නූතන ලෝකයට සයිබර් ගස් වැල් සූදානම් බව ස්වීඩනයේ පර්යේෂකයෝ පිරිසක් කියති. කුඩා බොත්තමක් තද කිරිමෙන් ගෙවත්තේ ඇති රෝස මලක පැහැය තමන්ට අවශ්‍ය පරිදි වෙනස් කැර ගැනීමේ යුගය දැන් උදාවී ඇත. මේ විශ්වකර්ම ක්‍රියාව සිදුකළ පර්යේෂකයන් පවසන්නේ රෝස ගසේ පත්‍රයේ යාන්ත්‍රණය වෙනස් කිරීමෙන් හෝ උත්තේජනය කිරීමෙන් මේ පුදුම සහගත ක්‍රියාව සිදුකළ හැකි බවයි.
ශාක පත්‍රයේ ඇති ජලය හා ආහාර ගෙන යන නාල පද්ධතිය හෙවත් සනාල කලපයේ වර්ධක හෝමෝන හා අයන උත්තේජනය වීමට සැලැස්වීම මෙහිදී සිදුකරයි. එමගින් වර්ණය වෙනස් කරීමට හැකි බවත් එය දැන් සාර්ථකව අත්හදා ඇති බවත් පර්යේෂකයෝ කියති.
පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානි මහාචාර්ය මැග්නස් බර්ග්රන් මහතා පවසන්නේ මෙය කාබනික ඉලෙක්ට්‍රොනික උපකරණයක් යොදාගෙන සිදුකරන බවයි. ඔහු වැඩිදුරටත් මෙසේ ද පවසයි.
‘‘මෙය පුදුම සහගත දෙයක් ලෙස ලෝකයා දකීවි. විශ්ව රසායනයේ වෙනසක් ලෙස පෙනුනත් එය සිදුකළ හැකි දෙයක්. කෙසේ වෙතත් මේ සොයා ගැනීම හේතුවෙන් උද්‍යාන විද්‍යාව නියාමනය කරන්න පුළුවන් යුගයක් ඉදිරියේ දී බිහිවේවි. ඒ වගේම මේ ක්‍රමය අස්වැන්න වැඩි කිරීමටත්, අනාගතයේ ඒවායේ ගුණාත්මක බව වැඩිකිරීමටත් යොදා ගත හැකි වේයැයි සිතනවා.“
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අනුමත කරන්න බැහැ. මේ දේවල් නිසා අනාගත ලෝකය විශාල අර්බුද වලට මුහුණදේවි (නි)
මීට පස්සේ දේශපාලකයින්ට මල් මාලා පැලද වීම,මල් කළඹ පිලිගැන්ව්විම තහනම් කරනවා...ඇයි දේශපාලන හතුරෙක් ඉදලා බොත්තමක් ඔබලා පාට මාරු කලොත් ඔක්කොම හබක්.....(ම)
බුදුන්ගේ කාලයේත් තාක්ෂණය තිබුනා. කෘෂිකාර්මික මෙවලම් යුද උපකරණ ආදිය දියුණුවෙලා තමයි මේ යුගයට ඇවිල්ලා තියෙන්නේ. තාක්ෂණයේ නිමාවක් නැහැ. අසීමිත ආශාව. (නි)
මේ විකාර වැඩවලට නාස්තිකරන සල්ලි වලින් අපේ වගේ දුප්පත් රටක බඩු මිල අඩුකරන්න ආධාරයක් කළා නම් කොච්චර වටිනවද? (නි)
මිනිස්සුත් පාට වෙනස් කර ගනී.(හේ)
ඔය දැනුම හොඳ දෙයකට යෙදුවා නම්...... (නි)
තාක්ෂණයේ දියුණුව යනු මිනිසාගේ පිරිහීමේ ඇරඹුම බව බුදුන් වහන්සේ දේශනා කර තිබේ. තාක්ෂණය අපේ කටයුතු සදහා සුබවාදීව යොදා ගත්තාට කමක් නැහැ. (නි)
විද්‍යාවෙන් කරන්නේ මේ මිහිපිට තියෙන සියලු සම්පත් මිනිසා ගේ සුඛ විහරණය සඳහා විනාශ කිරීමයි .. වෙනත් කිසිම සතෙක් නොකරන මේ විනාශය නිසා පෘථිවිය වැඩි කල් නොගොස් විනාශ වෙනවා .බෙහෙත් වලින් කරන්නේ පරිසරයට ඔරොත්තු නොදෙන පරම්පරාවන් ඉදිරියට ගෙන යාම .. ඒක නිසා ජනගහනය ස්වාභාවිකව පාලනය නොවෙනවා පරිසරයට ඔරොත්තු නොදෙන ලෙස ජනගහනය වැඩි වෙනවා (ම)
ස්වභාවික ක්‍රියාවලියම යොදාගෙන මලක පැහැය වෙනස් කිරීමේදී ස්වභාව ධර්මය විනාශකිරීමක් නම් පෙනෙන්නෙ නැහැ. කොහොම නමුත්, ඔවැනි පර්යේෂණ නොමැති නම් මේ බොහෝ දෙනෙක් මෙතන අදහස් දක්වන්න ජීවත්වෙන එකක් නැහැ. (නි)
දුකත් හිතෙනවා සමහරුන්ගේ අදහස් දැක්කහම. මේකේ විද්‍යාත්මක වටිනාකම බලන්නේ නැතුව ඔහේ කියවනවා. ඕක නිසා තමයි අපේ රටට වඩා බටහිර රටවල තාක්ෂණය ගොඩක් ඉදිරියෙන් තියෙන්නේ. සොබාදහම විනාශ කිරීම එක දෙයක්. ඒක මිනිසාට අවශ්‍ය පරිදි හසුරවා ගැනීම තව දෙයක්. එහෙම නොකළා නම් මිනිසා තාමත් ගල් යුගයේ. මම සුභ පතනවා. පරීක්ෂණය සාර්ථක වෙන්න ඕනෑ. (නි)
සොබාදහම වෙනස් කරපු කිසිම තැනක ලෝකය දිනලා නෑ ඒ නිසා සොබාදහම මව ලබාදුන්නු ඒවා ඒ විදිහට තියෙන්ඩ දෙන්ඩ (බ)
වෙනස යහපත් වෙනසක් වෙයිද.? (ර)
ගසට අලුතින් මලක් පළඳවන්නට බැරිය ගසම හිතෙන දිනක ගසම මලක් පුබුදුව ගත්තාවේ - .(රේ)
මේ නවීන විද්‍යාවේ දියුණුව කියන්නෙ ලෝකයේ විනාශය අතළඟම බව නේද? රසකාරක,වර්ණකාරක, ජාන තාක්ෂණයෙන් නිපදවූ ආහාර ආදී මෙකී නොකී සියල්ල අවසානයේදී පිළිකාකාරක. බටහිර වෛද්‍ය විද්‍යාවෙන් සුවකළ එක ලෙඩක්වත් තියෙනවද? (නි)
සොබා දහම නමැති ධර්මතාවය වෙනස් කිරීමට කිසිම ජගතෙකුට නොහැක. මිනිසා කරන්නේ සොබා දහම උපයෝගී කරගෙන යම් යම් නිර්මාණ කිරීමයි. එය හරි හැටි තේරුම් ගන්න.අපි අද ලෝකයේ ජීවත් වනුයේ සොබා දහම උපයෝගී කරගෙන මිනිසා විසින් කරන ලද නිර්මාණ භුක්ති විඳිමින්ය .(ම)
සොබාදහම වෙනස් කරන එක එච්චර ගුණ නැහැ (නි)
ඉදිරියට මේ ලෝකේ මොන දේ කරයිද කියලා දෙයියෝ තමයි දන්නේ.... (නි)
මේ අය නුදුරු අනාගතයේදීම ගැහැණු -පිරිමි බවත් වෙනස් කරයි. මේ සියල්ල ලෝකයේ පරිහානියටයි වෙන්නේ (නි)
අනේ මන්ද මලකටවත් නිකන් ඉන්නේ දෙන්නේනැති හැටි රතු මලක් කඩෙන් අරන් ගෙදර ගෙනැල්ලා බලනකොට කහ වෙලා තිබුනොත් නෝනාගෙන් බැනුම් අහන්න තමා වෙන්නේ, අපොයි දෙයියනේ . (අ)
මොනතරම් ලස්සන ලෝකයක්ද මේ එක එක අනවශ්‍ය පරීක්ෂණ වලින් විනාශ කරලා දමන්න හදන්නේ ..මොකද මේ වගේ ලෝකයක් වෙන කොහෙවත් තියෙනවද මේක විනාශ කලාම ගිහින් පදිංචි වෙන්න . (අ)
ලක්සිරි, කහපාට දෙන්න ඕන එකට සොබාදහම කහපාට දීලා තියෙන්නේ ඒක රතු පාට කරන්න නෙමෙයි. (ර)
එහෙම කලාම පිළිකා රෝගීන් එහෙමත් තව වැඩි වෙයි. (ර)
අපි ගන්න ඉන්ජෙක්ෂන්, බෙහෙත් වලිනුත් කරන්නේ සොබාදහමට විරුද්ධ දෙයක් නේද? සොබාදහම රැකීම, විනාශ කිරීම, අවශ්‍ය විදියට වෙනස් කර ගැනීම, මේ හැම දෙයක්ම මිනිසා සතු දෙයකි. (බ)
රතු ඉන්දියානු නායකයා සියැටල් කියපු කතා හැබෑ වෙනවා නේද ?(ම)
මෙය සොබාදහම වෙනස් කිරිමක් හැටියටම මන් දකින් නැහැ. මෙහිදී උපයෝගී කරගැනෙන්නේ ස්වාභාවිකම ක්‍රියාවලිය මාරු කිරිමක් පමණි. එනම් කහ පැහැය රතු පාටට හැරවීම ස්වභාවික ක්‍රියාවලියම උපයෝගී කරගැනීමෙන් පාට වෙනස් කිරීම පමණි. (ම)
සොබාදහමෙන් අපට ලැබුණ චමත්කාරය කෘත්‍රිමව වෙනස් කරන්නට යන්නේ ඇයි....?වටිනාකම තිබෙන්නේ සොබාදහමෙයි.. (ම)
සොබා දහම වෙනස් කිරීමෙන් මෙතෙක් ලබාගත් අනිටු ප්‍රතිපල මදිවට තවත් ගොන්කම්. (ම)
මේ වගේ දේවලින් පෙනී යන්නේ දැන හෝ නොදැන නවීන තාක්ෂණය විශ්වයට නිකුත් කරන තරංග ජිවින්ට මොන තරම් හානිකර වෙනවා ඇතිද ? (ම)
හරිහැටි නොදැන වෙනස් කරන එකෙයි ප්රශ්නය තියෙන්නේ. එක නිසයි ලෝකයේ මෙතක් විනාශකාරී තත්ත්ව ඇති වුණේ. හරියටම සත්‍ය දැනගෙන කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.(ම)
සොබාදහම වෙනස් කරන්න පෙර දෙවරක් හිතන්න (නි)
මම නම් මේ දේවල් වලට කැමති නැහැ (නි)