සූර්ය පැනලවලින් උපරිම විදුලිබල ශක්තියක් උත්පාදනය කරගැනීම සඳහා දිසාව, පිහිටීම, උෂ්ණත්වය, ආර්ද්‍රතාව, සූර්ය විකිරණ ප්‍රබලතාව සහ ආනතිය හඳුනාගැනීමේ ස්වංක්‍රීය පද්ධතියක් නිපදවීමට මොරටුව විශ්ව විද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු අංශය සමත්වී සිටියි.
සූර්ය පැනල සවි කිරීමේදී වැඩි බලශක්තියක් උත්පාදනය කරගැනීම ඉතා වැදගත් වන අතර වඩා කාර්යක්ෂම ඵලදායී සූර්ය බලශක්ති උත්පාදනයක් සදහා ස්ථාපනය කරන ස්ථානය, සූර්ය පැනලයේ මූලද්‍රව්‍ය, පැනලයේ ආනතිය සහ පැනලයේ උෂ්ණත්වය ඇතුළු විවිධ පාරිසරික සාධකද බලපායි.
යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පශ්චාත් උපාධි අපේක්ෂක ජානක බස්නායක සහ කථිකාචාර්ය දුමිත් ජයතිලක යන නිර්මාණකරුවෝ මෙය නිර්මාණය කළහ. දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් අමරසිංහ, නියෝජ්‍ය උපකුලපති යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්මේන්තුවේ මහාචාර්ය රාහුල අත්තලගේ සහ විදුලි ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බුද්ධික ජයසේකර යන මහත්වරු ඔවුනට මඟ පෙන්වූහ.
‘‘මෙම සූර්ය පැනල පද්ධතිය මගින් පැනලයක් ස්ථාන ගත කිරීමට සුදුසු ආනතිය, දිසාව සහ ස්ථානගත කිරීමට සුදුසු පිහිටීම හඳුනාගැනීමට හැකිවෙනවා. මෙමගින් සූර්ය විකිරණශීලීතාව, වාතයේ ආර්ද්‍රතාව, පරිසර උෂ්ණත්වය, ආලෝක තීව්‍රතාව ඇතුළු පාරිසරික හේතු සියල්ලම සැලකිල්ලට ගෙන දත්ත සියල්ලම පරිගණකයක ස්වයංක්‍රීයව ගබඩා වෙනවා. එම දත්තවල සම්භාවිතාව ලබාගෙන සූර්ය පැනලයක් ස්ථානගත කිරීමට සුදුසු සක්‍යතාව ලබාගන්න පුළුවන්‘‘
‘‘මෙම පද්ධතිය මගින් තත්ත්පරයකට උපරිම වශයෙන් දත්ත 100 ක් පමණ ගබඩා කරගන්න පුළුවන්. අවශ්‍ය නම් අවුරුද්දක, දෙකක වුවත් ස්වයංක්‍රීයව දත්ත ගබඩා කරගැනීමේ හැකියාව තියෙනවා. ඒ අනුව වසරක සූර්ය බලශක්ති උත්පාදනයක් සඳහා උපරිම ඵලදායීතාවක් ලබාගැනීමට දත්තවල සම්භාවිතාව ඉතා වැදගත් වෙනවා. මෙම නව නිර්මාණය සූර්යපැනලවලින් සූර්යබල ශක්තිය ලබාගන්නා සමාගම්වලට කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් ලබාගැනීමට හැකියාව තියෙනවා‘‘
‘දැනට ශ්‍රී ලංකාව තුළ පැනල ස්ථානය කිරීමේදී දත්ත පිළිබඳව ප්‍රමාණාත්මක අවධානයක් යොමුකරන්නේ නෑ. පැනලයට ග්‍රහණය කරගත හැකි විකිරණශීලීතාව පිළිබඳ දත්ත සපයා ගනු ලබන්නේ චන්ද්‍රිකා තාක්ෂණය හරහා ලබාගන්නා දත්ත ගණිතමය ක්‍රමවේදයක් ඔස්සේ අනුමාන කිරීමෙනුයි. එහෙත් ශ්‍රී ලංකාවේ පවතින භූලෝගීය විෂමතා හේතුවෙන් එවන් අනුමාන කිීමවල සාර්ථකත්වය ඉතා අඩු මට්ටමක පවතිනවා. මේවන විට අතේ රැුගෙන යා හැකි කුඩා උපකරණයක් මගින් අදාල ස්ථානයේ පවතින සූර්ය විකිරණශීලීතාව මැනගැනීමද සිදුකෙරනවා. එහෙත් එමගින් වඩා නිවැරැුදි සහ විශ්වාසදායී දත්ත ලබගන්න බැහැ. ඒ වගේම පාරිභෝගිකයාට නිවැරැුදි මඟ පෙන්වීමක් නොමැතිකමින් ඔහු අපහසුතාවට පත්වෙනවා‘
‘සූර්ය පැනල පද්ධතිය හිරු රශ්මියට නිරාවරණය කිරීමෙන් එහි ඇති සංවේදක ඔස්සේ ආනතිවල දත්ත බ්ලූටූත් තාක්ෂණය හරහා ස්වයංක්‍රීයව පරිගණක පද්ධතිය වෙත ලබාදෙනවා. එහි ඇති විශේෂිත පාලන පද්ධතිය මගින් එම දත්ත ගබඩා කරගන්නවා. එම දත්තවල සම්භාවිතාව ගණනය කරන සුදුසු දිසාව සහ ආනතිය තීරණය කර උපරිම ඵලදායී සූර්ය බලශක්තියක් වෙත යොමුවෙන්න හැකියාව ලැබෙනවා‘
‘‘දැනට මොරටුව, වත්තල ඇතුළු ප්‍රදේශ කීපයක අපි නිරීක්ෂණ කටයුතු සිදුකළා. ඉදිරියේදී එවැනි නිරීක්ෂණවලින් ලබාගන්නා දත්ත අනුව සිතියමක් නිර්මාණය කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. මෙම නිර්මාණවලට වෙළෙඳමය වටිනාකමට වඩා ප්‍රවර්ධනය කර ප්‍රචලිත කිරීමට සූර්ය බලශක්ති නිෂ්පාදකයන්, රජය හෝ පෞද්ගලික ආයතන මැදිහත් වන්නේ නම් නුදුරු අනාගතයේදී ඇතිවිය හැකි බලශක්ති අර්බුදයට හොඳ පිළිතුරක් ලාංකිකයන් හැටියට අපට ලබාදෙන්න පුළුවන්.’’ යැයි ජානක බස්නායක පැවැසීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් මහතා ඔබගේ අදහස අගය කරනවා නමුත් යමක අඩුපාඩුවක් අැත්නම් ඒය දැනුවත් කිරිම හොදයි ප්‍රශ්නාර්ථයක් ඉදිරිපත් කරන්නේ නැතිව.... අපිට ඉදිරියට යන්න අවශ්‍ය නම් සියලු දෙනාගෙම දැනුම ඒකතු කර ගත යුතු වෙනවා (බ)
අනුර මහත්තයෝ ඔය ක්‍රමවේදය චීනය, ජපානය වැනි රටවල තියෙන්නේ එයාලගේ භූ පිහිටීමට උචිත ලෙසයි. එහෙත් ලංකාව වැනි විවිධ භූ පිහිටීම් තියෙන රටකට ඒරටවල දත්ත ගැලපෙන්නේ නෑ. එවැනි පද්ධතියක් තුළින් පලදායීතාව හොයා බලා සූර්ය පැනල සවිකරන්න තමයි ඔය ළමයා ඒ පද්ධතිය නිපදවලා තියෙන්නේ. එය කළා කියලා ඒක එයාගේ නිර්මාණයක් ලෙස හුවාදක්වලා නෑ. (අ)
අනුර මහතාණෙනි, මේ ළමයාගේ නිර්මාණය ගැන හොඳට කියවලා බලන්න මොකක්ද කියලා. මේ ළමයාගේ නිර්මාණය සූර්ය කෝෂ බහු සංවේදකයක්. එමඟින් ලංකාවේ සුර්ය දත්ත පිළිබඳව ප්‍රමාණාත්මක තොරතුරු ලබාගෙන තියෙනවා. මෙය ලංකාවට ප්‍රයෝජනවත් ගොඩක් හොඳ නිර්මාණයක්. (නි)
මේ දරුවන්ට සුබ පැතුම්!
ජයන්ත මහත්මයාණනි, කරුණාකර අන්තර්ජාලයේ ‘solar tracking systems‘ බලන්න. එතකොට විස්තර බලාගන්න පුළුවන්.
ඉතා හොඳ දැනුවත් කිරීමේ ප්‍රවෘත්තියක්
මේ ළමයා කියන "‘දැනට ශ්‍රී ලංකාව තුළ පැනල ස්ථාපනය කිරීමේදී දත්ත පිළිබඳව ප්‍රමාණාත්මක අවධානයක් යොමුකරන්නේ නැහැ" සම්පුර්ණ ඇත්ත. මට ප්‍රායෝගිකව අත්දැකිම් තියෙනවා. ලංකාවේ සූර්ය බල සමාගම් බොහොමයකට නිසි ක්‍රමවේදයක් නැහැ. ඔහේ නිකම් පැනලයක් සවිකරලා සල්ලි ටික ගන්නවා පමණි. අනුර මහතා කියන ආකාරයට මෙය දැනට සුලභව තිබෙන දෙයක් නම් අපිටත් විස්තර කියන්නකෝ කොහෙන්ද ලංකාවේ සුර්ය දත්ත පිළිබඳව ප්‍රමාණාත්මක තොරතුරු ගන්න පුළුවන් විදිය. (නි)
මොනවාහරි කරපු එක හොඳයි. නමුත් අපි විශ්ව විද්‍යාලයකින් බලාපොරොත්තුවන්නේ දැනට සුලභව තිබෙන දෙයක් පොත්ත වෙනස් කර තමන්ගේ දෙයක් ලෙස එළි දැක්වීම නොවෙයි. (නි)
නිමල් මහතාගේ විවේචනය අගය කරනවා. විවේචනයක් නැතිනම් නිර්මාණකරුවකු හෝ කිසියම් පුද්ගලයකුට ඉහළට යන්න බැහැ. ඇලෙක්සැන්ඩ්රර් ග්රැහැම්බෙල්ටත් මෙවැනි දේවල් එදා එන්න ඇති. එහෙත් ඔහුගේ නිර්මාණය අද වන විට සංවර්ධනය වෙලා ලෝකෙම එකම තැනකට ගේන්න පුළුවන් තත්ත්වයකට පත්වෙලා තියෙනවා. අපේ ලංකාවේ දෙයක් කවදද ලාංකිකයෙක් අගය කළේ. හැමදාම සුද්ද හදලා දුන්න දේවල් අගයපු සුදු කපුටෝ තවමත් අප අතර ඉන්නවා. කපන්න කපන්න මුවහත් වෙනවා කියලා කතාවක් තියෙනවානේ....එහෙත් ලංකාව වැනි කුඩා රටක, අවම තාක්ෂණයක් ඇති රටක සිංහල දරුවකු කරපු දෙයක් අගයන්න අපේ උන්ගේ කට ඇරෙන්නේ නෑ...ඒකට තව නමකුත් කියනවා.‘කුහකකම කියලා’ මහත්තයෝ ඔයත් දන්න දෙයක් තියෙනවා නම් ඒ දරුවට කියලා දෙන්න ඒක නේද හොඳ... පුළුවන් නම් ඔයාගේ විශ්ව විද්‍යාලයට එයාව ගන්න. එතකොට එයාටත් අනාගතයක් තියේවි. (බ)
ලංකාවට ඉතාමත් අත්‍යවශ්‍ය දෙයක්. ඉතාමත් හොඳ වැඩක්. සියලුම දෙනාට සුබපැතුම්! (අ)
දැන් කීයක් ඒවා කෙරුවද?
ඔබ සියලු දෙනාට සුබ පැතුම්! (බ)
ගොඩක් හොඳ වැඩක්. සුබපතනවා තවත් දියුණුකරන්න කියලා. (නි)
නිමල් මහතාගේ අදහසට මම එකඟ වෙනවා.
"පශ්චාත් උපාධි අපේක්ෂක" අනේ මන්ද. අපි මේවට දැනමුතු කම් කිව්වොත් අපියි නරක මිනිස්සු වෙන්නේ. මොකද එහෙම තාක්ෂණය පිළිබද සුළුවෙන් හෝ පිරුපුන් සමාජයක් අප හට නැති වීමයි. මොකක්හරි කිව්වොත් අපි ඊර්ෂයාකාරයන්, වගේ හංවඩු ගහනවා. කෙටියෙන් කියනවා නම් මේ සිසුව මා වැඩකරන විශ්වවිද්‍යාලෙ මේ නිර්මාණය ඉදිරිපත් කළොත් ඔහු එයින් අසමත් වෙන්න 'සම්භාවිතාව' වැඩියි. මේකේ වරද මට තේරෙන විදියට ආචාර්ය වරුන්ගේ. තේරෙන දෙතුන් දෙනකුට මම කිව්වා දේ තෙරෙයි. ඒ ඇති. (අ)
සුර්ය බලය ප්රයෝජනයත ගන්න රජයේ ප්‍රධාන අවධානය යොමු කළ යුතු කාලයක පාලකයන් කරන්නේ ඩීසල් වලින් උපදවන බලශක්තියට ආවැඩීම නේ. පුලුවන්නම් ඉතාම අඩු මුදලක සවි කළහැකි සුර්ය කෝෂ නිපදවල ජනතාවට ලබා දීමේ ක්‍රමයක් ආරම්බ කරන්න. මේ වැඩේට මැති ඇමැතින් ගාව ගත්තොත් නම් හබක් තමයි.(හේ)
මම හැමදාම කියන්නේ කුෂිකර්ම ,ඉංජිනේරු හා වෛද්‍ය වැඩ සටහන් දවසකට විනාඩි 30 ක් ඔය බහුබූත නැතිව පෙන්වනවානම් රට දියුණු වේවි ළමයි ඉගෙන ගනීවි (අ)
නන්ද කියන දේට මමත් එකඟයි.
නළු නිලියන් සමග කරන විකාර වැඩසටහන් වෙනුවට මෙම දක්ෂයන් රටට පෙන්වීම ඔවුන්ගේ නිර්මාණ අගය කිරීම, ඔවුන්ගේ ආකල්ප රටේ ජනතාව සමග හුවමාරු කරගැනීම රටේ මාධ්‍ය පැවරෙන විශාල වගකීමක්. ලංකාදීපයට ස්තුතිය..(බ)
මේක නම් හොඳ වැඩක්. මොකද මෙහෙ තියන මේ වගේ සූර්ය බලසමාගම් බොහොමයකට නිසි ක්‍රමවේදයක් නැහැ. ඔහේ නිකම් පැනලයක් සවිකරලා සල්ලි ටික ගන්නවා. හුඟක් අයගේ අළෙවියෙන් පසු සේවයත් හොඳ මදි (නි)
උණුසුම් සුබ පැතුම්! ජයවේවා! (නි)
සුබ පැතුම් දුමිත් අය්යේ (බ)