IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


දිළිඳු බවේ ශාපයට එරෙහි නොනිමි අරගලයෙන් ජයගත් රැන්ද්කා ඝෝනියාමා

ඉරණමට එරෙහිව අරගල කළ ගැහැනු

 

 

කාන්තා දින කොතරම් පසු වුවද ගැහැනු කවදත් අසරණ යැයි නැගෙනා අඳෝනාවල නම් අඩුවක් නොමැත. එහෙත් තම දෛවයට අභියෝග කළ, ඉරණම උරුම කර නොගත් ගැහැනුද නැත්තේම නොවේ. රටක් නොව ලොවක් පවා වෙනස් කළ සටන්කාමී කාන්තාවන් පිළිබඳ ලිපි මාලාවක් ගෙන ඒමට අප සිතුවේ එබැවිනි. මේ එහි තෙවැන්නයි. 


අධ්‍යාපනය ලැබීමට වයස ප්‍රශ්නයක් නොමැති බව ඔප්පු කළ රැන්ද්කා ඝෝනියාමා, වයස අවුරුදු 65දී දකුණු අප්‍රිකාවේ ට්ෂේවානේ තාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් (TUT) ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු උපාධිය හිමි කර ගත් කාන්තාවකි. ඇයගේ විශේෂත්වය වන්නේ ඇය ගණිත විෂය සමත් වන්නේ වයස අවුරුදු 43දී වීමයි. 


උතුරු ප්‍රිටෝරියාහි සොෂැන්ගුවේහි පදිංචිව සිටි රැන්ද්කා ඝෝනියාමා, පසුගිය වසරේදී සිය උපාධිය හිමිකර ගන්නා විට දරුවන් සිව්දෙනෙකුගේ මවක වූ අතර දහය ශ්‍රේණිය වන විට තම පාසල් ජීවිතයට සමුදීමට සිදුවූයේ වයස අවුරුදු 17දී විවාහ වන්නට සිදුවූ බැවිනි. ඇයට රෙදි ගබඩාවක රැකියාව සඳහා යාමට සිදුවූයේ මේ හේතුවෙනි. 


කෙසේ වෙතත් අවුරුදු 26කට පසු නැවතත් උසස් පාසල වෙත ඇතුළු වූ රැන්ද්කා ඝෝනියාමා, පාසලේ සියලු‍ කටයුතු නව්‍ය මුහුණුවරකින් ආරම්භ කළ අතර සිසු සිසුවියන් සමග අධ්‍යාපනය හැදෑරීම නැවුම් අත්දැකීමක් බවටද පත්කර ගත්තාය. පාසැල් සිසුවියක සේ පාසල් නිල ඇඳුමින් සැරසී අනෙක් සිසු සිසුවියන් සමග කරට කර ගණිතය හදාරන්නට ඉටා ගත් ඇයට පාසලේ ඉගෙන ගන්නාක් වැනි හැඟීමක් උසස් විද්‍යාලයේදී ඇතිවූයේ මේ හෙයිනි. අධ්‍යාපනයේ අවශ්‍යතාව වෙනදාටත් වඩා තදින් දැනුණේද මේ හෙයිනි. එහෙත් නැවතත් පාසල් අධ්‍යාපනය වෙත පිවිස තමන් මුහුණදුන් පළමු පරීක්ෂණයේදීම ඇය අසමත් වූවාය. එහෙත් ඉන් නොසැලු‍ණු ඇය වයස අවුරුදු 43දී ගණිතය විෂය සමත් වන්නේ මේ අනුවයි. 


තරුණ තරුණියන් සමග අධ්‍යාපනය හැදෑරීම ඉතා විනෝදජනක කටයුත්තක් සේ සැලකූ රැන්ද්කා ඝෝනියාමා, පසුකලෙක පැවසූ අතර සිසු සිසුවියන් තමාට පටබැඳි නම් පවා තමා අපහසුතාවට පත් නොකළ බවද පැවසුවේද මේ හේතුවෙනි. පසුව හෙද ක්ෂේත්‍රය හැදෑරීමට ඈ යොමුවූ අතර ඒ එම විෂය පිළිබඳ ඈ තුළ තිබූ උනන්දුව හේතුවෙනි. එහෙත් ඈ අයදුම් කළ සියලු‍ විශ්වවිද්‍යාලවලින් ඇය ප්‍රතික්ෂේප වූයේ අවාසනාව ඇයට තර්ජනයක් වෙමිනි.


උත්සාහය අත් නොහළ ඇය 2003 වසරේදී දකුණු අප්‍රිකාවේ ට්ෂේවානේ තාක්ෂණික විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පාඨමාලාවට අයදුම් කළාය. එතැන් පටන් තම උසස් අධ්‍යාපනය ආරම්භ කළාය. එහෙත් නැවතත් ඇය අසාර්ථක වන්නට වූ අතර පාඨමාලාවට ලියාපදිංචි වී වසර හතක් යනතුරු රැන්ද්කා ඝෝනියාමාට ඉගෙනුම් කටයුතු නිසි පරිදි ඉටු කර ගැනීමට නොහැකි වූයේ දැඩි මූල්‍ය අර්බුද හේතුවෙනි. 2010 වසර වන විට ඇයට පවුලේ කටයුතු පිළිබඳවද වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවීම මේ සඳහා බලපෑ තවත් හේතුවකි. 2017 වසරේදී ඇයට නැවතත් මෙම පාඨමාලාවට ලියාපදිංචි වන්නැයි දුරකථන ඇමතුමක් ලැබෙන්නේද මේ හේතුවෙනි. 

 

රැන්ද්කා ඝෝනියාමා ජීවත් වූ නිවස

 


එයින්ද නොසැලු‍ණු රැන්ද්කා ඝෝනියාමා යළි මෙම පාඨමාලාවට ලියාපදිංචි වූ අතර, ප්‍රිටෝරියා විශ්වවිද්‍යාලයේදී ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු අංශයේ ප්‍රායෝගික පරීක්ෂණය හා ශක්තිය සහ ඉලෙක්ට්‍රොනික ශක්තිය පිළිබඳ ව්‍යාපෘතිය අවසන් කර පසුගිය ජුනි මස වන විට සියලු‍ විෂයන් සමත් වන්නේ මේ අනුවයි.


අනතුරුව ඇය සමස්ත ලෝකයා වෙනුවෙන්ම පැවසුවේ යමක් අත්පත් කර ගැනීම කොතරම් අසීරු වුවත් එය කළ නොහැක්කක් නොවන බවත්, කිසිවෙකු පාසල් අධ්‍යාපනය ලැබීම ප්‍රමාද වී නොමැති බවත් තමන් විසින් තරුණ තරුණියන්ට ඔප්පු කළ බවයි. මේ අනුව දැන් රැන්ද්කා ඝෝනියාමාට රැකියාවක් ලබාදීම සඳහාද ආයතනයක් පොරොන්දු වී ඇති බව ඇය පවසයි.

 

 

මාලන් විදානපතිරණ
ඡායාරූප අන්තර්ජාලයෙනි



අදහස් (0)

දිළිඳු බවේ ශාපයට එරෙහි නොනිමි අරගලයෙන් ජයගත් රැන්ද්කා ඝෝනියාමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 586 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 289 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1089 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site