ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමස්ත ලංකා පාසල් මට්ටමින් මෙහෙයවූ ඉනෝවා මයින්ඩ්-2016 නව නිපැයුම් තරගාවලියෙන් ජය ලැබූ කැලණිය ගුරුකුල විද්‍යාලයීය සිසුහු දෙදෙනෙක් දකුණු කොරියාවේ නව නිපැයුම් තරගාවලියකට සුදුසුකම් ලැබූහ.
පිට්ටු සාදන විද්‍යුත් උපකරණයක් නිපදවූ 9 වැනි ශ්‍රේණියේ ජී. ගමිත චමෝද් සහ ස්වයංක්‍රීයව ඉඳිආප්ප නිපදවනයක් නිර්මාණය කළ 10 වැනි ශ්‍රේණියේ ඒ. නිපුන අවිශ්ක ද සොයියා යන සිසුන් දෙදෙනා මෙම ජයග්‍රහණය ලැබීය.
ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වෙන දකුණු කොරියා නව නිපැයුම් තරගාවලිය සඳහා සමස්ත ලංකා පාසල් සිසුන් 4 දෙනෙක් තෝරාගෙන තිබෙන අතර දෙදෙනෙක්ම ගුරුකුල විද්‍යාලයීය සිසුන්වීම විශේෂත්වයකි. මෙම තරගාවලිය දකුණු කොරියාවේ වාබැක් ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් සෙන්ටර් හීදී අගෝස්තු 8 වැනි දා සිට 10 දක්වා පැවැත්වීමට නියමිතය.
විදුහල්පති අනිල් ගීතලාල් අබේගුණවර්ධන මහතාගේ උපදෙස් මත සිසුන් දෙදෙනා මෙම තරගාවලියට සහභාගිවීමට නියමිත අතර ආගමික වතාවත්වල නිරතව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයද ලබාගත්හ.
පිට්ටු සාදන විද්‍යුත් උපකරණය නිපදවූ ගමිත චමෝද -
මම මේ නිර්මාණය කරන්න පෙළැඹුණේ මගේ මල්ලි කෙනෙක් කම්පනය වෙන කුරුමිණියෙක් හදා දෙන්න කියා කළ ඉල්ලීම නිසයි. පස්සේ මම හිතුවා විදුලියෙන් ක්‍රියාකරන පිට්ටු හදන යන්ත්‍රයක් නිපදවන්න. ඒ සඳහා මගේ පියාගෙන් මට ලොකු සහායක් ලැබුණා. මම හීනෙකින්වත් හිතුවෙන් නෑ මට මේ නිර්මාණය ජාත්‍යන්තර මට්ටමට ගෙන යන්න පුළුවන් වෙයි කියලා. මේ උපකරණයට විදුලිය සැපයීමේදී පවර් පැක් එකකින් විදුලිය අඩුකර ලබාදිය යුතුයි. පිට්ටු ඕනෑ තරමක් මෙමගින් නිපදවාගන්න පුළුවන්. ආහාර නිෂ්පාදන ව්‍යාපාරවලට මෙය හොඳ නිර්මාණයක් වේ යැයි මා සිතනවා.
ස්වයංක්‍රීය ඉඳිආප්ප නිපදවනයක් නිර්මාණය කළ නිපුන් අවිශ්ක -
බොහෝ වේලාවට අපේ අම්මා ගෙදරදී ඉඳිආප්ප හදනවා. ඉතිං මගේ හිතට ආවා ලේසියෙන්ම ඉඳිආප්ප හදා ගන පුළුවන් විඳිහේ උපකරණයක් නිපදවන්න. මගේ තාත්තා ඉලෙක්ට්‍රෝනික ක්ෂේත්රයේ රැකියාවක් කරන්නේ. ඔහුගේ උපදෙස් හා මඟ පෙන්වීම මත මේ ස්වයංක්‍රීය ඉඳිආප්ප නිපදවනය මා නිර්මාණය කළා. එක වතාවකදී ඉඳි ආප්ප 6 ක් ස්වයංක්‍රීයව නිපදවන්න මෙමගින් පුළුවන්. අපට අවශ්‍ය පරිදි ඉදිආප්ප තට්ටු තබා ඕනෑ තරම් ඉදිආප්ප හදාගන්න මෙම යන්ත්‍රයෙන් හැකිවෙනවා. මෙය විදුලියෙන් ක්‍රියාකරන අතර ට්රාස්ෆෝමරයක් මගින් විද්‍යුතය අවම කර උපකරණය වෙත ලබාදෙනවා. ඇත්තටම මෙම ජයග්‍රහණයේ සතුට කියා නිමකරන්න බැහැ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දක්ෂ දරුවන්ට ඉදිරියට යන්න අවශ්‍ය පහසුකම් ලබා දිය යුතුයි, පුතාල දෙන්නට ජයෙන් ජය!!! (බ)
සුබ පැතුම් එබට ඉහළට යන්න (ම)
ගුරුකුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් විදියට මේ මල්ලිලා දෙන්නා ගැන හා පාසල ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. ලංකාවේ ආර්ථිකය දියුණු වෙන්නනම් අනිවාර්යයෙන්ම තාක්ෂණ හා නව නිර්මාණ රට තුළ බිහිවිය යුතුමයි. මේ උත්සහය එයට හොද රුකුලක් වේවි. සුබ පැතුම්!(ම)
පුලස්ති, ඔබ මෙන්ම ධර්මාලෝකයෙන් සිප් සතර නිම කල මාද ඊට එක්වෙමි. ඔයාලට සුබ පැතුම්.(ම)
බොහොම සන්තෝෂයි. ඔයාලට සුබ පැතුම්. (නි)
සුබ පැතුම් ඔබට ගුරුකුල පුතුනි (ම)
ගුරුකුල සහ ධර්මාලෝක යනු විදුලකර මාතාවගේ දරුවන් දෙදෙනෙකි.එහෙඉන් ගුරුකුලයෙන් ලෝකය ජයගන්න මේ දිරිය පුතුන්ට ධර්මලෝකයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේත් වත්මන් සිසු සහෝදර සහෝදරියන්ගේත් ආදී ශිෂ්‍ය සංගමයේත් උණුසුම් සුබපතුම් එක්කරමි. ලොව ජයගන්නට තව තවත් ශක්තිය දැනුම ලැබේවා (බ)
ජයම පතමි ඔබ දෙපළටත් මගෙ පාසලටත්! (නි)
ගුරුකුල මාතාවගේ ශක්තිය ධෛර්ය බලයෙන් ඔයලා දෙන්නට තව තවත් මේ වගේ දේවල් කරන හැකි වේවා... ඔයාලට බුදුසරනයි මල්ලියෝ. (ර)
බොහොම සන්තෝසයි මල්ලි . ඔයාලට සුබ පැතුම්..(බ)
ශ්‍රී ලාංකීය දිරිය දුපුතුන්ට අපි ආදරෙයි ,ඔබව අපට අභිමානයක් , ලාංකීය දු දරුවන්ගේ මනස දුෂ්‍ය නොකර ධර්මයේ අග්‍ර කොටස උදුරා ඒ ඔස්සේ මෙහෙයවුවොත් ලෝකයට වැඩදායි තමාට ඵලදායි විශිෂ්ට නිර්මාණ බිහිකරනවා ..(රේ)
ගුරුකුල පුතුනි ඔබ පාසලටත් රටටත් ආඩම්බරයකි .ඔබ දෙදෙනාටම ජයෙන් ජය පතමි. (බ)
ඉදිරියේදී මෙයටත් වඩා හොද නිර්මාණ රටට , ලෝකයට ලබාදී ලෝකය ජයගන්න හැකිවේවා කියා ප්‍රාර්ථනය කරනවා (බ)
අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනැගෙයි. එම නිසා ඔයාල වැනි දිරිය පුතුන් අපේ රට ජාතිය ලොවේ ඉහලින් තැබීමට කල කැපවීම අගය කරමි. තව තවත් නව නිර්මාණ කිරීමට ඔබලාට දිරිය ලැබේවා. (අ)
ගමිත සහ නිපුන, ඔබ දෙදෙනා ලංකාවට ලොකු ආඩම්බරයක්. ඔය උපකරණවලට පේටන්ට් අයිතිය ඉක්මනින්ම ලබාගන්න. අනුන්ගේ සොයා ගැනීම් කොපිකරලා, ලෝකෙට ප්‍රකාශ කරන්න දක්ෂ අය ලංකාවේ සහ ඉන්දියාවේ හරියට ඉන්නවා.(රේ)
ලෝකේ දියුණු රටවල් ඉදිරියට ගිහින් තියෙන්නේ මේවගේ පර්යේෂණ හා නව සොයාගැනීම් හරහායි, ඔබල වගේ පුතුන් රටට මහත් ආඩම්බරයක්, සුබ පැතුම්!!! (බ)
ඔබ දෙදෙනාට තවත් මෙවන් නවීන අදහස් පහළ වේවායි අපේ සුබ පැතුම් (බ)
බොහොම සන්තෝසයි පුතේ. ඔයාලට සුබ පැතුම්..(රේ)
ගුරුකුලය යනු දැයේ දරුවන් සතුටින් ශිල්ප කරනා උතුම් පින් බිමකි , වත්මන් විදුහල්පතිතුමාගේ සාර්ථක මගපෙන්වීම යටතේ ගුරුදෙවිවරුන්ගේ අපරිමිත කැපවීම මත ගුරුකුලය දරුවන් දිනනවා නියතයි , සුභ පැතුම් ! (හේ)