
ශ්රී ලංකාවේ 13 වැනි පාර්ලිමේන්තුව තෝරා පත්කරගැනීම සඳහා පැවැති මහ මැතිවරණයේදී ඡන්ද 68,53,693ක් ලබාගනිමින් අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර 128ක් දිනාගැනීමට සමත්විය.
මහ මැතිවරණයේදී දෙවැනි ස්ථානය හිමිකරගත් සමගි ජන බලවේගය ඡන්ද 27,71,984ක් ලබාගනිමින් මන්ත්‍රී ධුර 47ක් දිනාගත්තේය.
ඉලංකෙයි තමිල් අරසුකච්චි ඡන්ද 3,27,168 ක් ලබාගනිමින් මන්ත්‍රීධූර 9 ක් දිනාගත් අතර ඡන්ද 4,45,958 ක් ලබාගත් ජාතික ජනබලවේගය මන්ත්‍රීධූර 2 ක් ලබාගත්තේය.
ශ්‍රී ලංකාවේ පැරණිතම දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයට එකම මන්ත්‍රීධූරයක් හෝ දිනාගත නොහැකි විය. එක්සත් ජාතික පක්ෂය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 2,49,435 ක් වූ අතර එය ප්‍රතිශතයක් වශයෙන් 2.15% කි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.