ලොව ප්‍රථම වතාවට මවගේත් පියාගේත් ජාන හා පරිත්‍යාගශිලියකුගේ ද ජාන හා මුසුකර සාර්ථක දරු උපතක් සිදුකිරීමට විද්‍යාව සමත් වෙයි.ජෝර්දාන මවගේ ජාන වල ඇති රෝග තත්ත්වය කළලයේ සිටින දරුවාට උරුම නොවීමට ඇමෙරිකාවේ දොස්තරවරු පිරිසක් මෙතෙක් නොවු විරූ ජානමය තාක්ෂණය යොදාගත්හ.
මෙම තාක්ෂණය වෛද්‍ය විද්‍යාවේ නව යුගයක් බිහිවීම සනිටුහන් කරන බවත් දුර්ලබ ජාන හේතු නිසා නිරෝගී දරුවන් බිහිකිරීමේ ප්‍රශ්නයට මුහුණ දී සිටින මව්පියන්ට මෙය පිටුවහලක් වන බවත් විද්‍යාඥයෝ කියති.තුන් දෙනෙකුගේ ජාන සංයෝගයෙන් දරු උපත් සිදුකිරීමේ පරීක්ෂණ 1990දි ඇරැඹිණි.
මෙම ජාන තාක්ෂණය සදහා ‘මයිටකොන්ඩ්‍රියා ක්‍රමය‘ භාවිත කරයි.එහි තේරුම වනුයේ ලොකු සෛලයක් තවත් සෛලයක් සමග සම්බන්ධ වී ආශ්වාස ප්රාශ්වාසය හා ශක්තිය නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ නිරත වීමයි.
ජෝර්දාන් පවුලට ආවේණික වු ‘ලයි සින්ඩ්‍රෝම්‘ රෝගය අනුව සැමියාගෙන් සහ බිරිඳගෙන් පිළිසිඳගන්නා දරුවකු උපතේදීම නැතිවීමට ඇති ඉඩකඩ වැඩි බව විද්‍යාඥයෝ කියති. එම ජෝර්දාන් කතගේ කළලය මිට පෙර සිව් වතාවකදීම ගබ්සා වී ඇත.ඉපදුන දරු දෙදෙනෙක් පිළිවෙලින් මාස අටකදී සහ අවුරුදු හයකදී මියගියහ.‘ලයි සින්ඩ්‍රෝම්‘ යනු ස්නායු සම්බන්ධ බරපතල අබාධයක් බවත් ඇමෙරිකාවේ දරු උපත් 40 000කින් එක් බබකු ඊට ගොදුරු වන බවත් වෛද්‍යවරු කියති.
ඇමෙරිකා වෛද්‍යවරුන් කණ්ඩායම මෙම පර්යේෂණ සදහා මෙක්සිකෝ ගියහ.එසේ ගියේ මෙක්සිකෝවේ එවැනි පර්යේෂණ තහනම් නැති නිසාය.
මවගේ ජාන වලින් නිරෝගී බීජත් පරිත්‍යාගශිලියාගේ සෞඛ්‍යමය බීජයක්ද රැගෙන අනතුරුව පියාගේ ශූක්රාණු සමග සංසේචනය කර මෙම දරු උපත සිදුකළ බව ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ‘නිව්හෝප්‘ වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය ජෝන් ෂෑන් පවසයි.තුන් දෙනෙකු සම්බන්ධ මෙවැනි දරු උපත් සිදුකිරීම සඳහා මහා බ්‍රිතාන්‍යයද නීති පනවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පීරිස්, ධර්මපාල මෙම සොයාගැනීම පටළවාගෙන නැති බව පේනවා. ඔහු කිවුවේ අවුරුදු 2500 කට කලින් ස්වභාව ධර්මයාට විරුද්ධව දේවල් සිදුවන බව එදවස අප බුදුන් වහන්සේ දේශනා කළබවයි. යමක් කීමට කලින් විචාරාත්මකව කිවයුතුයි. එය ඔබටත් අදාළයි. (නි)
තාම පළමුවෙනි උපත සිදු වුණා විතරයිනේ. පරම්පරා දෙක තුනක් යනකොට සුබ අසුබ බලාගන්න පුළුවන් වෙන්නේ නැතැයි... (ර)
මිනිසා මොනවා කරත් ස්වභාව ධර්මයේ නීති වලට යටත්වයි කරන්න වෙන්නේ.(හේ)
බුදු දහම කොතරම් විද්‍යාත්මකද කියන දේ හැම වෙලාවේම හැම දෙයකින්ම ඔප්පු වෙනවා (නි)
කුමුදුනී නිවැරදියි. මේවා දුක හංගන තව පියවරක් පමණයි. මෙහෙම හදාගත්ත ළමයත් පසුව මළොත් මේ දෙමව්පියෝ නැවත විලාප තියයි. එච්චරයි (නි)
ජාන විකුර්ති කලාම ඊට වඩා ලොකු ලෙඩ හැදෙන්නත් ඉඩ තිබෙනවා. සමහරු මෝඩ විදියට අලුත් සොයාගැනීම් හිස්මුදුනින් පිලිගන්නවා. (ර)
දැන් මෙයාගේ ගතිගුණ කාගේ වගේ වෙයිද දන්නේ නැහැ.(බ)
නවීන වෛද්‍ය විද්‍යාවේ සාර්ථක ඉදිරි පියවරක් මිස සොබාදහමට විරුද්ධ කිසිවක් මෙහිදී සිදුනොවේ (නි)
ලෝකය දියුණු වෙනවා නම් මිනිසාට ලෝකයේ තියෙන දුක කෙසේවත් අවබෝධ කරගන්න අවස්ථාවක් නැතිවෙනවා. සැපෙයේ එල්ලිලා ඉන්නවා. එ්ක තමයි බුදුන් දේශනා කළේ. දහම අවබෝධ කරගැනීමේ අවස්ථාව ලෝකේ දියුණුවත් එක්කම විනාශ වෙනවා
එය අප සැමට සුබම සුබ පුවතක් වුවාට සක නැත. හොඳ ප්‍රවෘත්තියක් (අ)
ඔය කියන විදිහට ස්වභාවධර්මය විකෘති වෙන්නේ නැහැ. ස්වභාවධර්මයේ සිදුවන යම් යම් සංකූලතා සුවපත් කිරීමයි මේ සිදු වන්නේ. හුගක් අය ආගම-ධර්මය දන්නෙත් නැහැ. ස්වභාවයේ ධර්මතාවයන් දන්නෙත් නැහැ. (බ)
මෙවැනි සංකීර්ණ ජීව විද්‍යාත්මක සොයාගැනීම් ආගම් එක්ක පටළවාගන්නේ නැතුව විචාරශීලී බුද්ධියකින් බලන්න. (නි)
ඇත්තටම හොඳ සොයාගැනීමක් (නි)
සොබාදම් නියමයන්ට විරුද්ධව යන මෙබඳු ක්‍රියා අනාගතයේදී සිදුවිය හැකි බව කොසොල් රජතුමා දුටු සිහින අනුසාරයෙන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කළේ මීට අවුරුදු 2500 කටත් කලින්. (නි)
සුබ පැතුම්! (නි)
අන්තිමට විද්‍යා ප්‍රබන්ධ වල සුපිරි මිනිසුන් බිහිවීමේ පෙරනිමිති තමා. (නි)
මේක ජීව විද්‍යාත්මක විකෘතියක්.(ම)
මේක අර අහවල් තැන, අහවල් කෙනා මීටකලින් කියලා තියනවා කියලා දැන් සමහරු කියාවි. නමුත් මේක විද්‍යාවේ ඉදිරි පිම්මක්. මේවා මනුෂ්‍ය සාරධර්මත් එක්ක නොගැටෙන විදියට කළමනාකරණය කරගන්න එක මිනිසුන්ගේම වගකීමක්. මේ වගේ පුවත් පළකරන හැමදෙනාටම ස්තුතියි! (නි)