටහනක කිව්වා ජේ.ආර්.ට තිබුණේ සියයට 50ටත් අඩු බලයක් කියලා) ජේ.ආර්ටත් ඒ පණ්ඩිතයාටත් අදහසක් ඇතිවූණාද දන්නේ නැහැ. මෙලෙස මනාප ක්‍රමයක් ඇතිකලේ. කියලා මටත් හිතෙනවා කොහොම වුණත් කමක්නැහැ... දැන් තියෙන බලය අනුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (පළාත්සභා අහෝසිකර) සම්පූර්ණයෙන්ම වෙනස්කර අළුත් ව්‍යවස්ථාවක් ඇතිකරන්න. පළාත්සභා වෙනුවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීන් පත්කරන ක්‍රමයක් හදන්න.
අනේ පව් රනිල් මහතා ජාතික ලැයිස්තුවෙන් පත්කරමු. අන්දරේ නැති රාජසභාවක් වෙනවා පාර්ලිමේන්තුව...
මෙතෙන එක්කෙනෙක් අනුන්ට කහිනවා. ඒත් බොහොමයක් කතා කරන්නේ රටේ සමස්ථ ජනතාව ගැන. හරි විදිහට ගියොත් හොඳයි.