වවුලකු වැනි නව ඩයිනෝසර් විශේෂයක් සොයාගත් බව චීන විද්‍යාඥයෝ කණ්ඩායමක් කියති. එය ඩයිනෝසරයන් පක්ෂීන් දක්වා පරිනාමය වීම සම්බන්ධ හොඳ සාක්ෂියක් බව ද පර්යේෂකයන් පවසයි.
චීනයේ හෙබේ ප්‍රදේශයේන අදින් වසර දහයකට පමණ පෙරාතුව සොයාගත් ඩියනෝසර් පොසිල අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ නිකුත්කැර ඇති වාර්තාවේ මේ කරුණු දක්වා ඇත. පර්යේෂකයන් පවසන්නේ ඔවුන්ට හමුවූ ඩයිනෝසරයා අදින් වසර කෝටි 16ට පමණ පෙරාතුව මිහිමත සැරිසරා ඇති බවයි.
පිහාටු නොමැති නමුත් ඉදිරි ගාත්රා හා සිරුර අතර වවුලකුගේ මෙන් සියුම් පටලයක් තිබූ මේ ඩයිනෝසරයා ඒ ආදාරයෙන් පියාඹා යන්නට ඇති බව ද පර්යේෂකයෝ කියති. පාෂාණිභූත විද්‍යාඥ ෂූ ෂිංග් පවසන්නේ මේ ආදි කාලීන සත්ත්වයා පයැඹීමේ හැකියාව පෙන්වුව ද එය එතරම් සාර්ථක නොවන්නට ඇති බවයි.
මේ සත්ත්වයාගේ බර ග්‍රෑම් 230ක් පමණ බවත් සෙන්ටිමීටර 63ක් පමණ දැගැති බවත් පර්යේෂකයන්ගේ මතයයි.
කෙසේ වෙතත් පක්ෂියකු මෙන් පියඹා ගිය මේ සත්ත්වයා ඉක්මණින්ම නෂ්ඨ වි යන්නට ඇතැයි ද ඔවුහු කියති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටන් ගැනීමක් අවසානයක් කියලා දෙකක් නෑ. මේ මොහොත කියලා එකක් විතරයි තියෙන්නේ. සිදුවීම් මොලය මත අත්දැකීම් වශයෙන් කාවදින නිසා අපට හැඟෙන්නේ අතීතයක් බිහිවන බවකුත් සහ අනාගතයක් පැමිනෙමින් තිබෙන බවකුත්. කාලය කියන්නෙ මොකක්ද කියලා අවුරුදු සිය ගණනක් ජීවත් වුන කෙනෙක්ගෙන් ඇහුවත් උත්තර දෙන්න බෑ. නමුත් පිළිතුර තියෙනවා ඉහත විග්රහයේ. පුළුවන් අය අවබෝධ කරගන්න.(හේ)
හිරන්ත නම් මට පෙන්නේ තම්ම්බියෙක් වගේයි (ම)
මේ සංවාදය දිගටම ගෙනියන්න නවත්වන්නේ නැතුව. හරවත් කරුණු ගොඩක් ඉදිරිපත් වෙනවා. ඒක ආගම් බේදයකින් තොරව කථිකා කරන එක හරි (නි)
එතකොට කවුද දෙවියන් මැවුවේ මේකට උත්තරේ දෙන කෙනාට හිතන්න බැරිද එහෙනම් ලෝකයන් ඒ විධියට තමයි ආරම්භ වෙන්න ඇත්තේ කියල තමන් කරපු පවු කරල අනික් අයව ලව්ව යවා ගන්න පුලුවන්නම් මේ ලෝකෙ කවදාවත් සුමගෙ යන්නේ නෑ අපි වෙනුවෙන් අනුන් දුක් විදින්නේ නෑ (බ)
මම නම් හිතන්නේ අපේ හිටපු පැරණි මිනිසුන්ට ස්වභාවික දේවල් හරියට විස්තර කරන්න බැරිවෙන තැනට දෙවියන්ව එකතුකර ගත්තා. ඉතින් කාලයක් යනකොට මිනිසුන්ට ඒක මොළයෙන් දුරස්කරන්න බැරිවෙලා හැම දෙයක්ම දෙවියන්ට භාරකර තිබුනා. බලන්න අපේ පැරැන්ණෝ විදුලිය කොටනකොට කියන්නේ දෙවියන් කෝපවෙලා කියලා. ඒගොල්ලෝ හරියට විද්‍යානුකූලව විග්රහ කරන්න දන්නේ නැති නිසා (නි)
ලෝකය යනු ඇතිවෙමින් නැවත නැතිවෙමින් නැවතත් ඇතිවෙමින් චක්රාකාරව ගමයන් කරන්නක්. මේ ගැන බුදු දහමේ විග්‍රහය දැනගැනීමට අවශ්‍ය නම් අභිධර්මයේ සක්වල විභංගය කියවන්න. එහි කාල පරිමාණ සහිතව ලොව පැවැත්ම පැහැදිලි කරනවා. බුදු දහම මැවුම්වාදය ප්‍රතික්ෂේප කරනවා. බුදුදහම විද්‍යාවෙන් මනින්න යන්න එපා. උප්පාදතිථි භංග යන න්‍යාය තුළ ලොව ඇති භෞතික වස්තුවල පැවැත්ම පැහැදිලිවම සක්වල විභංගයේදී දේශනා කොට ඇත.(නි)
ලෝකය දෙවියන් මැව්වේ යහපත් ලෙසයි. නමුත් මුල් මිනිස් යුවළගේ අකීකරුකමටයි ලෝකය මෙහෙම වුණේ. (නි)
අද අපිට පෙනෙන හැමදේම ඉබේම ඇතිවුණා කියලා විශ්වාස නොකරන අය ලෝකය ඉබේම ඇති වුණා කියලා සිතීම මෝඩ තර්කයක්. ලෝකය කියන්නේ සර්වබලධාරී දෙවියන් වහන්සේගේම නිර්මාණයක්. නාසා එකේ විද්යාඥයින්ටම පරීක්ෂණ කරද්දී මේ ලෝකය මැවිමක් කියලා තේරුණ බවට ගොඩක් උදාහරණ තියනවා. ඔයාලා බලන්න. සත්‍ය සොයන්න. සත්‍ය ඔබව නිදහස් කරාවි (නි)
හොඳ සොයාගැනීමක් (නි)
ආගම් සම්බන්ධ තර්ක හොඳ නැහැ. ඒත් මම හිතන්නෙ ලෝකය දෙවියන් මැවුවා කියලා කියන්නෙ නොදියුණු මනසක් ඇති අය. ඇයි ඒ දෙවියන් මේ ලෝකය අසාධාරණ විදියට මැවුවෙ? එතකොට ඒ දෙවියන් ආවෙ කොහෙන්ද? ඒ දෙවියනුත් මවපු කෙනෙක් ඉන්නවද? ඔප්පු කරන්න බැරි පදනමක් නැති දේවල් නොකියා ඉමුද?? (නි)
මෙවැනි හරවත් සංවාදයකට එකතුවීම සතුටට කරුණක්.සැමට ස්තුතියි.වල්පල් ලියන අයටත් හොඳ උදාහරණයක් (නි)
දෙවියන් වහන්සේ මේ ලෝකය මැවුවේ කවද්ද? දන්නා කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්නකෝ.(බ)
ලෝකයේ කොහේ හෝ ස්වයං පටන් ගෙනිමක් තිබිය යුතුමයි.... සියල්ලේ පටන් ගෙන්නිම දෙවියන් වහන්සේම පමණි.(ම)
හිතා ගන්න අමාරුයි.(හේ)
මැවීම් ..ඇදහීම් ...සිතුවිලි ..වගේ දේ ස්ථිර කල හැකි පර්යේෂණ පැවැත්වීම අනිවාර්යයෙන් කළ යුතුයි ..ඉන් පසුව කරුණු සහිතව විස්වාසයට ගත හැකියි . (හේ)
මේ ලෝකය ඇති වුනේ අවුරුදු බිලියන 4.5 කට විතර ඉහත කියල කියන්ඩ සාක්ෂි ඕනේ හැටිය තියෙනවා. ඊට පස්සේ ඩයිනසොර් ලා ඇති වුනේ වසර මිලියන 250 කට විතර ඉස්සර කියලත් හොයාගන තියෙනවා. ක්‍රිටේසියස් යුගය විදිහට අඳුන්වන වසර මිලියන 65 කට පෙර කාලය තුල අස්ටරෝයිඩයක් මගින් සියලුම ඩයිනසොර් ලා විනාස වුන බවටත් සාක්කි තියෙනවා. මේ සතා වසර මිලියන 160 කට ඉස්සර හිටියා කියන්නේ ජුරාසික් යුගයේ ඉඳලා තියෙන්නේ. (අ)
මේ ලෝකයේ පටන් ගත්තු කෙළවරක් සොයන්ට බෑ-මේකයි බුදු රජාණන් වහසේගේ අනුශාසනාව.(හේ)
මේ ලෝකය දෙවි කෙනෙකු විසින් මවන ලද්දක් නොවෙයි.(හේ)
පරිණාම වාදයේ පියා ලෙස සැලකෙන චාර්ල්ස් ඩාවින් ගෙන් ටමි මේ ගැන අහන්න වෙන්නේ.(හේ)
එතකොට හිරන්ත දෙවියන්ව මැවුවේ කව්ද? මැවුම්වාදයේ අවසානය කොතනද ? අද විද්‍යාඥයින් හිරවී සිටින්නේ එතන.(නදී)
හිරන්ත, ආගමත් විද්‍යාවත් එකට පැහැදිලි කරන්න තරම් දැනුමක් කාටවත් නැත. විද්‍යාව සාක්ෂි පදනම් කරගෙන කරුණු පැහැදිලි කරන අතර ආගම විශ්වාසය මත පදනම් වී ඇත. ඕනෑම කෙනෙකුට තමන් කැමති දෙයක් විශ්වාස කරන්න නිදහසක් ඇත. දෙවියන් වහන්සේ මේ ලෝකය මැවුවේ ලෝකය ආරම්භයේදී බව ආගමට අනුව විශ්වාස කරන අතර ඔබ කැමති නම් එසේ විශ්වාස කරන්න. (නි)