තරුණ දූ දරුවන් ඇඟ වෙහෙසෙන ක්‍රියාකාරකම්වල නොයෙදී දවසේ වැඩි වේලාවක් පරිගණක තිරය හා රූපවාහිනිය ඉදිරියේ වාඩිවී සිටීමෙන් අස්ථි දුර්වලවීමේ අවදානමක් ඇතැයි නෝර්වේ හි සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී ඇත.
ළමා කාලය හා තරුණ වයස එනම් වයස අවුරුදු 13ත් 19ත් අතර කාලය අස්ථි වැඩීමේ හා නිසිපරිදි පිහිටීමේ වැදගත්ම කාලය බවත් මෙම තත්ත්වය මත පසුකාලීනව ඔස්ටියෝපොරෝසිස් රෝගී තත්ත්වය ඇතිවීමේ අවදානම මතුවන බවත් එමගින් සොයාගෙන ඇත.
වැඩි වේලාවක් පරිගණක තිරය දෙස බලා සිටීම හා පිරිමි දරුවන්ගේ අස්ථිවල ඝනකම අඩුවීම අතර සම්බන්ධතාවයක් පවතින බවට උතුරු නෝර්වේහි වෛද්‍ය විශ්ව විද්‍යාලයේ කායික රෝග විශේෂඥවරියකවන ඈන් වින්තර් පවසයි.
වයස අවුරුදු 15 සිට 19 දක්වා පිරිමි ළමයින් 316 ක් හා ගැහැණු ළමයින් 372ක් පැය 2ත් 4ත් අතර කාලයක් හෝ පැය 6ට වැඩි කාලයක් පරිගණක තිරය හෝ රූපවාහිනී තිරය ඉදිරිපිට ගත කරන බවත් සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විද්‍යුත් සෞඛ්‍ය වසංගතයක් (නි)
අනාගතයේදී ආහාර හිඟයක් ඇතිවීමටත් මේ දෙකම බලපායි. එදාට තමයි මතක්වෙන්නේ කෘෂිකර්මයේ අගය ගැන. (නි)
මේ කතා අද ඇත්ත වී ඇත. චීනයේ ගොඩක් ළමයි දැන් ලෙඩ වෙන්න හේතුව කුඩා කාලේ සිට පරිගණය ලඟට වී සිටීම ක්‍රීඩාවෙන් ඈත්වෙලා දවස පුරාම කොම්පුටෙර් ගේම්ස් වලට ඇබ්බැහි වී අලස ජීවන ජීවන රටාවකට හුරු වී සිටීම.(නදී)
පරිගණකයෙන් කරන වැඩ පරිගණකයෙන්ම කරන්න ඕන මේකට හොඳම විසදුම තමා අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම.(ම)
තාක්ෂණික යුගයේ මේවාටත් මුහුණ දෙන්න ඕන නේ. ඒවටත් පිළියම් මේ තුළම තියනවා නේ...(බ)
තාක්ෂණය දියුණු වෙන්න වෙන්න ඕවා ඔහොම තමයි (නි)