ක්ෂය රෝගකාරක බැක්ටීරියාවල නියැඳි පරීක්ෂා කළ හැකි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අන්වීක්ෂයක් නිපදවීමට මොරටු විශ්ව විද්‍යාලයයේ සිසුහු තිදෙනෙක් සමත්වී සිටිති.
මොරටුව විශ්ව විද්‍යාලයීය යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තු අවසන් වසර සිසුන්ගේ සැලසුම් නිර්මාණ හා පර්යේෂණ ව්‍යාපෘති ප්‍රදර්ශනයට එම දෙපාර්තමේන්තුවේ අවසන් වසරේ රුවන් සම්පත් , මිහිර තිලකරත්න සහ තමාෂා සමරසිංහ යන සිසුන් තිදෙනා විසින් මෙම ස්වයංක්‍රීය අන්වීක්ෂය නිපැදවුහ.
මෙම අන්වීක්ෂය විදුලිබලය උපයෝගී කර ගෙන ක්‍රියාත්මක වන අතර විදුලි බලයෙන් ඕනෑම කාලයක් මෙය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත.
ක්ෂය රෝග මර්දන ජාතික ව්‍යාපාරයට අනුබද්ධිත මධ්‍යම ළය චිකිත්සාගාරයේ විශේෂඥ වෛද්‍ය අමිත ප්‍රනාන්දු සහ වෛද්‍ය දුලාංග රත්නායක යන මහත්වරුන් මෙම ස්වයංක්‍රීය අන්වීක්ෂය නිපදවීම සඳහා ඔවුන්ට වෛද්‍යමය උපදෙස් සහ නියැඳි ලබාදී තිබේ.
යාන්ත්‍රික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රුවන් ගෝපුර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය තිළිණ ලලිතරත්න සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රංජිත් අමරසිංහ යන මහත්වරු උපදෙස් දී මඟ පෙන්වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දගේ දේවල් පරිහණය කර කර සුද්දටම ආවඩන ගෝත්‍රික පිරිසක් ඉන්න රටක මේ සම්පත්වල (දරුවන්ගේ) වටිනාකම තේරුම් ගන්න තව බොහෝ කල් යාවි.(හේ)
දක්ෂ දරුවෝ තුන් දෙනෙක්. ඔබ තුන්දෙනා ගැන සැබවින්ම ආඩම්බරයි. විශේෂයෙන් දියණිය ගැන ආඩම්බරයි. දියණියක් ලෙස ඔබේ හැකියාව අගය කළයුතුයි (නි)
ඉතා හොඳ නිර්මාණයක්. මෙවැනි දක්ෂයින් අපි අගය කළයුතුයි. අනාගතයේදී තවත් වටිනා නිර්මාණ කරන්න ඔබ තුන්දෙනාට වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. කවදාහරි ලක්මවට ආඩම්බර වෙන්න පුළුවන් දක්ෂයින් තුන් දෙනෙක්. (නි)
හොද නිර්මාණයක්. ඒත් ඒ නිර්මාණයට වටිනා කමක් මේ රටේ අය එකතු කරන්නේ නෑ.(හේ)
මේ ළමයින්ගේ නිර්මාණයට හොදම තැන ස්විස්ස්-ජර්මන් .යන්න ගිහින් කතාකරන්න තානාපති සමග .(හේ)
හොඳ නිර්මාණයක්.(හේ)
සුජිත් මහත්තයෝ මේක ලංකාව. මේ භාණ්ඩ විදේශ වලින් ගන්නකොට විශාල කොමිස් මුදලක් ඒ ආයතනවලින් අදාල රජයේ බලධාරීන්ට ගෙවනවා. එ්ක නැතිවෙනවාට ඒ අය ඇතිවෙන්නේ නැහැ. ඒ තුල මේවා හීන. (හේ)
මෙම අන්වීක්ෂය විදුලිබලය උපයෝගී කර ගෙන ක්‍රියාත්මක වන අතර විදුලි බලයෙන් ඕනෑම කාලයක් මෙය ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. (බ)
මම පුද්ගලිකව තමෂා දුව හඳුනමි. කුඩා කල සිටම ඉතා දක්ෂ සිසුවියකි. අවංක සිතින් ආශිර්වාද කරමි. (නි)
ජයවේවා දරුවනි! නමුත් ඔබවන් අයට මේ රටේ තැනක් මේ ක්‍රමය තුළ නොමැතිවීම ගැන නම් තියෙන්නේ දුකක් සහ තරහක් (නි)
නියම වැඩක්! (නි)
අපේ ළමයි හරිම දක්ෂයි කියලා මේ ක්‍රියාවෙන් පැහැදිලිවම ඔප්පු වෙනවා. මේ මඟින් විශ්ව විද්‍යාල වලට අවශ්‍ය අධිතාක්ෂණික උපකරණ මිලදී ගැනීම සඳහා වාර්ෂිකව විදේශ වලට ඇදීයන අතිමහත් මහජන බදු මුදල් වන ධනස්කන්ධය අවම කරගැනීමට හැකියාව ලැබෙනු ඇත. නමුත් මෙවැනි නිපැයුම් වලට අවශ්‍ය අවධානය හා පිළිගැනීම ලබාදීමට තවමත් අපේ රටේ බලධාරීන් අදිමදි කරති. එයට හේතුවක් ඇත. එනම් අවශ්‍ය නවීන උපකරණ අපේ රටේ නිපදවනු ලැබුවහොත් එය විදේශ රටවලින් මිලදී ගැනීමේදී ලක්ෂ කෝටි ගණන් කොමිස් මුදල් අතරමැදියන්ගේ බැංකු ගිණුම්වලට බැරවීම මේ හරහා නතරවීම වෙන්න පුලුවන් නිසාය (නි)
ඕකට “නියුරල් නෙට්වර්ක්“ එකක් යොදාගත්තා නම් සාර්ථකයි නේද? (නි)
රටට ප්‍රතිපල දායක උනොත් තමයි වටින්නේ..(හේ)
නියමයි, සුපිරි වැඩක්. (හේ)
සොයාගැනීම විශිෂ්ට වුනත්, වැරදි රටක ජිවත් වෙන්න ලැබීම ගැන දුක් වෙන්න. අපේ රටේ කවමදාවත් මේ වගේ අපේම ඔලු වලින් හදන දේකට ඉඩක් නෑ, කොහේ හරි රටකින් විසික්කරන කුණු තම වටින්නේ.(හේ)
හොද වැඩක්.(හේ)