ඇමරිකාව තුල ස්වයංක්‍රිය තිරිංග සහිත වාහන නිපදවීම එරට රජය විසින් අනිවාර්ය කිරීමට මෝටර් රථ නිෂ්පාදන සමාගම් සමග ගිවිසුම් අත්සන් කොට ඇතැයි වාර්තා වේ.
මෙම ගිවිසුමට මෝටර් රථ නිෂ්පාදන සමාගම් සමාගම් 20ක් පමණ එකඟතාවය පල කර ඇත.
කෙසේ වෙතත් එම ආරක්ෂක පද්ධතිය සහිත වාහන නිෂ්පාදනය කිරීමට වසර හයක් ගත වන බවත් 2022 වන විට ඇමෙරිකාවේ නිෂ්පාදනය වන සියලුම වාහන එම රෙගුලාසි වලට යටත් විය යුතු බවත් ස්වයංක්‍රිය තිරිංග පද්ධතියක් තිබීම අනිවාර්ය කර ඇති බවත් දැනගන්නට ලැබේ.
මෙම තිරිංග පද්ධතිය ක්‍රියාත්මක වන්නේ කැමරා සංවේදක සහ රේඩාර් පද්ධති මගිනි.
මාර්ගයේ ඇති වස්තුන් කැමරා සංවේදක මගින් නිරීක්ෂණය කොට හදුනාගෙන රියදුරු ක්‍රියා නොකරන්නේ නම් ස්වයංක්‍රියවම තිරිංග ක්‍රියාත්මක වී වාහනයේ වේගය අඩාල වී නැවත්වීමට මෙම පද්ධතියට හැකියාව ඇත.
මේ වන විටත් එම පද්ධතිය සහිත වාහන කිහිපයක් වෙළද පොලේ ඇති නමුත් බොහොමයක් වාහන ස්වයංක්‍රිය තිරිංග රහිතව නිෂ්පාදනය වේ. මෙම ගිවිසුමට අනුව වසර 6ක කාලයක් එම නිතිය ගෙන ඒමට වැඩි බවට විචාරකයන් පවසයි.
මන්ද යත් ඊට පෙර එම නිතිය ගෙනවිත් වසර හයක තුල සිදු වීමට හැකි අනතුරු සහ ජිවිත හානි රැසක් වලක්වාගත හැකි බව ඔවුන්ගේ මතය වි තිබේ.
එමෙන්ම මෝටර් රථ සමාගම් මෙම ගිවිසුමට වසර හයක කාලයක් ඇතුලත් කිරීමට හේතුව ඔවුන්ගේ නිෂ්පාදන කාලසටහන් වෙනස් කිරීමට අකැමති නිසා බවට එම විචාරකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හොද අපේ රටට. (ර)
අනිවාර්යයෙන්ම මේ තත්වය තව කාලයකින් මුළු ලෝකයේම ඇතිකලයුතු වෙනවා. තව ටික කලකින් "රියදුරන් නැති වාහන" ලෝකයේ අස්සක් මුල්ලක් නෑර සැරිසරන විට, ඒවාට හානි සිදුවෙනවානම් වෙන්නේ මිනිසා විසින් පදවන වාහන වලින් පමණකි. ඒ මාර්ග නීති කඩ කිරීම් වැනි " වලක්වා ගත හැකිව තියෙන " මිනිසා අතින් සිදුවෙන දෝෂ නිසයි. රොබෝ කෙනෙක් මෙහෙයවන වාහන අති ශුක්ෂමලෙස පදවන්නේ. මේ ලියන මොහොත වනවිට ගූගල් සමාගමේ එස්.ඩී.සි ( සෙල්ෆ් ඩ්‍රයිවින් කාර් ) රථ 55ක් ඇමෙරිකාවේ වෙනත් වාහන සමග හරි හරියට මහා මග සැරි සරනවා. ලක්ෂ ගණනක් මාර්ග සංඥා ඉතාමත්ම සාර්ථකව පිළිපැද, ඇමෙරිකාවේ , මාර්ග ආරක්ෂාව පිලිබඳ ප්‍රධානම ආයතනයෙන් අවසරය ලබාගෙන තියෙනවා, සාමාන්‍ය වාහනයක් ලෙසම මහමග යන්න. 2020 දී මේ වාහන වෙළඳපොළට ඒ යයි බලාපොරොත්තුවෙනවා. කැමරා, පරිගණක, රේඩාර්, සෝනාර් සහ ලිඩාර් පද්ධතීන් වලින් සමන්විත මේ වහනය්" සුක්කානමක්, අක්සලරේටරයක් ,තිරිංග පද්ධතියක් නොමැත. සම්පුර්ණයෙන්ම පරිගණක මෘදුකාංග වලින් හසුරුවන මෙහි වේගය නම් තවමත් ටිකක් අඩුයි. දැනට වේගය පැයට කිලෝ මීටර් 40කි. ස්වයංක්‍රීය තිරිංග සහිත වාහන සමග මේ " තිරිංග නොමැති " එස් ඩි සි වාහන හැසිරෙන්නේ කොහොමද කියලා අපිට අනාගතයේදී දැකගන්නට ලැබේවි. (ර)
විජිත්, ඔයාගේ .".කැමරා, පරිගණක, රේඩාර්, සෝනාර් සහ ලිඩාර් පද්ධතීන් වලින් සමන්විත මේ වහනය් " කියන කොටසේ. ලිඩාර් කියලා දෙයක් තිබුනා. කරුණාකරලා ඒ ගැන ටිකක් කියලා දෙනවද. අහලා නැති දෙයක් නිසයි අහන්නේ. ස්තුතියි. (ර)
මේ ඔටෝ බ්රේක් වාහන අපේ රටේ ත්‍රිවිල් එක්ක කොහේ හැප්පෙන්නද ,ත්‍රිවිල් බ්රේක් තමයි බ්රේක් කියන්නේ. (ර)
ඔස්කාර් එල් ,මේ ලිඩාර් පද්ධතියෙන් තමයි මේ වාහනය අවට ඇති බාධක පිලිබඳ සවිස්තර ත්‍රිමාන ( ත්‍රී ඩී ) වාර්තාවක් සකසන්නේ. ලිඩාර් ( ලේසර් ඉලුමිනේටින් ඩිටෙක්ෂන් ඇන්ඩ් රෙන්ජින් ) පද්ධතියෙන්. මුලින්ම වාහනයේ ඉදිරිපස ඇති ලේසර් විදිනයකින් නික්මෙන ලේසර් ධාරා, අවට පරිසරයේ වැදී එන පරාවර්තිත ලේසර් කිරණ අල්ලාගැනීමට" සංවේදකයක් " හෙවත් සෙන්සරයක් වාහනයේ මුදුනේ පිහිටා ඇත. ඒ සෙන්සරය වාහනය වටා කරකැවෙමින් ,අල්ලගන්න, පරාවර්තිත ලේසර් කිරණ වාහනයේ ප්‍රධාන පරිගණකයට ලබාදෙයි. එම පරිගණකය මොහොතකට පෙර ආ පරාවර්තිත කිරනයත්, අලුතින්ම පැමිණි පරාවර්තිත කිරනයත් සසදා බලා රථය වටා ඇති උස්බිම් ,පහත් බිම්, වල ගොඩැලි, මාර්ගයේ ඇති බාධක, ඉදිරියෙන් හා පසු පසින් අතිවාහන ..ආදිය පිලිබඳ වාහනය වටා අඩි 600ක පමණ වටා පිටාවක පැහැදිලි ත්‍රිමාන සිතියමක් සාදාගනී. වාහනය නොකඩවාම ඉදිරියට ධාවනය කිරීමට මේ සිතියම උපකාර කරගන්නවා.1960 දශකයේ ලේසර් සොයාගත් වහාම වාගේ මේ ලිඩාර් සංකල්පයත් ඉස්මතුවුනා. නමුත් 1971 දි ඇපොලෝ 15 මගින් චන්ද්‍රයාගේ මතුපිට සිතියම් ගත කිරීමට යොදාගන්නා තාක්කල් මේ ලිඩාර් තාක්ෂනය සාමාන්‍ය ජනතාවට රහසක් ලෙස පැවතියා. (ර)
අනේ මටනම් තේරෙන්නේ නැහැ, මේ වාහන අපේ රටට අපුවහම මොනවා වේවිද කියලා. (ර)
කමනි ද සිල්වා, ලංකාවට ආවහම නම් ඔච්චර හිතන්න දෙයක් නැහැ. “ලක්ෂරි අයිටම්“ එකක් කියලා ඒකටත් කීයක්හරි බදු ගහයි. (නි)
ස්තුතියි විජිත්,(හේ)
නිලූක සදුන් බණ්ඩාරනායක ගේ වාර්තා වට, විජිත් විසින් එක්කරන ලද දැනුම අගේකොට සලකමි. ඒ තුලින් මාද නව තාක්ෂණික ලොවේ අලුත් දෙයක් උගතෙමි ඔබ දෙපොළටම මගේ හදපිරි තුතිය. (ර)
විජිත් ඔය ක්‍රමය ලංකාවට අාවහම බැලුම් පුම්බන්න දෙන එකක් නැහැ නේද? මොකද වාහන හැපෙන්නේ නැතුව ඉබේම නවතින නිසා. (නි)
ස්තුතියි විජිත්, ඔබේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා (නි)
විජිතගේ වටිනා උපදෙස් වලට බොහොම ස්තූතියි! (නි)