IMG-LOGO

අපේක්ෂක ඩිෆෙන්ඩරයේ හැපුණු යුවලට බරපතලයි



(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)

ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂකයෙකුගේ  ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් ඩිපෙන්ඩර්  රියක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් යුවලක් බරපතල තුවාල සහිතව මීරිගම රෝහලට ඇතුළත් කර ඇතැයි මිරිගම පොලිසිය කියයි .

අද (05) පස්වරු  6.30ට පමණ මීරිගම වේවැල්දෙණිය මාර්ගයේ බණ්ඩාරනායක විදුහල ආසන්නයේ දී සිදු වූ මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ මැතිවරණ රාජකාරි සඳහා  ගිය රජයේ නිලධාරිනියක හා ඇගේ සැමියා බව ⁣පොලිසිය කියයි.

මීරිගම රේන්දපොල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව සිය මැතිවරණ රාජකාරි අවසන් කිරීමෙන් පසු සැමියා සමග යතුරුපැදියේ ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇත.

ඩිෆෙන්ඩර් රිය මෝටර් රියකට ඉස්සර කරන අවස්ථාවේ යතුරුපැදිය එහි මුහුණට මුහුණලා ගැටී ඇතැයිද බරපතල තත්ත්වයේ  සිටි යතුරුපැදිකරු සුවසැරිය ගිලන් රිය මගින් රෝහල් ගත කර ඇති අතර කාන්තාව වෙනත් වාහනයකින් රෝහල් ගත කිරීමට ප්‍රදේශවාසීන් පියවර ගෙන තිබුණි .

මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතාගේ මෙහෙයුම යටතේ පොලිස් නිලධාරීහු පරීක්ෂණ පවත්වති.



අදහස් (16)

අපේක්ෂක ඩිෆෙන්ඩරයේ හැපුණු යුවලට බරපතලයි

thilak Wednesday, 05 August 2020 04:13 PM

දැන් ෂෝ එක පටන් ගත්තා... දැන් ඉතින් අවුරුදු 5 ඉවර වෙනකන් ඉන්න.

:       2       130

Prabha Wednesday, 05 August 2020 04:32 PM

මේ වැඩේ කරලා තියෙන්නේ කාලකණ්ණිම තමයි.

:       6       93

[email protected] Wednesday, 05 August 2020 05:23 PM

නම කියන්න බැරි දැන්මම බයවෙලා වගේ..

:       0       93

Kamal KoyralaThursday, 06 August 2020 06:03 AM

නම කියන්න බැරි බය නිසාද?

:       0       52

Gampaha Wednesday, 05 August 2020 05:24 PM

ගම්පහ හැමතැනම අද ඔහොමයි. ඩිෆෙන්ඩර්වල, ප්‍රාඩෝවල, v8 වල මේ අය ගියේ මහපාරේ පිඹගෙන. එකපෙළට වාහන පහක්, හයක් මාර්ග නීති බල්ලට දාලා කඩාගෙන ගියේ. අතුරු පාරවල් වලත් එහෙමයි. දේශපාලුවෙක්ගේ කලු සල්ලි කන හද්ද ගොඩයින් වාහනයක් අතට ගත්තම හිතන්නේ එයා තමා පාරෙ අයිතිකාරයා කියලා. ඒ අයට අනිත් මිනිස්සු නිකං මස් ගොඩවල් විතරයි. පොහොට්ටුවේද ටෙලිෆෝන් එකේද කියලා වෙනසක් නෑ. ලංකාවේ මේ මජර ගඳගහන දේශපාලනය කවදා ඉවර වෙයිද මම දන්නේ නෑ. දින්නොත් මේ අය කොහොම යයිද දන්නේ නෑ. කොහොමද අපි හරි මිනිස්සු තෝරාගන්නේ ඔක්කොම හරක් වෙනකොට. මේ කතාව කිව්වාම සමහර අය කියනවා... එහෙම තමයි රට යන විදියට අපි යන්න ඕනේ කියලා. එහෙම නම් ළඟදීම වලපල්ලට තමයි යන්න වෙන්නේ.... මිනිස්සුන්ට මෙක තේරෙන්නේ රටේ තරුණ පරම්පරාව රට දාලා යන්න ගත්තහම තමයි. මේ රටේ 225 කට වඩා මිලියන 16ක මෝඩකම වැඩියි.

:       0       206

අතුල සවුදි Wednesday, 05 August 2020 06:23 PM

ආධාරකරුවන් කුමන අපේක්ෂකයාගේද යන්න සඳහන් කිරීමට, කොන්දක් නැද්ද?

:       0       84

Jay Wednesday, 05 August 2020 08:38 PM

වෙන නිව්ස්වල නම් රියදුරු අත්අඩංගුවට කියලා කියනවා. මේ නිව්ස් එකේ එහෙම නැහැනේ. දේශපාලකයින්ගේ වාහන සහ රියදුරු මහත් (හොරු) නිසා වෙන්න ඇති

:       0       91

polgahwela Thursday, 06 August 2020 01:46 AM

තව පටන්ගත්තේ නැහැ. අපි තමයි වැරදි... හරක්ට ඡන්දෙ දෙන එක . 07.08.2020. ඉඳන් බලන්න පුළුවන් වෙනවා... 1. නීතියක් නැති රටක් 2. හරක් පාලනය කරන රටක් 3. ආගමක් ජාතියක් නැති ජාතියක් 4. කුඩු කාරයන් . පාතලේ එවුන් රජ කරන රටක් 5. අපේ රට චීන කොලනියක් 6. අපේ උරුමයන් විනාශ කරන ආණ්ඩුවක් 7. තමන්ට ඕන පනත් සම්මත කරගෙන රට කනවා... දළදා මාලිගාව, අනුරාධපුරය ඇතුළු සියලුම දේවල් අපිට නැති කරනවා... එතකොට මහුදු මහා විහාරය...?

:       1       166

Kamal KoyralaThursday, 06 August 2020 06:05 AM

69 ලක්ෂයේ අනාගතය...

:       32       102

දියවන්නා-බහිරවය Thursday, 06 August 2020 02:08 AM

මෙන්න අර කියපු විදියට මිනී මැරීමකට අදාල නඩුවක් ගොනුකරන්න ලැබුණු පළමු අවස්ථාව...

:       0       11

saminda Thursday, 06 August 2020 04:39 AM

ආධාරකරුවන් මේ විදිහට හැසිරෙන්නේ ඔවුන්ගේ ලොක්කන්ගේ හයිය අරගෙන... මේ ක්‍රමය වෙනස් කරන්න කවුරුවත් නැහැ. අහිංසක ජීවිතවලට දේශපාලුවෝ වගකිව යුතුයි.

:       0       21

Rata Perata Thursday, 06 August 2020 06:30 AM

දැන් ඉතින් පොලිසිය අර පාඨලීගේ නඩුව වගේ... මේ ජෝඩුව ජීප් එකේ බලෙන් හැප්පුණා කියයි.

:       19       16

Nimal Thursday, 06 August 2020 06:49 AM

මිනිසුන් මරාගෙන හරි පාර්ලිමේන්තු යන්න ඔන්ලයින් ජනතාවට සේවය කරන්න. ඕවා වෙනස් වෙන්නේ නැහැ... මේ රටේ මොන වීරයා බලයට ආවත්...

:       0       5

kamal Thursday, 06 August 2020 08:07 AM

පාඨලීට නඩුදාපු අයම මේගොල්ලන්ටත් නඩුදායි. බයවෙන්න දෙයක් නැහැ.

:       0       5

දේසප්‍රේමියා Thursday, 06 August 2020 09:24 AM

රටේ යුක්තිය, නීතිය, සාධාරණය විනාශ කරපු දූෂිත බලලෝභී නායකයින් රජයන රටක මොනවා බලාපොරොත්තු වෙන්නද?

:       0       31

Bandula Thursday, 06 August 2020 01:38 PM

මට හිතාගන්න බැහැ මේ යාළුවාට කුඩා ළමයින් ඉන්නවා ඇති. ඔවුන්ට මොකක්ද වෙන්නේ? මේ කාලකණ්ණි සමාජයට මොකක්ද වෙලා තියෙන්නේ? දෙයියනේ... මේ අයට දඬුවම් දෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site