මිනිසුන් සහිත යානයක් අඟහරු ග්‍රහලොව වෙත යැවීමේදී ගමනට ගතවන දීර්ඝ කාලය තුළ මොළයේ සෛල වලට හානි සිදුවීමේ අවදානමක් පවතින බව විද්‍යාඥයෝ නවතම අධ්‍යයනයකින් පෙන්වා දෙති. එසේම ග්‍රහලෝක වලින් නිකුත් වන කිරණ වලට නිරාවරණය වීම නිසා සහ අභ්‍යවකාශ යානය තුළ ඇති විවිධ උපකරණ වලින් නිකුත් වන විකිරණ නිසා ඩිමෙන්ෂියා වැනි තත්වයන්ද ඇති විය හැකි බව ඔවුන්ගේ මතයයි.
මේ පිළිබඳ සොයාගෙන ඇත්තේ නිව්යෝර්ක් හි නාසා අභ්‍යාවකාශ විකිරණ පර්යේෂණාගාරය තුළ කැලිෆෝනියා පර්යේෂකයන් පිරිසක් විසින් මීයන් යොදාගෙන සිදු කළ පර්යේෂණයකිනි. අනතුරක් සිදුවීම හෝ මරණයට පත්වීම ගැන ඇතිවන බය සමඟ වර්ධනය වන පීඩාකාරී වාතාවරණයද මෙයට හේතුවක් බව ඔවුන් පවසයි.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විකිරණ විද්‍යා මහාචාර්ය චාල්ස් ලිමොලි පවසන්නේ අවුරුදු දෙක තුනක දීර්ඝ චාරිකාවකට බලාපොරොත්තු තබා සිටින අජටාකාශගාමීන්ට මෙය සුභදායක ආරංචියක් නොවනු ඇති බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හරි සැකයක් තියෙනවා අපේ රටේ බහුතර දේශපාලකයෝ සියල්ලම අභ්‍යවකාශයේ ගිහින් ආ අයද කියා..... (නි)
මේ වගේ ව්‍යාපෘතිය සඳහා පුහුණු කළ යත්තේ ජීවිතය පරදුවට තබා ඒ සඳහා කැපවී මනුෂ්‍ය වර්ගයා හා විද්‍යාව වෙනුවෙන් ඉදිරිපත් වීමයි. (බ)
එ්ක ඇත්ත. මටත් තේරුණා. ගිහිල්ලා ඇවිල්ලා දැන් සුමානයක්. එන සුමානෙත් යනවා. (නි)
නින්ද, ආලෝකයේ ප්‍රවේගයට ආසන්න ප්‍රවේගයක් ලබාගැනීම මේවට විසඳුම් කියලා මට හිතෙනවා. එතකොට අපේ පුද්ගලික බස් එකකින් වගේ ටක් ගාලා ගිහින් එන්න පුළුවන්
ඒකනම් ඇත්ත.(හේ)
හොඳ හොයා ගැනීමක්.(හේ)
ශ්‍රී ලංකාවේ සෑම පුද්ගලයෙකුටම මේ ගමන් සම්පුර්ණයෙන්ම තහනම් කරන්න ඕනෑ. මැදපෙරදිග ගිහින් මැරෙන ලාංකිකයන්ගෙන් පාඩම් ඉගනගත්තා ඇති. (නි)
ශිශිර තාරක නින්ද (කෘතිමව කෙනෙක් දීර්ඝකාලිනව නිද්‍රාවට පත්කිරීම) විද්‍යා ප්‍රබන්ධ වල සුලභ කාරණයක් (නි)
ඒකනෙ මම ඕවයෙ යන්නෙ නැත්තේ...(අ)