ලෝකයේ මානවයන් විසින් ගල් ආයුධ සෑදූ යුගය අද සිතා සිටිනවාට වඩා බොහෝ ඈතට දිවයන බව පර්යේෂකයෝ කියති. කෙන්යාවේ ටර්කානා වැව් ඉවුරේ කරණ ලද කැණීමකින් අදින් වසර තිස්තුන් ලක්ෂයකට පෙර සාදන ලද ගල් ආයුධ හමුවීම හේතුවෙනි.
එම ගල් ආයුධ මෙතෙක් සොයාගෙන තිබූ පැරණිතම ගල් ආයුධවලට වඩා වසර ලක්ෂ හතක් පැරණිය.
මෙම සොයා ගැනීම නේචර් නැමැති සඟරාවේ පලකර තිබේ. එම සඟරාව යෝජනා කර සිටින්නේ වඩාත් පැරණි මානව විශේෂ එනම් ඔස්ට්රලොපිතිකස්, ඇෆරෙන්සිස්, හෝ කෙන්යන්ත්රොපස් ප්ලැට්යොප්ස් මෙතෙක් සිතා සිටියාට වඩා පරිණත වූ බුද්ධියකින් යුතු මානව විශේෂ විය හැකි බවයි.
නෙදර්ලන්තයේ ලෙයිඩන් විශ්ව විද්‍යාලයේ සහ ප්‍රංශයේ ජාතික විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථානයේ ආචාර්ය නික් ටේලර් පවසන්නේ මේවා මීට කලින් හමුවු මානවයාගේ කවර ආකාරයේ වූ ආයුධ සියල්ලටම වඩා පැරණි බවයි.
හමුවූ අති පෞරාණික ශෛල්‍යමය භාණ්ඩ අතර විශාල ගල්තලා වලින් කඩා සැකසු තියුනු ගල් පෙති ඇත. මේවා යමක් කපා ගැනීමට පාවිච්චි කර ඇත.
කිණිහිර සහ ගල්මිටි ලෙස යොදා ගත් ආයුධ ද සොයාගෙන ඇති අතර ඒවා තරමක් විශාල බව ද පර්යේෂකයෝ කියති.
ආචාර්ය ටේලර් මාධ්‍යයට පවසා ඇත්තේ විශාලම මෙවලම කිලෝ ග්‍රෑම් 15 ක බරින් යුත් බවයි.
මෙම සොයා ගැනීම තෙක් ලෝකයේ වඩාත්ම පැරණි ගල් මෙවලම් වශයෙන් සැලකුවේ ටැන්සානියාවෙන් හමුවූ වසර ලක්ෂ 26ක් පැරණි ගල් මෙවලම්ය. ඒවා හෝමෝ හැබිලිස් විසින් භාවිතා කරන්නට ඇතැයි සැළකිණි.
එසේ වුව ද අලුතෙන් සොයාගත් වසර ලක්ෂ 33ක් පැරණි මෙවලම් කවර මානවයකු විසින් භාවිතා කරණ ලද්දේ ද යන්න නිශ්චිත නැත.
ලන්ඩන්හි පුරාවිද්‍යා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඉග්නසියෝ ඩි ලා ටොරි පවසා ඇත්තේ පසුගිය දශක පහක කාලයේ දී කරණ ලද හොඳම සොයා ගැනීම මෙය බවයි.
පුරාවිද්‍යාඥයන් පවසන්නේ ඔස්ටලෝපිතිකස් මානවයා හෝමෝ හැබිලිස්ට පෙර ගල් ආයුධ සාදන්නට අවශ්‍ය හැකියාවෙන් හා ඥාන ශක්තියෙන් යුතුව සිට ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මට කියන්නකෝ, දෙවියන් වහන්සේ මේ ලෝකය මැවුවේ කවදාද කියලා.එතුමා ලෝකය මවලා පසුව මිනිසා මැවුවද, නැත්නම් පරිණාමය වෙන්න වානරයෝ මැවුවද? මට නම් හිතාගන්නවත් බැහැ (නි)
අපි ආපසු ගල් යුගයට යනවා නේද (බ)
ඒ කාලේ දෙවියොත් ප්‍රාථමික තත්වයේ ඉදල තියෙන්නේ නැත්නම් ඔය වගේ ආයුධ හදන්න කියලා දේවිද? (ර)
දෙවියො මිනිසසු මවලා නෝවා කියලා කෙනෙක්ට නැවක් හදන හැටි කියලා දුන්නලු. ලෝකෙ ඉන්න සෑම සත්වයෙක්ගේම ජෝඩුව ගානෙ දාන්න පුළුවන් එකක්.අනේ මන්දා! ඊටත් පස්සෙ තමයි මේ ගල් යුගය බිහිවෙලා තියෙන්නේ. දෙවියෝ ලෝකය මැවුවද නැත්තම් කවුරුහරි කෙනෙක් දෙවියක් කියලා කෙනෙක් මැවුවද දන්නේ නැහැ (නි)
දෙවියෝ කෙරපු කෙහෙල් මලක් නෑ. බොරු බහුබූත නැතිව ටිකක් බුද්ධියෙන් හිතමු. (බ)
දෙවිවරු ලෝකය මැව්වෙ රොටියක් වාගෙ තැටියක් විදියටලු. සමහරු තාම ඒක ඇත්ත කියලා විශ්වාස කරනවා (නි)
දෙවියන් වහන්සේ කියන්නේ ජීවත් වෙන මනුස්සයන්ගේ මෙන්ටල් ප්‍රොජෙක්ෂන් එකක්. එ්ක මතුවෙන්නේ විශ්වාසය තුළින්. ප්‍රශ්නේ තියෙන්නේ විශ්වාස තුළින් සත්‍ය දකින්න බැරිකමයි. අපිට සත්‍ය දකින්න පුළුවන් දෙයක් තමා අවශ්‍ය වෙන්නේ. (බ)
මිනිසා විසින් දෙවියන් මවන ලදී (බ)
මිනිසා විසින් දෙවියන් මවන ලදී ජුදෙව්වන්ගේ තොර එ්කනේ ඔය පැරණි ගිවිසුම කියන්නේ එයාලට එ්ක හම්බවෙලා අවුරුදු 5000 ලු ඉතින් පෘතුවියේ වයස 5000 ද ? (බ)
බුදු දහමට අනුව ගල් යුගයක් නොවේ. මිනිසා පැවත එන්නේ වානරයාගෙන් නොවෙය . (ම)
බුද්ධිමත්ව සිතුවොත් වටහා ගත හැකියි. (ර)
හොඳයි...