(රංජිත් රාජපක්ෂ)                       
 

මෙවර මහ මැතිවරණයට කිසිදු අභියෝගයක් නොමැති බවත්, අභියෝග නොමැති නිසා මැතිවරණය කම්මැල් සහගත බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(30) පැවසීය.
 
අග්‍රමාත්‍යවරයා ඒ බැව් කියාසිටියේ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා තරග කරන අපේක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ජය තහවුරු කිරීම සදහා නාවලපිටිය කුරුදුවත්ත සමර්සෙට් ප්‍රදේශයේ පැවති ජන හමුවකදිය.
 
මෙම ජන හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු මහින්ද රාජපක්ෂ මහතා මෙසේ කියා සිටියේය.
 
“පසුගිය අවුරුදු 5 දි මේ රටට වැඩක් කෙරුණේ නැහැ. ඒකට හේතුව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ. ජනාධිපති කියන ඒවා අගමැති කරන්නේ නැහැ, ඇගමැති කියන ඒවා ජනාධිපති කරන්නේ නැති නිසා.
 
ජනාධිපති සහ අගමැති එකම පක්ෂයක වෙන්න ඕනි. එක්සත් ජාතික පක්ෂය පිල් දෙකකට බෙදිලා, අද ඒ අය අතර තරයක් විතරයි තියෙන්නේ.
 
මේ මැතිවරණය ඒක  පාක්ෂික තරගයක් වගේ මට පෙන්නේඑ, විරුද්ධ පක්ෂයක් නැති වුණාම හරි කම්මැලි. මම අවු 50 ක් දේශපාලනය කරලා තියෙනවා, හැබැයි හැම මැතිවරණයකදිම ලොකු තරගයක් තිබුණා. අභියෝගයක් තිබුණා.
 
හැබැයි මේ පාර කිසිදු අභියෝගයක් නැහැ. අපි අති විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා. 2/3 බහුතර බලයක් අපි ලබා ගන්නවා. රටේ ආර්ථිකය ගොඩ ගන්න අපි කටයුතු කරනවා” යනුවෙන් පැවසීය.