පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව තෙවන වරට සංවිධානය කළ ‘විදුලි හා විද්‍යුත් ඉංජිනේරු පර්යේෂණ හා ව්‍යාපෘති සම්මේලනය 2016’ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී පැවැත්වුණි.
40 කට අධික උපාධි හා පශ්චාත් උපාධි අපේක්ෂක සිසුන්ගේ විදුලි හා විද්‍යුත් ව්‍යාපෘති නිර්මාණ ‘පර්යේෂණාත්මක ව්‍යාපාති තුළින් ජාතිය සංවර්ධනය කිරීමේ ම`ග’ තේමාව යටතේ ඉංජිනේරු ක්ෂේත්රයේ කර්මාන්තකරුවන්ට සහ පාසල් දරුවන් වෙනුවන් ඉදිරිපත් කෙරිණි.
සන්නිවේදන පද්ධති සහ තොරතුරු තාක්ෂණ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති, රොබෝ තාක්ෂණ හා පද්ධති පාලනය, විද්‍යුත් තාක්ෂණ සහ මෙවලම්කරණය, අධි වෝල්ටීයතා ඉංජිනේරු විද්‍යාව, විදුලි යන්ත්‍ර සහ ජෛව වෛද්‍ය ඉංජිනේරු විද්‍යාව හා නිනිති තාක්ෂණය යන ක්ෂේත්‍ර ව්‍යාපෘති නිර්මාණ ප්‍රධාන වශයෙන් ඉදිරිපත් කෙරිණි.
සම්මේලනයේ ආරම්භක සැසියේදී ප්‍රධාන දේශනය ‘නිනිති ඉලෙක්ට‍්‍රා්නික විද්‍යාව හා සන්නිවේදනයේ නවමු ප්‍රගමන පිළිබ`දව එක්සත් රාජධානියේ සරේ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවි සිල්වා මහතා විසින් පවැත්වූ අතර ඉංජිනේරු පීඨයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධානී මහාචාර්ය ජනක ඒකනායක මහතා විසින් ‘ස්මාර්ට් ග්රිඞ්’ තාක්ෂණය බලගැන්වීම පිළිබ`දව දේශන පැවැත්විණි. එහිදී අමාත්‍ය කබීර් හෂීම් මහතා පර්යේෂණ ක්ෂේත්රයේ ජාතික සංවර්ධනය පිළිබඳව අදහස් දැක්වූ අතර පේරාදෙණිය විශ්ව විද්‍යාලය පර්යේෂණ ක්ෂේත්රය නැංවීමට සඳහා සිදුකර ඇති කාර්යභාරය පිළිබඳව ඇගයීමටද ලක් කළේය.
මෙම අවස්ථාවට සහභාගිවූවන්ට ඉංජිනේරු තාක්ෂණය පිළිබඳව නව මානයක් ඔස්සේ ඉංජිනේරු ගැටලූවලට දේශීය වශයෙන් දියුණු කළ විසඳුම් අධ්‍යයනය කිරීමට අවස්ථාව උදාවිය. උපාධි අපේක්ෂයන්ට, පාසල් දරුවන්ට, කර්මාන්තකරුන්ට ඔවුන්ගේ අවශ්‍යතා සහ ගමන් මඟ පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට මෙය මහඟු අවස්ථාවක් විය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල්.බී. දිසානායක, ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න හෙට්ටිආරච්චි, පේරාදෙණිය ඉංජිනේරු පීඨාධිපති මහාචාර්ය ලීලානන්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු සම්භාවනීය අමුත්තන් රැුසක් මීට සහභාගිවූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"පේරාදෙණියේ කම්මලේ කොල්ලෝ‘ නරකමත් නැහැ. (බ)
ඇති විශිෂ්ට ජයග්‍රහණයක්, ඇප කැපවූ සියලු දෙනාට සුබපැතුම් (ම)
පරීක්ෂන වලින් ප්‍රයෝජන අරගෙන ජාතික ආර්ථිකය ගොඩනගන්න ආණ්ඩුවට සැලැස්මක් නැති එකයි කනගාටුවට කාරණේ.(හේ)
අපුරුයි වැඩේ නම්. සුබ පතනවා. (නි)
කෝ දැන් අර මොරටුවෙ අය හදලා රටට විකුණනවා කී කේලමා යානය? (නි)