(එස්. ඩි.කොඩිකාර)

මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අපේක්ෂකයෙකුගේ  මනාප අංකය මුද්‍රිත කාඩ්පත් බෙදමින් සිටි පුද්ගලයෙකු අද (05) කළුබෝවිටියන, බන්ඩත්තර කන්ද මංසන්ධිය අසළදී අත්අඩංගුවට ගත් බව මොරවක පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු (43) හැවිරිදි වියේ පසුවෙන, බන්ඩත්තර කන්ද, අඹේවෙල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .

පොලිසියට ලද තොරතුරක් මත සැකකරු කළුබෝවිටියන  මාර්ගයේ බන්ඩත්තර කන්ද මංසන්ධිය අසළදී  ජංගම සංචාරයේ යෙදෙන පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත නිදහස් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.